
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පාදෙණිය අනුරාධපුර මාර්ගයේ ,පහළ බළල්ල දේවාල හංදිය ප්‍රදේශයේදී ඊයේ රාත්‍රීයේ මාර්ගයේ ධාවනය වූ කැබ් රථයක ගැටීමෙන්, මාර්ගය හරහා ගමන් ගත් මවක සහ කුඩා දරුවෙකු මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
අනතුරින් මියගොස් ඇත්තේ බළල්ල,පහල බලල්ල පදිංචිව සිටි වයස අවුරුදු 32 ක මවක හා වයස අවුරුදු තුනහමාරක පිරිමි දරුවෙකි.
එම කැබ් රථයෙහි 11දෙනෙකු ගමන් ගෙන ඇතැයි අනාවරණය වී ඇත.
අනතුර සම්බන්ධයෙන් කැබ් රථයේ ගමන් ගත් පුද්ගලයන් 8දෙනෙකු මහව පොලීසියෙන් අත්අඩංගුවට ගෙන ඇත. රියදුරු සහ තවත් දෙදෙනෙකු පළාගොස් ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ සියලුම කහ ඉරි වලට ඉදිරියෙන් මාර්ග බාධකයක් එකක් දැමිය යුතුයි. කහ ඉරිවල අනතුරු අඩුකරන ඉතාමත්ම සාර්ථක ක්‍රියාමාර්ගයක් මේක. සෑම රටකම දැනට භාවිතා කරන දෙයක්. මෙය බලධාරීන්ගේ අවධානයට.
මම දන්නේ නැති නිසා අහන්නේ. වාහන අනතුරක් උනොත් එකේ ගිය අයත් වැරදි කාරයෝ වෙනවද?
බීලා ගියොත් වෙනවා.