IMG-LOGO

2025 මාර්තු මස 21 වන සිකුරාදා


මැලේරියා ඖෂධ ප්‍රතිකාරය මගින් අතුරු ආබාධයකින් අන්ධවූ මේජර්ට වන්දි ගෙවන්නැයි නියෝග

(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)‍

තමාට ලබා දුන් මැලේරියා ඖෂධ ප්‍රතිකාරය මගින් අතුරු ආබාධයක් ලෙස පූර්ණ අන්ධභාවයට පත්වීම හේතුවෙන් ලැබිය යුතු වන්දි මුදල නොගෙවන ලදැයි සදහන් කරමින් ඊට සහන ලබා දෙන ලෙස ඉල්ලා යුද හමුදා මේජර්වරයෙකු ගොනු කළ පෙත්සමක් විභාගයට ගත් අභියාචනාධිකරණය අදාළ වන්දි මුදල් අන්ධභාවයට පත් මේජර්වරයාට වහාම ගෙවන ලෙස යුද හමුදාපතිවරයාට නියෝග කර ඇත.

දෙහිවල , දුම්රිය පාරේ පදිංචි ආර්.කේ.පී.ද සිල්වා මහතා විසින් ගොනු කර තිබූ මෙම පෙත්සමහි වගඋත්තරකරුවන් ලෙස යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා , ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න යන මහත්වරුන් ඇතුළු තිදෙනෙකු නම් කරනු ලැබි තිබිණි.

යුද හමුදා මේජර්වරයා ගොනු කළ පෙත්සම් විභාගය අවසන් කරමින් විනිසුරු මහින්ද සමයවර්ධන මහතා විසින් ප්‍රකාශිත අභියාචනාධිකරණ තීන්දුවේ මෙසේද සදහන් වේ.

පෙත්සම්කරු සම්පූර්ණයෙන්ම අන්ධභාවයට පත්ව සිටින යුද හමුදා මේජර්වරයකි.

පෙත්සම්කරු අන්ධභාවයට පත් වීමට හේතුව වශයෙන් යුද හමුදා වෛද්‍ය සභාවේ ලේඛනයෙහි සදහන් කර ඇත්තේ උතුරු නැගනහිර ප්‍රදේශයේ සිටියදී මැලේරියා රෝගය සදහා ලබා ගත් ඖෂධ හේතුවෙන් ඇති වූ පශ්චාත් අනිටු ඵලයක් හැටියටය.

මෙම තත්ත්වය අනුව පෙත්සම්කරු පූර්ණ අන්ධභාවයට පත් වූ බව නිර්දේශ කර සේවයන් විශ්‍රාම ගන්වා ඇත.

ඒ අනුව පත්සම්කරු 22/93 දරණ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය අනුව වන්දි ලබා දෙන ලෙස ඉල්ලා ඇත.ඒහෙත් ඔහුට හදිසි අනතුරකින් සිදුවූ අන්ධභාවයක් නොවේ යැයි සදහන් කරමින් පෙත්සම්කරුට වන්දි ගෙවීම යුද හමුදාපතිවරයා ප්‍රතික්ෂේප කර තිබේ.

එහෙත් පෙත්සම්කරු මව්බිම වෙනුවෙන් සටන් කරනු ලැබූ රණවිරුවෙකු ලෙසතම අයිතිවාසිකම් වෙනුවෙන් දිගටම සටන් කරනු ලැබීය.ඒ අනුව පෙත්සම්කරු වෙනුවෙන් තවත් පරීක්ෂණ මණ්ඩලය පත් ‌කළේය. එම මණ්ඩලයේ නිර්දේශය අනුව පෙත්සම්කරුට වන්දි ගෙවීමට නියම කරනු ලැබීය.

නමුත් තත්ත්වය මෙසේ තිබියදී ආරක්ෂක අමාත්‍යාංශය විසින් 2018 .12.29 දින වන්දි ගෙවීම සදහා නව චක්‍රලේඛයක් හදුන්වා දුන්නේය.ඒ අනුව පෙත්සම්කරුට මුල් චක්‍රලේඛය අනුව වන්දි ලබා ගැනීමට නොහැකි විය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමේදී නව චක්‍රලේඛය අතීතයට බලපාන පරිදි සම්මත කර නොමැති අතර පරණ චක්‍රලේඛයද අවලංගු වීමක්ද නොමැත.එමගින් පෙනී යන්නේ පෙත්සම්කරුට වන්දි ගෙවීම සදහා ඕනෑම චක්‍රල්ඛයක් තෝරා

පෙත්සම්කරු මෙම පෙත්සම ගොනු කර ඇත්තේ 2016 වසරේ නොවැම්බර් 04 වැනි දින වන අතර නව චක්‍රලේඛය නිකුත් කර ඇත්තේ ඊට වසර 2 ½ කට පසුවය.ඒනම් 2018 වසරේ අප්‍රේල් 05 දිනය.

පෙත්සම්කරුගේ පෙත්සම කඩිනමින් විභාග කළා නම් ඔහුට නියමිත සහනයන් ලබෙනු ඇත.

ඒ අනුව පෙත්සම්කරුගේ පෙත්සමට අවසර ලබා දෙන ලෙසද , පෙත්සම්කරු පෙත්සම මගින් ඉල්ලා සිටින  වන්දි මුදල ප්‍රධාන සහනයන් ප්‍රදානය කරන බවද තීන්දුවේ සදහන් වේ.

පෙත්සම්කරු වෙනුවන් නීතීඥ භූපති කහතුඩුව මහතා  පෙනී සිටියේය.නීතිපති වෙනුවෙන් රජයේ නීතීඥ මෛත්‍රී අමරසිංහ මහතා පෙනී සිටියේය.



අදහස් (3)

මැලේරියා ඖෂධ ප්‍රතිකාරය මගින් අතුරු ආබාධයකින් අන්ධවූ මේජර්ට වන්දි ගෙවන්නැයි නියෝග

Karunarathna Gampola. Tuesday, 08 December 2020 11:20 AM

රණවිරු ආණ්ඩුවෙ... ඔන්න කනෝ පිනුම්....

:       7       28

ඩොකා Tuesday, 08 December 2020 04:45 PM

වෙන්න බැහැ නේ සායනික ,විද්‍යාත්මක පර්යේෂණවලින් ඔප්පු වෙලා නැහැ නේ, අන්ද වෙන්න ඇත්තේ ලෙඩාගේ අවුලකට., මේක ගොඩ බෙහෙතක් නෙවෙයි නේ.. WHO අනුමැතිය තියෙන එකක්.

:       3       3

Bamunuarachchi Wednesday, 09 December 2020 10:27 AM

කොරෝනාවෙන් බේරෙන්න කවුද හාදයෙක් අපිට බොන්න කීවෙත් ඔය බෙහෙත නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

දියත

කප්පම් කල්ලියක් ගිනි අවි සමග මාට්ටු
2025 මාර්තු මස 21 81 0

සංවිධානාත්මක අපරාධකරුවන් මුවාවෙන් ව්‍යාපාරිකයන් බිය ගන්වා කප්පම් ගැනීමේ නිරත වූ පුද්ගලයන් දෙදෙනකු ගිනි අවි සහ උණ්ඩ සමඟ අත්අඩංගුවට ගත් බව බස්නාහිර ප


ලාංකේය සිනමාව නෙළුම් කුළුණ අලුත් උත්තේජයක්
2025 මාර්තු මස 21 32 0

ලාංකේය සිංහල සිනමාව ජාත්‍යන්තරයට ගෙන යාමේ අරමුණ සහිතව ඔහු වෙනස්ම ආකාරයේ නිර්මාණයක් තමන්ගේ කුළුඳුල් සිනමා අධ්‍යක්ෂණය සඳහා යොදාගත් අතර, එය මෙරට මෙන්ම


නව බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන 10ක්
2025 මාර්තු මස 21 212 0

රටම ආවරණය වන පරිදි නව බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන 10 ක් සමගින් ප්‍රවාහන මධ්‍යස්ථාන ජාලයක් ඉදිරිකිරීමට තීරණය කර ඇති බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල්


කුඩු ජාවාරමා ළඟ උණ්ඩ සහ වාහන අංක තහඩු
2025 මාර්තු මස 21 100 0

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුට අයත්ව තිබු ටී 56 උණ්ඩ 60 ක්, එමි 16 වර්ගයේ උණ්ඩ 06 ක් පුහුණු හිස් පතුරම් 09 ක් තියුණු කඩු 01 ක් සොරකම් කරන ලද යතුරුපැදි අංක තහඩු දෙකක්


වැලිගම සිද්ධියට අධිකරණයට බාරවූ සි.සී.ඩී නිලධාරීන්ට ඇප
2025 මාර්තු මස 21 248 0

වැලිගම හෝටලයකට වෙඩිතැබීමේ සිද්ධියට අදාළව චෝදනා සම්බන්ධයෙන් මෝසමක් මගින් අධිකරණට බාරවූ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් හය දෙනා එක් අයකුරු රුපියල් ලක


ප්‍රවාහන අමාත්‍යංශය කඩිනමින් ඩිජිටල් වෙයි
2025 මාර්තු මස 21 209 0

ජනතාවගේ එදිනෙදා අවශ්‍යතාවයන්ට අතිශය සෘජුවම බලපාන විෂයයන් හතරකට අදාල ප්‍රබල ආයනයන් රැසක් ක්‍රියාත්මක වන ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා


මේවාටත් කැමතිවනු ඇති

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 17 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 484 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 1085 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

Our Group Site