(රංජන් කස්තුරි)

මාවනැල්ල මෙඩේරිගම විදුහලේ දෙමාපියන්  පිරිසක් එම විදුහල ඉදිරිපිට අද (3) උද්ඝෝෂණයක නිරතව සිටියදී මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ උපසභාපතිවරයා දෙමාපියන්ට බැණ තර්ජනය කර බලහත්කාරයෙන් පාසල් පරිශ්‍රයට ඇතුළුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලමින් ගුරු-විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.