(සමන් විජය බණ්ඩාර)
හෙම්මාතගම පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා කරන ලද මාවනැල්ල ප්රාදේශීය සභාවේ හිටපු (ශ‍්‍රීලනිප) සභාපතිවරයාට මාස 6 ක බරපතල වැඩසහිතව සිරදඬුවම් නියම කිරීමට මාවනැල්ල මහෙස්ත‍්‍රාත් අධිකරණයේ මහෙස්ත‍්‍රාත් උපුල් රාජකරුණා මහතා අද (15) නියෝග කළේය.
මෙලෙස සිර දඬුවම් නියම වුයේ අරණායක, හෙම්මාතගම ලිපිනයේ පදිංචි පී.පී. වික‍්‍රමසිංහ මහතාටය. 2011 නොවැම්බර් 07 වැනිදා බලපත‍්‍ර නොමැති සිය නිවස පිටුපස ජංගම ලී මෝලක් පවත්වාගෙන යන බව පොලිසියට ලැබුණු තොරතුරකට අනුව අදාළ ස්ථාන පරීක්ෂාවට ගිය පොලිස් නිලධාරීන් බිය ගන්වා සභාපතිවරයා ඔවුන්ට බැණ වැදී ඇත.
ඒ අනුව එම සභාපතිවරයා ඇතුලූ දැව කඳන් අත්අඩංගුවට ගැනීමට එවක සිටි හෙම්මාතගම පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුලූ තවත් නිලධාරින් පිරිසක් එම ස්ථානයට ගිය අවස්ථාවේ සභාපතිවරයා විරෝධතාවයක් දක්වා තිබිණි. පසුව පොලිස් ස්ථානාධිපතිවරයා අරණායක සහ මාවනැල්ල පොලිසියේ නිලධාරින් පිරිසක් ගෙන්වා සභාපති, සේවකයන්, දැව කඳන් අත්අඩංගුවට ගත්තේය. පසුව හිටපු සභාපතිවරයාට ඔහු සමග සේවය කරන ලද සේවකයන් තිදෙනෙකුට පොලිසිය විසින් නිතීමය පියවර ගැනීමට හෙම්මාතගම පොලිසිය කටයුතු කරන ලදි.
නිතීය ක‍්‍රියාත්මක කරමින් පොලිස් රාජකාරියට බාධා කිරීම, රජයේ සේවකයෙකුට සාපරාධී බලහත්කාරකම් පෑම මෙන්ම සපරාධී බිය ගැන්වීම් යනාදී ක‍්‍රියාවන් වෙනුවෙන් නඩු පවරා තිබිණි.
එම නඩුව මේ වන තෙක් වාර කිහිපයක් මාවනැල්ල දිසා මහෙස්ත‍්‍රාත් අධිකරණයේ විභාග වු අතර අද ඊට නඩු තීන්දුව ලබා දෙමින් හිටපු සභාපතිවරයාට මාස 6 ක සිර දඬුවම් ලබා දීමට මාවනැල්ල මහෙස්ත‍්‍රාත් අධිකරණයේ මහෙස්ත‍්‍රාත් උපුල් රාජකරුණා මහතා නියෝග කළේය.
ඔහු සමග එම ජංගම ලී මෝලේ සේවය කරන ලද ඉතිරි තිදෙනාට රුපියල් 10,000 දඩ මුදලක් ද නියම කෙරිණි.
මෙම නඩුව අද දිනයේ විභායට ගත් අවස්ථාවේ හෙම්මාතගම පොලිසිය වෙනුවෙන් හෙම්මාතගම පොලිසියේ පොලිස් ස්ථානාධිපති මෙෂාන් ඉන්දුක ද සිල්වා මහතා ඇතුලූ නිලධාරීහු කණ්ඩායමක් පෙනී සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිතිය අවනීතිය කරගෙන සමාජයට පිළිලයක් වූ මෙවන් අයට මෙසේ දඩුවම් දීම පිලිබදව අප ගරු අධිකරණයට හිස නමා අපගේ අචාර්ය පුදකරන්නෙමු. සියලුම පක්ෂවල සිටින මි හරකුන්ට මෙය හොද පාඩමක් වේවා !! රතුද කොළද නිල්ද, පක්ෂය මොකක් වුවද වැරද්ද වැරැද්ද ලෙස විවේචනය කිරීමට පෙළ ගැසෙමු. එක එක ගොන් පක්ෂ බදාගෙන මහජන මුදලින් වැටුප් ලබන උසස් නිලධාරීන් යයි කියාගන්න කුඩැල්ලනටත් මෙය ආදර්ශයක් වේවා !!
මේ දේශපාලුවා හිතන් ඉන්න ඇති එයා නීතියට වැඩිය උඩින් ඉන්නේ කියලා. ආපහු මෙවැනි අයව පත්කරලා යැවුවොත් එම පළාතේ ඉන්නේ මන්ද බුද්ධිකයින් බව සෙසු අයට වැටහෙනු ඇත. සාමාන්‍ය ජනතාවට තම ජිවිතවලට තර්ජනය වෙයි හැඟෙන කොස් ගසක් කපාගන්නත් අවසර පතක් ගතයුතු බව නොදැනද ගෙදර ලී මෝලක්ම දාගෙන තියෙන්නේ.
මේ හාල්මැස්සෝ. පුලුවන්නම් දාන්නකෝ තෝරෙක් මෝරෙක් නැතිනම් කෙලවල්ලෙක් කුඩුවට..
රවින්ද්‍ර හා රවීන් ගේ අදහස් වලට dislike දමපු අයගේ අදහස් මොන වගේ විය හැකිද