IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


මාවනැල්ලේ බස් රථ අනතුරකින් එක් අයෙකු මරුට 35ක් රෝහලේ

(සමන් විජය බණ්ඩාර)

අක්කරෙයිපත්තුව අට්ටාලචේන ප‍්‍රදේශයේ සිට කොළඹ දෙසට ධාවනය වූ බස් රථයක් මාවනැල්ල පහළ කඩුගන්නාව ඉපැරණි අම්බලම ප‍්‍රදේශයේදී අනතුරකට ලක් වීමෙන් එක් අයෙකු මිය ගොස් 35 දෙනෙකුට ආසන්න පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බව මාවනැල්ල පොලිසිය පවසයි.

මෙම සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ අක්කරෙයිපත්තුව ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි බස් රථයේ සහයකයා බව පොලිසිය කියයි.

අනතුරෙන් රෝහල් ගත කර ඇත්තේ අක්කරෙයිපත්තුව අට්ටාලචේන ප‍්‍රදේශයේ ගුරු විද්‍යාලයක ඉගෙනුම ලබන සිසුන් 33 දෙනෙකි.

බස් රථයේ රියදුරුට වේගය පාලනය කර ගැනීමට නොහැකිවීමෙන් බස් රථය මාර්ගයේ පෙරලී ගොස් මෙම අනතුර සිදුවී ඇති බව මාවනැල්ල පොලිසිය කියයි.

බස් රථය අනතුරට ලක් වන අවස්ථාවේ එහි සිසුන් 54 දෙනෙකු සිට ඇති බවත් ඔවුන් අවුරුදු 22 හා 23 න වයස් කාණ්ඩවල පසුවන අය බවත් මෙම සිසුන් පිරිස අලුත්ගම ප්‍රදේශයේ අධ්‍යාපන චාරිකාවක් සඳහා යමින් සිටියදී මෙලෙස අනතුරට පත්ව ඇති බවත් පොලිසිය කියයි.

බස් රථයේ ගමන් ගත් 54 දෙනාගෙන් සිව් දෙනෙකු සිසුන් වන අතර අනෙකුත් සියලු දෙනා සිසුවියන් වන බවද පොලිසිය පවසයි.

 

 



අදහස් (1)

මාවනැල්ලේ බස් රථ අනතුරකින් එක් අයෙකු මරුට 35ක් රෝහලේ

prabha Tuesday, 05 March 2019 11:31 PM

අනිත් පැත්තේ හෙලට ගියානම්?

:       3       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 699 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site