IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


මුල්ම විනය පරීක්ෂණය කළ යුත්තේ සාගරට විරුද්ධවයි

(ඩයනා උදයංගනී)

ඇමතිවරයෙක් විවේචනය කිරීම හෝ අඩු පාඩුවක් පෙන්වාදීම වරදක් යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පවසන්නේ නම් මුලින්ම විනය පරීක්‍ෂණයක් කළ යුත්තේ ඔහුටම විරුද්ධව යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රාරච්චි මහතා අද (20) පැවසීය.

ඉන්ධන මිල වැඩි කළ අවස්ථාවේ දී උදය ගම්මන්පිල ඇමතිවරයා වැරදි බවට ලිඛිතව ප්‍රකාශයක් නිකුත් කරමින් මාධ්‍ය සංදර්ශන පෙන්නුවේ සාගර කාරියවසම් මහතා බැවින් මුලින්ම ඔහුට එරෙහි පරීක්‍ෂණයකින් විනය පරීක්‍ෂණ ආරම්භ කිරීමට සිදුවන බව ද ජගත් කුමාර මහතා සඳහන් කළේය.

පක්‍ෂයේ වරදක් පෙන්වා දුන් විට වරද පෙන්වූ අයට එරෙහිව විනය පරීක්‍ෂණ පැවැත්වීම පරිණත නායකයකුගේ ලක්‍ෂණයක් නොවන  බව කී මන්ත්‍රීවරයා තමාට එරෙහිව විනය පරීක්‍ෂණයක් නොකරන බව පක්‍ෂයේ නායකයෙක් තමාට දැනුම් දී ඇතැයි ද කීවේය.

ජගත් කුමාර මහතා මේ බව පැවසුවේ කොළඹ දී අද (20) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

පාදුක්ක පොලිස් ස්ථානාධිපතිවරයා මාරු කර එතැනට ගාමිණී ලොකුගේ මහතාගේ අයකු පත්කරන බවත්, හිටපු ස්ථානාධිපතිවරයා මාරු කිරීම වරදක් බවත් මහජන ආරක්‍ෂක අමාත්‍ය, සරත් වීරසේකර මහතා තමා සමඟ පවසා ඇතැයි කී ජගත් කුමාර මහතා දැන් ඔහු ඒ සියල්ල වසා ගැනීමට තමාට අසත්‍ය චෝදනා එල්ල කරන බව ද කීවේය.

එවැනි චෝදනා එල්ල කරන්නේ නම් ඔවුන් පොලීසිය මෙහෙයවන්න උත්සාහ ගන්නා ආකාරය ද තමාට එළිකරන්නට සිදුවනු ඇතැයි මන්ත්‍රීවරයා සඳහන් කළේය.  

අඩුපාඩුවක් පෙන්වා දුන්නාම විනය පරීක්‍ෂණ කරන්නේ නම් එය පරිණත නැති ලේකම්වරයාගේ වරදක් බවත්, පක්‍ෂයක විනය තිබිය යුත්තේ ඇමතිවරුන්ගේ දූෂණ වහන්නට නොවන බවත් කී ජගත් කුමාර මහතා තමා උත්සාහ කරන්නේ විවිධ හේතු නිසා ජනතාවට එපා වී ඇති ආණ්ඩුව රැකගැනීමට බව ද පැවසීය.

තමා විනය පරීක්‍ෂණවලට බයේ වැඩ කරන්නේ නැතැයි කී මන්ත්‍රීවරයා රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත මහතා සම්බන්ධ සිද්ධිය සහ තමා සම්බන්ධ සිදුවීම් හාත්පසින් වෙනස් ඒවා බව ද ප්‍රකාශ කළේය.

හොරකම්, ජඩකම්, වැරදි කරන අය ගැන කතා කරන මන්ත්‍රීවරුන්ගේ කටවල් පක්‍ෂයේ විනය ඉදිරියට දමා වැසිය නොහැකි බව ද මන්ත්‍රීවරයා කීවේය.



අදහස් (3)

මුල්ම විනය පරීක්ෂණය කළ යුත්තේ සාගරට විරුද්ධවයි

C.K.Lankaputhra Monday, 20 September 2021 05:55 PM

කොන්ද තියන අයත් එතුමා නියෝජනය කරන පැත්තේ ඉන්නවා එහෙනම්. එතුමා විතරයි අපි මෙපමන කාලයක් දැක්කේ...

:       18       18

සෙනෙවිරත්න Monday, 20 September 2021 08:04 PM

මොන කොන්දක්ද? විස්සෙන් සේරම දීලා අමුඩේ විතරයි තියෙන්නේ... ඔහොම වෙන බව අපි දන්නවා.. මෙයා හිතන්න ඇති මෙයාලාට ඔය පක්ෂයේ මහ ලොකු තැනක් ඇතැයි කියලා. ජාවාරම් කාරයින් හතරපස් දෙනෙක් ආණ්ඩුව කරවන්නේ...

:       1       20

Lalith M Tuesday, 21 September 2021 11:25 AM

මේක නාට්‍යයක කෑල්ලක්... අජූත ආණ්ඩුව මහජන මතය වෙනතකට ගෙනයන්න කරන මෝඩ උත්සාහයක්...

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31357 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13572 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11008 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 123 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 968 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site