(අධිකාරි මුදියන්සේ)
කාන්තාවන්ගේ රන් ආභරණ හා අත්බෑග කොල්ල කා පළාගිය පරිගණක මෘදුකාංග ඉන්ජිනේරුවරයකු අත්අඩංගුවට ගත් බව පොල්ගහවෙල පොලිසියේ අපරාධ අංශය පවසයි.
කොළඹ කොටුවේ සිට යාපනය දක්වා ධාවනය වු දුම්රියක ගමන් ගත් කාන්තාවකගේ රන් ආභරණ තිබූ අත්බෑගය පොල්ගහවෙල දුම්රිය ස්ථානය ආසන්නයේ දී කොල්ලකෑ බවට එම කාන්තාවක පොලිසියට කළ පැමිණිල්ලකට අනුව අපරාධ අංශයේ නිලධාරීන් කළ විමර්ශයකින් පසු සොරකම් කරන ලද අත්බෑගය හා රුපියල් ලක්ෂ 207000 පමණ වටිනා රන් ආභරණ හා ජංගම දුරකථන දෙකක් සන්තකයේ තබාගෙන සිටියදී සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීමේ දි අනාවරණය කරගෙන ඇත්තේ ඔහු කලක පටන් පිටකොටුව බස් නැවතුම්පොළේ හා විවිධ ප්‍රදේශ වල කාන්තාවන්ගේ අත්බෑග හා රන් ආභරණ සොරාගෙන ඒවා උකස්කර මත්කුඩු පානය කරන බවත් තමන් පරිගණක මෘදුකාංග ඉන්ජිනේරුවරයකු වශයෙන් කටයුතු කර ඇති බවයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තම වෘත්තියට කැළලක් කළ මෙම නිවටයාගේ නම ගම වතගොත ඡායාරුප ද සමඟ පල කිරීමට සියලුම මාධ්‍ය ආයතන වලට ශක්තිය මෙන්ම බිය දුරු වේවා...
ඔය වැඩේම කෝච්චියේ කරපු මිනිස්සු මාල අයිතිකාරයින්ගේ කරපිටින් ගිහින් දැන් හරි ජයට ජීවත්වෙනවා.
මෙයින් තවත් පෙන්නන්නෙ රට වැටිලා තියෙන අගාධයකට තරම. මුන් මත් කුඩූ පාලනය කරන පාටක් නෑ, කොහොම හරි රට පාලනය කළ සැට් දෙකේම මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධ කියන දේශපාලකයෝ හිටියා ලූ නේ. දැන් ඉතිං රට වීනාස වෙලා, එහෙන් මත්ද්‍රව්‍ය තව හැම එකාම පිස්තෝලය සංස්කෘතිය, අරහෙන් බීගෙන කුනුහරුප කියාගෙන ජඩ වැඩ කරන බුදු දහම විනාශ කර චිවර කාරයෝ. අනේ මගේ රට ඉවරයි..
මේ මාල කඩපු මිනිහා අනාගතයේ මේ රටේ කැබිනට් ඇමැතිකෙනක් වෙනවා
ඔහු මෘදුකාංග ඉංජිනේරුවෙක් බව කියන්නේ ඔහු කියූ නිසාද? විශ්වාස කටයුතු මාර්ගයකින් දැනගෙනද? හොරෙක් කී පලියට කියනවා නම් එය බලවත් වරදක්...