





(රංජිත් රාජපක්ෂ)
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට නිසි කලට වැසි නොලැබීම සහ තවදුරටත් පවතින අධික වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල ධාරිතාව අද (9) තවදුරටත් පහළ බැස ඇති බව විදුලි බල මණ්ඩලය පවසයි.
මවුස්සාකැලේ ජලාශයේ සම්පුර්ණ ජල ධාරිතාව අක්කර අඩි 9300 ක් වන අතර එම ජල ධාරිතාව මේ වන විට අක්කර අඩි 39.5 දක්වා (26.7%) පහළ බැස තිබේ.
කාසල්රි ජලාශයේ සමස්ත ජල ධාරිතාව අක්කර අඩි 19,100 බවත් එය මේ වන විට අක්කර අඩි 114 (26.6) දක්වා පහළ බැස ඇති බව විදුලි බල මණ්ඩලය සඳහන් කරයි.
එම ජලාශ දෙකේම ජල ධාරිතාව පහළ බැස ඇති නිසා ජලාශ ඉදි කිරිමේදි යට වූ දුපත් සහ නටබුන් රැසක් මේ වන විට එම ජලාශවල රොන් මඩු තට්ටුව තුළ මල් වර්ග ද පිපි තිබේ.
කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල දැනට තිබෙන ජල ධාරිතාව විමලසුරෙන්ද්‍ර, ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය, කැනියොන් යන ජල විදුලි බලාගාරවල විදුලි උත්පාදනයට ජලය නිකුත් කර ඉදිරියේදි තවදුරටත් වියළි කාලගුණ තත්ත්වය පැවතියහොත් එම ජලාශ දෙකේ ඉතිරිවන ජල ධාරිතාව පානීය ජලය සඳහා තැන්පත් කර ගත යුතු බවද විදුලි බල මණ්ඩලයේ නිලධාරියෙක් පැවසීය.
COMMENTS
තව කැලේ කපලා හේන් වවලා, ගෙවල් හදලා හෝටල් හදලා, සංචාරක ව්‍යාපාරය දියුණු කරලා ඉන්දියාවෙන් වතුර ගේමු. සියලුම වැව් ජලාශ රොන්මඩින් වැසී ඇත. ඒවා නිසි පරිමාවන්ට යලි පිරවීමට රජයට හෝ විපක්ෂයට හෝ උදේ හවස පාරේ කෑගහන්න කිසිම පක්ෂයකට වුවමනාවක් නැත. නමුත් ඔවුන්ට යන්න නවීන වාහන ගන්න කෝටි ප්‍රකෝටි ගණන් ඇස්තමේන්තු හදා පාස්කර ගැනීමට මහඑකාගේ සිට පොඩිඑකා දක්වා බොහොම උනන්දුයි. එදා ජලය අක්කර අඩි 150000ක් පුරවපු වැව අද අක්කර අඩි 50000 වත් පිරෙන්නේ නැත. ඒවා නඩත්තුවට මුදල් නැත. ගොවියාට වස බොන්න සිදුවී තිබේ. රටට හෝ ජනතාවට කිසිම වැඩක් නැති කලකන්නින්ගේ එක සැසියක් පවත්වන්නට කෝටි 3ක් වියදම් කළ හැකිය. මොවුන්ට ලෝකේවටේ සවාරි යන්න මුදල් තිබේ... හෙන හතම ගහන්න ඕනේ උපදින ආත්මයක් ගානේ...
ඉස්සර මෙම රූප දැක්කේ බොහෝ කලකට පස්සේ... දැන් මේ රූප අවුරුද්දෙන් අවුරුද්දට දකින්න ලැබෙනවා.
අක්කර අඩි 9300 ක් අක්කර අඩි 39.5 දක්වා අඩු වුනාම 26.7%, අක්කර අඩි 19,100 අක්කර අඩි 114 දක්වා අඩු වුනාම 26.6% වෙන්නේ කොහොමද කියල කවුරු හරි මට කියල දෙනවද?
අක්කර අඩි 9300ක් අක්කර අඩි 39.5 දක්වා අඩුවුණාම 26.7%, වන්නේ නැහැ. අක්කර අඩි 19,100 අක්කර අඩි 114 දක්වා අඩු වුණාම 26.6% වන්නේ නැහැ. එ්ක ඕනෙම කෙනෙකුට තේරෙනවා. හැබැයි මේ දත්ත මට හැඟෙන විදිහට මුළු ජල ධාරිතාවයෙන් ප්‍රතිශතයක් ලෙස ගත් කළ අක්කර අඩි 9300ක් අක්කර අඩි 39.5ක් දක්වා අඩු වුණාම 0.4247% අක්කර අඩි 19,100 අක්කර අඩි 114 දක්වා අඩු වුනාම 0.5968% මෙයාලා කියල තියෙන්නේ දැනට මාස කීපයකට පෙර පැවතුණු ජල ධාරිතාවයෙන් සිට මේ දක්වා අඩුවෙලා තියන පරිමා ප්‍රතිශතය.. හැබැයි මේ දත්ත එහෙම නෙවේ කියනවා නම් මේ දත්ත හදලා තියෙන්නේ නගර සභා නෝනා එක්ක එක පන්තියේ උන්නු කෙනෙක්... අපි බලමු කොයිකද හරි කියලා...