
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
"මිලේනියම් සිටි" හිදී බුද්ධි අංශ නිලධාරීන් අත්අඩංගුවට ගැනීම කිසිදු නීති විරෝධී ක්‍රියාවක් නොවන බව රණවිරුවකු ලෙස තමා ප්‍රකාශ කරන්නේ යැයි ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදී අද පැවැසීය.
එම ස්ථානයේ අවි ආයුධ තබාගෙන සිටීම හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු කළ අයථා වැඩක් බව පැවසූ මන්ත්‍රීවරයා එය රජයක් පිටින් දමා මඩ ගැසීමට මේ අය හැමදාම උත්සාහ ගත් බවද ප්‍රකාශ කළේය.
හමුදා බුද්ධි අංශ කිසිවක් කිසිදිනක දිග දුර විහිදුම් නොකළ හෙයින් කොළඹට ආර්.පී.ජී, ක්ලේමෝ බෝම්බ ගෙන ඒමට අවශ්‍යතාවක් නොතිබූ බවද ඔහු පැවසුවේය.
ඒවා කළේ විශේෂ බලකාය බවද ෆොන්සේකා මහතා පැවැසීය.
මිලේනියම් සිටි සිද්ධිය වනවිට තමා යාපනය ආඥාපතිවරයා බවත් ඔහු ප්‍රකාශ කළේය.
ඒ රණවිරුවන් පිරිස යොදාගෙන එදා රජය පෙරළීමට කටයුතු කළ බව සරත් ෆොන්සේකා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
කලවැද්දා, කලවැද්දාම තමයි.
ඩොලර් වැඩ කරනවද. ඔලුව හෝදලාද. දේශපාලනය කරන්න ගියාම ඔහොම වෙනවා
මොන විහිලුවක්ද....
කලවැද්දෙකුටත් වැඩිය අන්ත අසූචි වලක ඉන්න අව මන්ගලයෙක් කොමෙන්ට් එකක් දාලා. පිස්සෙක් වගේ?
කලවැද්දා නැතිව සර් යුද්ධය කළානම් තාමත් යුද්දෙ... එහෙමත් නැත්නම් ප්‍රබාකරන් ඊලම අරගෙන... ඒකයි තිත්ත ඇත්ත....
ලංකාවේ යුද්දෙ වෙලාවේ සරත් ෆොන්සේකා ආමි එකේ ලොක්කා වෙලා හිටියා.. එච්චරයි.... කතා කරලා වැඩක් නෑ මේ ගැන...
බලාගෙන යනකොට රනිල් කරලා තියන ගොඩක් දෙවල්වල වරදක් නෑ වගේ...
මඩේ හිටවපු ඉන්න වගේ...
මෙයා ගැන කතාකරලා ඵලක් ඇතිද? ගෞරවනීය රණවිරුවෙක් ලෙස පැසසුම් ලැබ අවසානයේදී පැන්නා මඩට. එතන ඉඳන් මේ වෙනකම්.... කියපුවා මෙයාට මතක ද දන්නෑ...?
මේ කවුද? ඔන්න කබරගොයත් දැන් මෙයාට තලගොයා වගේ පේන්නේ... රණවිරුවන් මෙයාට ඡන්දය දෙයි දැන්.. බලාගෙන ඉන්න.
ලැජ්ජාවක් නැහැ..
මම හිතන්නෙ ෆොන්සේකා මහත්මයා මෙවැනි කාරණාවක් කියන්න හේතුවක් වෙන්න ඇත්තේ ඊයේ සඳහිරුසෑය විවෘත කරන උත්සවයට ආරාධනා නොලැබීම ගැන ඇතිවූ සිත්තැවුල වෙන්න ඇති.. නැත්නම් මෙච්චර කාලෙකට පස්සේ මෙවනි දෙයක් කියන්න හේතුවක් නෑනේ... ඇත්තතටම අපි දුක්වුණා වර්තමාන පාලකයින් එම උත්සවයට මෙතුමාට ආරාධනා නොකිරීම ගැන... නමුත් මෙතුමාගේ මේ කතාව ඇහුවාට පස්සේ මෙතුමා ගැන දැඩි කලකිරීමක් ඇති වුණා..
ඇත්ත කියනකොට අපහාස කරන්න එපා...
මේ මොකද මන්දා මේ මනුස්සයාට වෙලා තියෙන්නේ...? වයස සමග අවබෝධය අවුල් වෙලා තියෙන්නේ මම හිතන්නේ.., දැන් ඔහුට දේශපාලනය වගේ හැම දෙයින්ම විශ්‍රාම යාමට කාලය පැමිණ ඇති බව පේනවා නේද? මේ සියලු දෙනා ඉවත් කර අලුතින් තරුණ දක්ෂතා ඇති අවංක කාර්යශූර ශක්තිමත් මනා සිහියෙන් යුත් පිරිපුන් මිනිසුන් සහිත කණ්ඩායමක් රටේ පාලනය සඳහා පත්කර ගැනීම පිණිස ජනතාව එක්සත්ව සමගියෙන් කටයුතු කළ යුතුයි...
මා සිතන්නේ මොහු කියන දේ සත්‍යයක්...
මිලේනියම් සිටි සිද්ධියෙන් පසුව බුද්ධි අංශ නිලධාරීන් හා ඔත්තුකරුවන් 140කට ආසන්න පිරිසක්, ඔවුන්ගේ අනන්‍යතාවය හෙලිවීම මත එල්ටීටීඊ ගොදුරු බවට පත්වුණා. ඒක ගැන කතාවක් නෑ...
තමන්ගේ යටතේ සිටි හමුදාව යුද්ධ අපරාධ කළා, සුදුකොඩි කාරයින්ට වෙඩිතිබ්බා කියා හමුදාව පාවා දීපු මේ ගොයියා මෙහෙම කියන එක පුදුම නැහැ... පාවාදීම ඉවසන්නේ නැති රණ විරුවෙක් රජීව් ගාන්ධිට තුවක්කු මිටෙන් ගැහැව්වා විතරයි.
අපිට මෙයාව මනින්න පුළුවන් මේ වගේ කියමන් වලින්. බලය ලැබුණොත් මොනවා කරයිද දන්නේ නැහැ. ඒ කරන්න පුළුවන් වෙන්නේත් අනික් අය නිකන් හිටියොත් පමණයි. ජාතිය පාවා දෙන්නේ මේ වගේ ගොබ්බයින් තමයි...
අනිවාර්යයෙන්ම සියලු බුද්ධි අංශ නිලධාරීන් අත්අඩංගුවට ගෙන දඬුවම් කළ යුතුයි.
ඔය පාවාදිම නිසා කී දෙනෙකුට නම් තමන්ගෙ ස්වාමි පුරුෂයා නැති වුණාද? දරුවන් කී දෙනෙකුට තමන්ගේ තාත්තා නැති වුණාද? ඒ විතරක් නොවෙයි.. රටට කීදෙනෙක් නම් රහසිගත බුද්ධි තොරතුරු සැපයූවන් නැති වුණාද? දිවි හිමියෙන් බුද්ධි තොරතුරු රැස් කළ සෙබළුන්, නිලධාරීන් නැති වුණාද?
අයියෝ ලොකුම රණවිරුවෙක් නේද මේ...? යහපාලනය කාලේ තිබුණු ප්‍රසිද්ධ උත්සවයකදී චන්ද්‍රගුප්ත තේනුවර නමැත්තා මොහු ඉදිරියේම කිව්වා ලෙඩේ හොඳ කරන හැටි. මම හිතන්නේ අත්හදා බැලීම කරන්න ඇත්තේ ෆීල්ඩ් මාෂල් කෙනෙක් අරගෙන වෙන්න ඇති. රණවිරුකම කොහොම වෙතත් පාවාදීමේ විරුවෙක් වග නම් හොඳට පැහැදිලියි.
දැන්ද ඔව්වා කියන්නේ...?
එතකොට මේ හේතුව නිසා ත්‍රස්තයින් මරාදැමූ බුද්ධි නිලධාරීන් සංඛ්‍යාව ෆොන්සේකා මහත්තයාට අමතක වෙලා වගේ. ඕකනේ... කබරගොයත්, තලගොයා වෙලා මෙයාට...
පරිස්සමෙන් කියවන්න... ඔහු කියන දේ 100%ක් ඇත්ත. හමුදා බුද්ධි අංශ කිසිවක් කිසිදිනක දිගුදුර විහිදුම් නොකළ හෙයින් කොළඹට ආර්.පී.ජී, ක්ලේමෝ බෝම්බ ගෙන ඒමට අවශ්‍යතාවක් නොතිබූ බවද ඔහු පැවසුවේය.
තම හමුදාව පාවාදෙනවා නම් කොහොමද රණවිරුවෙක් වෙන්නේ?
මම නම් කවදාවත්ම හිතුවේ නැහැ මෙහෙම කෙනෙක් කියලා...
සමහරක් අයට ඇත්ත කිව්වාම තේරුම් ගන්න ටිකක් අමාරුයි...
සහතික ඇත්ත කතාවක් මේක... හමුදා බුද්ධි අංශයේ නෙමෙයි LRRP එකේ වැඩ කළේ.. කොහෙත්ම RPG, ක්ලේමෝ ගෙන ඒමේ අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. ඒවා නගරබද සටන් අවි නොවේ. එය හමුදාවේම ගොඩක් අය දන්නවා. නිකන් මේ මාධ්‍ය මගින් අමුතුම කතාවක් පෙන්නන්න හැදුවට..