IMG-LOGO

2025 ඔක්තෝබර් මස 25 වන සෙනසුරාදා


මල්වතු මහ නාහිමියෝ ජනපතිට ලියති

ව්‍යවස්ථානුකුලව දේශපාලන සදාචාරයන්  සංරක්ෂණය කරමින්  ස්ථිර ආණ්ඩුවක්  පිහිටුවීම සඳහා  සුදුසු නිසි පියවරක්  ගන්නා ලෙස  දන්වමින්  මහා විහාරවංශික ශ්‍යාමෝපාලික මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක  තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල  මහනාහිමියෝ  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට  ලිපියක්  යොමු  කර  තිබේ.
 
 පවතින තත්ත්වය හමුවේ  රටේ ආර්ථිකය , සමාජය , දේශපාලන මෙන්ම ආගමික කටයුතු  දිනෙන් දින  පිරිහෙමින්  රටේ පැවැත්ම බිඳ වැටෙන බවත් , මෙවැනි තත්ත්වයකදී   රටේ පළමු පුරවැසියා ලෙස   ඇතිව ඇති අර්බුධකාරී තත්ත්වය  සමනය කිරීම ට   ජනාධිපතිවරයා විසින් පියවර ගත යුතු බවද එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

(36698)

  එම ලිපිය පහත දැක්වේ .

 

 



අදහස් (8)

මල්වතු මහ නාහිමියෝ ජනපතිට ලියති

hasantha Friday, 16 November 2018 08:15 AM

හැමෝම බෙදිලා පක්ෂ වශයෙන්, ආගම් වශයෙන්, ජාතීන් වශයෙන්, ගැහැණු පිරිමි වශයෙන්. කොටින්ම හාමුදුරුවොත් බෙදිලා. මේක තමා මේ රට හැමදාම එක තැන තියෙන්න හේතුව.

:       0       173

Ananda Jayasiri Friday, 16 November 2018 08:30 AM

අපේ එජාප නායක හාමුදුරුවෝ. ඔබ වහන්සේ දැන්ද අවදි වුනේ? අවුරුදු ගණනාවක් පළාත් සභා ඡන්ද නැහැ.

:       1233       1241

HashanFriday, 16 November 2018 08:52 AM

අවුරුදු ගාණකින්... ගණන් කරන්න දන්නේ නැද්ද? මේ අවුරුද්දේ තියෙන්න තියෙන්නේ....

:       168       217

Buddika Friday, 16 November 2018 09:10 AM

ස්වාමීන් වහන්ස රට විනාසයි. ජනාධිපතිට කන් ඇහෙන්නේ නැහැ. ඇස් පේන්නේ නැහැ.. සියල්ල විනාශ වෙගෛන යනවා. සියල්ල යවලා මහකෙනා බලා ඉන්නවා. ඉතිහාසයේ කැතම නායකයාගේ බලලෝභී හිතුවක්කාර පාලනය සියල්ල විනාශ කරගෙන යනවා..

:       371       369

rocky Friday, 16 November 2018 10:04 AM

නායක හාමුදුරුවනේ, ඔබ වහන්සේ තියා බුදුහාමුදුරුවෝ කිව්වත්, දේවදත්තයා සහ පිරිවර මේච්චල් කරන්න බැහැ! හෙට අනිද්දා වෙනකොට අායෙමත් ඔබ වහන්සේ බැහැ දකින්න අටපිරිකර එහෙම උස්සා ගන ඒවි. එතකොට ඔබ වහන්සේත් ආශිර්වාද කරාවි. දුෂ්ටයා පිටු දකින්න තරම් එඩිතරකමක් නැත් නම් ඔබ වහන්සේගේ නායක කමිනුත් රටට ඇති ඵලක් නැහැ!

:       3       176

BamunuarachchiSunday, 18 November 2018 05:58 AM

අපේ හාමුදුරුවනේ දැන් අපිට ඕනේ මහජන ඡන්දයක්. මේ අවුරුද්දෙත් ශේප් එකේ ඉඳලා කට්ටියගේ පැන්ෂන් එකත් අරගෙන යන්නයි ඉන්නේ.

:       0       0

mahakande vijithasiri himi Friday, 16 November 2018 01:43 PM

මේ දඹර අමිල හිමියන්ගේ ලොකු හාමුදුරුවන්නේ. කියන ඒවා එච්චර ගනන් ගන්න එපා..

:       321       298

Bamunuarachchi Saturday, 17 November 2018 01:24 PM

අපේ හාමුදුරුවනේ එකම සදාචාරාත්මක ක්‍රමය තමයි රටේ ජනතාවට තමන් කැමති රජයක් පිහිටුවා ගැනීමට ඉඩදීම. ඒක තමයි එතුමා කලේ. ඡන්දෙකට ගියොත් එජාපෙ පරාද වෙන නිසා ඡන්දෙකට යන්න ඔවුන් භයයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1397 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1289 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 465 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site