මැලේසියාවේ නව රජු ලෙස අබ්දුල්ලා සුල්තාන් අහමද් ෂා මහතා ක්වාලාලාම්පූර් හි ජාතික මන්දිරයේ දී අද (31) සිය ධූරයේ වැඩ ආරම්භ කළේය.
59 හැවිරිදි වියේ පසුවන ඔහු මැලේසියාවේ 16 වැනි රජු ලෙස ඔටුනු පැළදිනු ලැබුවේය.
සාම්ප්‍රදායික නිල් පැහැති ඇඳුමකින් ඔහු සැරසී සිටියේය. ඔහුගේ බිරිඳ වන අසීසා අමීනා මයිමුනා මහත්මිය ද එම අවස්ථාවට එක්ව සිටියාය.
මොහු මෙම ධූරයේ දිවුරුම් දෙනු ලැබුවේ 5 වැනි සුල්තාන් මොහොමඩ් රජු ඉල්ලා අස්වීමට ගත් අනපේක්ෂිත තීරණයෙන් පසුවය.
මැලේසියාවේ රජ කිරුණ ප්‍රාන්ත 9 ට වසර පහක් දක්වා බෙදී යනු ඇති.
(28535)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd