(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
මස්කෙළිය, මාවුස්සාකැලේ ජලාශයේ පාවෙමින් තිබූ තරුණියකගේ මළ සිරුරක් මස්කෙළිය පොලීසිය මගින් අද (04) සොයාගෙන ඇත.
එම සිරුර දින තුනක් තිස්සේ නිවසින් අතුරුදන්ව සිට ඇති බව කියන මස්කෙළිය, ග්ලෙන්ටිල්ට් තේ වතුයායේ පදිංචිව සිටි 16 හැවිරිදි සෞන්දර්රාජ් ගීතලා නැමති අයගේ බවට ඇගේ දෙමව්පියන් විසින් හඳුනාගෙන ඇත.
මෙම තරුණිය අතුරුදන්ව ඇති බවට ඇගේ මවිපියන් විසින් මස්කෙළිය පොලීසියට පැමිණිළි කළ බව ඥාතීහූ පවසති.
මෙම තරුණිය මස්කෙළිය ශාන්ත ජෝෂප් දෙමළ මහා විද්‍යාලයේ ඉකුත් වසරේ දෙසැම්බර් මස අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට ප්‍රථිපල අපේක්ෂාවෙන් සිට ඇත.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd