IMG-LOGO

2024 ජුලි මස 23 වන අඟහරුවාදා


‘මිලේනියම් චැලේන්ජ් ගිවිසුම පාර්ලිමේන්තුවට දාන්නේ අත්සන් කළාට පසුවයි’

(රංජන් කස්තුරි)

මිලේනියම් චැලෙන්ජ් සහයෝගීතා ගිවිසුම අත්සන් තැබීමට ඇමැති මණ්ඩල අනුමැතිය ලැබී ඇති හෙයින් සහ එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකඟ බවට නීතිපති උපදෙස් ලැබී ඇති හෙයින් ගිවිසුම අත්සන් කළ පසුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය.
 
පාර්ලිමේන්තු ක්‍රමවේදය පිළිබඳ දැනුමක් නොමැති ඇතැමුන් එය අත්සන් කිරීමට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු යැයි පැවසුව ද සනාථ නොකළ ලියවිල්ලක් පාර්ලිමේන්තුවේ විවාද කළ නොහැකි බවද ඇමැතිවරයා කීය.
 
කෙසේ වෙතත් මෙම ගිවිසුම නීත්‍යානුකූල වන්නේ ගිවිසුම ක්‍රියාත්මක කිරීම සඳහා වන පනතක් පාර්ලිමේන්තුවේ සම්මත කිරීමෙන් පසුව බවට එම ගිවිසුමේ සඳහන් වන බවද මංගල සමරවීර මහතා කීය.



අදහස් (35)

‘මිලේනියම් චැලේන්ජ් ගිවිසුම පාර්ලිමේන්තුවට දාන්නේ අත්සන් කළාට පසුවයි’

narada Sunday, 03 November 2019 11:22 AM

යනකොට මේ උතුමන්ට කීයක් හරි හොයාගෙන යන වැඩපිළිවෙලට රටේ මිනිස්සු විරුද්ධ ඉරිසියාවටද?

:       385       1073

FernandoSunday, 03 November 2019 11:51 AM

ගෝඨාට පුලුවන්නම් විරුද්ධ වෙන්න කියන්න. මේ දෙගොල්ලම එකයි.

:       629       1179

samelSunday, 03 November 2019 03:19 PM

අත්සන් කරාට පස්සේ මේකෙන් ඉවත් වන්න නීතියක් නැති එකනේ ප්‍රශ්නේ...

:       126       361

විකල්ප Sunday, 03 November 2019 12:00 PM

පුලුවන් නම් ජනාධිපතිවරණයට කලින් මේක පාර්ලිමේන්තුවට දාන්න. දේශප්‍රේමියෝ කාගෙ කාගේත් හැටි බලාගන්න පුළුවන් අපිට. අනිවාර්යයෙන් විරුද්ධ වෙන්නේ ජවිපෙ හය දෙනා විතරයි.

:       589       1105

ramyaSunday, 03 November 2019 03:22 PM

ජවිපෙ විරුද්ධ වුණොත් ඩොලර් ටික නැතිවෙනවා. එ්කනේ සද්දේ වහලා ඉන්නේ...

:       1010       973

මොහමඩ් රිස්වාන් සව්දි අරාබියSunday, 03 November 2019 01:45 PM

අවශ්‍ය වෙලා තියෙන්නේ බල්ලෝ මරලා හරි හිස්වෙලා තියෙන භාණ්ඩාගාරය පුරවන්න...

:       21       313

PrabhaSunday, 03 November 2019 02:53 PM

ගෙදර භාණ්ඩාගාරෙ වෙන්න ඇති....

:       29       147

විජිත් Sunday, 03 November 2019 02:50 PM

මෙයා ඇතුළු නංගිලා කට්ටියම මහපාරේම ඉන්න වැඩක් කරගන්නයි මේ යන්නේ... ඩොලර් මිලියන 40කට ලස්සන, වටිනා කණිජ තියෙන, ලෝකයේ සුවිශේෂී තැනක පිහිටි රටක 18% ක් පාවාදෙන්න..?

:       120       335

RaveendraSunday, 03 November 2019 09:01 PM

අපරාදේ කියන්න බැහැ අපේ මේ "මංගල මහත්තයා වැසිකිලි ගියාට පස්සේ තමයි හෝදන්න වතුර හොයන්නේ... අනේ වාසනාවන් මේවගේ අය ඉන්න එක ගැන.. කසාදෙ අත්සන් කරලා මනමාලි බලන්න යන්නේ...

:       0       132

raju Sunday, 03 November 2019 11:23 AM

අන්තිම දවස්වල කීයක් හරි හොයාගන්න ඉඩදෙන්න..

:       241       365

VajiraSunday, 03 November 2019 11:55 AM

මේ දෙගොල්ලන් මාරුවෙන් මාරුවට මේ රට විකුණන් කනවා. මේක නතර කරන්න පුළුවන් අනුර කුමාර දිසානායක අවොත් විතරයි. මේ වතාවේ ඒ තීන්දුව අපිට ගන්න පුළුවන් වුනොත් මේ රට රැකෙයි...

:       1442       1620

athulaSunday, 03 November 2019 05:19 PM

71 වසරක් මේ දෙගොල්ලම රට විකුණලාම දාලා අද පෙරට හිඟන්නාගේ දේශයක් කරපු අයට නැවත බලය දෙනවද කියලා හිතන්න. ඕනේ අපි යූඑන්පී, ජීවීපී එකට 5 වසරක් දීලා බලන්නම ඕනේ.. මට සියයට 1000ක් විශ්වාසයි. ඔවුන් ඉතාම ඉක්මණින් මේ රට ගොඩගන්නවා වගේම රට විකුණපු අය හිරගෙදරට දක්කනවාමයි..

:       125       440

wasanthi Sunday, 03 November 2019 11:26 AM

මේක පරාක්‍රමබහු රජතුමාගේ වැඩක්. ඒ කාලේ පාර්ලිමේන්තු නැහැනේ. ඉතින් හැමෝම තමන්ගේ ගෙවල් අතහැරලා කොරිඩෝවේ කියන තැනට යන්න හිත හදාගත්තොත් හොඳයි වගේ...

:       17       90

sunil Sunday, 03 November 2019 11:27 AM

ගාන හොඳ නම් ඉවසන්නේ කොහොමද?

:       37       126

සේන Sunday, 03 November 2019 11:45 AM

මේක මෙයාගේ පෞද්ගලික දෙයක් වගේ. අත්සන් කරලා ඉවරවෙලා පාර්ලිමේන්තුවට දාන්නේ මොකටද? ජාතික දෙවල්වලට පෞද්ගලිකව ඉදිරිපත් වීමේ හැකියාව නැති විය යුතුමයි. මොවුන් යයි යන්න. ජාතියට ඒ ප්‍රශ්න ඇදගෙන යන්න වෙනවා නේද?

:       110       382

Rasika Pradeep Sunday, 03 November 2019 11:45 AM

මොකක්ද මේක අත්සන් කරන්න මේ මනුස්සයට මෙච්චර තියෙන තදියම. ආණ්ඩු වෙනසක් වෙන්න යන වෙලාවක මේ වගේ ආන්දෝලනයකට හේතු වුණු ගිවිසුමක් නිසා ඇතිවිය හැකි බලපෑම ගැන මහජනතාව සහ පාර්ලිමේන්තුව දැනුවත් කළ යුතුයි නේද? අඩුම ගානේ මෙහි අන්තර්ගතය ගැනවත්, රට දැනුවත් කිරීමක් කර නැහැ. මංගල හිතාගෙන ඉන්නේ ගිය ඡන්දෙන් මේ අයට රට ලියලා දුන්නා කියලද දන්නේ නැහැ... වගකිව යුතු අැමැතිවරයෙන් කිසිම වගකීමකින් තොරව මේ විදියට හැසිරෙන එක ප්‍රශ්නයක්... මේ සල්ලි ටිකත් අරගෙන එ්කටත් කෙලලම යන්නද දන්නේ නෑ. සෙට් එක දත කන්නේ...

:       1050       1633

Amila Sunday, 03 November 2019 11:47 AM

සුවසැරියටත් අර පොහොට්ටු දොස්තර කල්ලිය කොහොමද කිව්වේ? අන්තිමට ඒක රටට විශාල ප්‍රයෝජනයක් වුණා. මේකටත් ඒ කල්ලිය විරුද්ධයි කියන්නේ අනිවා හොඳ දෙයක් වෙන්න ඇති...

:       2045       1303

Rasika PradeepSunday, 03 November 2019 12:12 PM

මේ මහත්තයා මෙතන නෙවෙයි ඉන්න තිබ්බේ. පාර්ලිමේන්තුවේ. මංගල වගේමයි හිතන්නේ....

:       560       810

AmilaSunday, 03 November 2019 01:30 PM

සුවසැරියටත් ඔය පිස්සු දොස්තර කණ්ඩායම ඔහොමනේ කිව්වේ... මතක නැද්ද? ඉන්දියානු රෝ ඔත්තුසේවය එනවා කිව්වා. ඉන්දියානු අය මෙහෙ වැඩට ගන්න හදනවා කිව්වා, ලෙඩ්ඩු මරන්න හදනවා කිව්වා, වෑන්වල තියෙන උපකරණ නිසා ලෙඩ්ඩු මැරෙයි කිව්වා, හොස්පිටල්වල නවත්වන්න දුන්නෙත් නෑ. අන්තිමට ගමක වුණත් හදිසි ලෙඩෙකුට ඉක්මණින් රෝහලට යන්න සුවසැරිය ප්‍රයෝජනයක් වුණා.. දැන් ඔබතුමාගේ මහලොකු මොලෙන් ඒක නැවත ආවර්ජනය කරලා බලන්න. ඔච්චර කුහක වෙන්න එපා. ඔය කුපාඩි දොස්තරලා රට වෙනුවෙන් මෙලෝ දෙයක් කරන්නේ නෑ. ඔවුන් පුද්ගලික දේවල් විශේෂයෙන්ම වාහන පර්මිට්, ජාතික ලැයිස්තු වගේ වෙන්නේ නැති හීන පස්සේ දුවන්නේ මිනිස්සු ගොනාට අන්දමින්...

:       634       421

somaSunday, 03 November 2019 03:17 PM

ඒ විවේචන නිසා තමයි ඉන්දියාවෙන් එන්න හිටපු ස්ටාෆ් එක වෙනුවට ලංකාවෙන් ගන්න වුනේ...

:       150       327

sandy123 Sunday, 03 November 2019 11:55 AM

මෙහෙම හොර රහසේ තකහනියකින් අත්සන් කරන්න දඟලන්නේ කුමන පරමාර්ථයකින්ද?

:       140       562

මහසෙන් Sunday, 03 November 2019 12:11 PM

මඩේම ලැග මඩෙන්ම ජීවත් වී මඩ එල්ල කිරීම පමණක් දන්නා මඩකරියකු විශ්වාස කළ යුතුද?

:       146       378

ගල්කටස් Sunday, 03 November 2019 12:29 PM

ඕක දැන් නවත්වන්න ඡන්දයෙන් පස්සේ අත්සන් කරගන්න.. සජිත් ජනාධිපති වුණාට පස්සේ බහුතරයක් මිනිසුන් සජිත්ට ඡන්දය දීලා එයාව පත් කරන්නේ නම් අපිට කරන්න දෙයක් නැහැ. සිංහලයින්ගේ වල අපේ අයව කපා ගන්නවා නම් රටට හෙන ගැහුණත් කමක් නැහැ කියලා... අපිත් අයින් වෙන්නම් එ්ත් එ්ක 16 වෙනිදායින් පස්සෙ කරන්න...

:       25       331

mp Sunday, 03 November 2019 12:33 PM

කූඩැල්ලෙක් වගේනේ... බලන් ඉන්නෙම මිනිස්සුන්ගේ ලේ බොන්නමයි. මෙයාට තාම දාන්න බැරි වුනේ වැසිකිළි බද්ද විතරයිනේ...

:       220       420

Ranjith Sunday, 03 November 2019 01:21 PM

මේක අනුමත වෙන්නේ ගෝඨාගේ කාලේ ආවාමයි. මේක ගෝඨා ගැන ජනතාවට පෙන්නන්න රනිල් ගහන ගැටයක්...

:       250       243

රවින් Sunday, 03 November 2019 01:26 PM

ඔය කියන මහජන මුදලින් නඩත්තුවෙන කැබිනෙට්ටුවට වඩා තම තමන්ගේ ගෙදරවල මුල්ලකට දාලා තියන කැබිනෙට්ටුවේ වටිනාකම දැන් හැමෝටම තේරෙනවා ඇතැයි සිතමි...

:       0       41

විජිත් Sunday, 03 November 2019 02:54 PM

නිදහස් දිනය සැමරීමට මුහුද දෙසට එල්ල කරලා කාල තුවක්කු ප්‍රහාර මාලාවක් සිදුකරනවා. ඇත්තටම අපි නිදහස් වන්නේ ඔය හිඟන රැල ඉන්න පාර්ලිමේන්තුවට කාලතුවක්කු ප්‍රහාර එල්ලවුණුදාටයි. ඒක වැඩි ඈතක නැහැ..

:       0       261

shirani Sunday, 03 November 2019 04:58 PM

දවසේ කියමන විජිත්..!!! අත්සන් කළාට පස්සේ කාලතුවක්කු නොවෙයි..

:       0       41

de silva Sunday, 03 November 2019 03:43 PM

ඕකේ කෙටුම් පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න එතකොට වාද විවාද කරලා සාධාර තීන්දුවකට එන්න පුළුවන්, ජනාධිපති තුමාට අවශ්‍යනම් එතුමාගේ විධායක බලය පාවිච්චි කරලා මෙම ප්‍රශ්නය විසදන්න පුළුවන්. නමුත් හැම පාර්ශවයක්ම කැමති නැහැ ඇමරිකාව විරසක කරගන්න, බලාගෙන යනකොට පාර්ලිමේන්තුවේ ඉන්න 70% විතර අඩුම තරමේ ඇමරිකාවේ ග්‍රීන් කාඩ් එකක්වත් තිබෙනවා

:       0       219

කැප් Sunday, 03 November 2019 04:03 PM

මෙතන විරුද්ධව කොටන සියලුම දෙනා මේකේ වගන්ති සියල්ලම දන්නවද? නැත්නම් මේකේ නම විතරද දන්නේ... මම නම් කිසිම දෙයක් දන්නේ නැහැ. හැබැයි තාම දන්න එකෙක් හම්බ වෙලත් නැහැ. ඔක්කොම කියන්නේ අම්මෝ අපේ රට ඉවරයි කියලා කෑ ගහන එක... අර තල්අත්තට වැටුණු බෙලිගෙඩියට බියවෙච්ච හාවා වගේ කේස්එකක්... මේ ඔක්කොම රැල්ලට අහුවෙලා කැගහනවා වගේ...

:       191       60

sharm warnMonday, 04 November 2019 03:57 AM

ඇත්තම කතාව කිව්වොත් ගිවිසුමේ වගන්ති කොහෙවත් ප්‍රසිද්ධ කරන්නේ නැහැ රටේ මිනිස්සු විරුද්ධ වෙන බව දන්නා නිසා. අනිත් පක්ෂ වල අය වත් හරියට දන්නවද කියල විශ්වාස නැහැ මොකද ඒ තරමට සද් භාවයෙන් රහස්‍ය බව රැකගෙන ගේම ගැහුවේ. නමුත් රට ට ලොකු හානියක් වෙන බව නම් ස්ථිරයි.

:       10       142

chandima Sunday, 03 November 2019 10:43 PM

මේ කතාකරන්නේ ජනාධිපතිද? නැතිනම් අගමැතිද? නැතිනම් ගේට්ටුව ගාව බැඳලා ඉන්න එකාද?

:       1       9

kavantissa Sunday, 03 November 2019 11:46 PM

අපේ රටේ ගොන් කරත්ත අදිනවාද? නැතිනම් කරත්ත විසින් ගොනුන් අදිනවාද?

:       0       14

Bandara Monday, 04 November 2019 12:48 AM

යද්දිත් කාගෙනම යන්...

:       0       162

lalithm Monday, 04 November 2019 03:31 AM

ඇත්තටම මේ ගිවිසුම මොකක්ද කියලා කිසිම දෙනෙක් හරියට දන්නවද? දේශපාලුවෝ ජනපතිවරණය හින්දා ඕක විග්‍රහ කරන්නේ තමන්ගේ වාසියට විතරයි.

:       17       1

ඔබේ අදහස් එවන්න

දියත

ඡන්දෙට බඩු ගන්න කොමිසම ලංසු කැඳවයි
2024 ජුලි මස 22 47 0

මැතිවරණයක් සඳහා අවශ්‍යවන නොමැකෙන තීන්ත ඇතුළු ලිපි ද්‍රව්‍ය කඩිනමින් මිලදී ගැනීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.


ලෝක නායකයෝ විලාසිතා දැක්මක....
2024 ජුලි මස 22 630 0

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඇතුළු ප්‍රසිද්ධ ලෝක නායකයන් සහ තාක්ෂණික ලෝකය


ළමයින්ට එන්නත් දෙන්න ජපානයෙන් තෑග්ගක්
2024 ජුලි මස 22 180 0

ශ්‍රී ලංකාව පුරා සිටින ළමයින්ට එන්නත් ලබාදීමේ ක්‍රමවේදය වැඩි දියුණු කිරීම සඳහා ජපාන රජයේ ආධාර මත සෞඛ්‍ය අමාත්‍යාංශයට ශීතකරණ පහසුකම් සහිත ට්‍රක් රථ 9


ජනපතිවරණය ගැන ජනපතිගෙන් යළි සහතිකයක්
2024 ජුලි මස 22 579 0

අයවැයෙන් මුදල් වෙන්කළේ ජනාධිපතිවරණයට පමණක් බැවින් අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (22) ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී


විසි දෙක 26 මැතිසබයට?
2024 ජුලි මස 22 474 0

විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පළමු වර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ලබන 26 වැනිදා ඉදිරිපත් කෙරෙනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර


අනුර කුමාර - ජපාන විදේශ අමාත්‍ය අතර හමුවක්
2024 ජුලි මස 22 460 0

මේ වන විට ජපානයේ සංචාරයක නිරත ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජපානයේ විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සුගේ යශැහීමී (TSUGE Yoshifumi )මහතා අතර හ


මේවාටත් කැමතිවනු ඇති

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 170 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 1070 1
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1929 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

Our Group Site