IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


මුලින්ම ආපු ෆයිසර් මන්නාරමේ ධීවරයන්ට

(සුජිත් හේවාජුලිගේ)

මෙරටට මුලින්ම ගෙන්වන ලද ෆයිසර් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා 26,000න් මේවනවිට ඉතිරිව ඇති එන්නත් මන්නාරම ප්‍රදේශයේ ධීවරයින්ට ලබාදීමට තීරණය කර ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.

විදෙස් රටවල උසස් අධ්‍යාපනය හදාරන කොවිඩ් කාර්ය සාධක බළකායේ ලියාපදිංචිවී සිටින 1,130කට යුද හමුදා රෝහලේදී ෆයිසර් එන්නත පෙරේදා(8) ලබාදුන් බවද යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළේය.

සෙසු සිසුන් පිරිසටද ඉදිරි දිනවල ෆයිසර් කොවිඩ් මර්දන ලබාදීමට බලාපොරොත්තු වන බවද ඔහු කීය.

යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා මෙසේද කීය.

"ෆයිසර් එන්නත මේ ආකාරයෙන් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ,විදේශ රටවල යන්න සිටින සහ ෆයිසර් එන්නත පමණක් ඉල්ලන රටවල්වලට යන සිසුන්ට ලබාදෙනවා. ඊට අමතරව ඉතිරි තොගය මන්නාරම ප්‍රදේශයේ ධීවරයින්ට ලබාදීමට තීරණය කරලා තියනවා .මේ වන විට ඩෙල්ටා ප්‍රභේදයක් ගැන කතා කරනවා. ඉන්දියාවෙන් ඒක එයි කියලා කියනවා. එහෙම නම් එන්න තියෙන ආසන්නතම ස්ථානය ඔය ප්‍රදේශය. ධීවරයින් අතර මාරුවීමක් හරි වුණොත් එහෙම. එවැනි තත්වයක් වෙන්න අපි ඉඩදෙන්නේ නෑ. එහෙම තත්වයක් ඇතිවුණොත් කියලා තෝරාගත් එවැනි ධීවරයින් ඇතුළු කණ්ඩායමකට තමයි ෆයිසර් එන්නත මන්නාරම ප්‍රදේශයේ දී ලබාදීමට කටයුතු කරන්නේ."

මේ අතර කොළඹ මහ නගර සභා බලප්‍රදේශයේ ඇස්ට්‍රාසෙනෙකා එන්නත පළමු මාත්‍රාව ලෙස ගත් අයට දෙවන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත් ලබාදීම රජය විසින් පසුගියදා අත්හිටුවනු ලැබීය.

රජය මේ තීරණය ගෙන ඇත්තේ මේ මස තුන්වන සතිය වනවිට ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මිලියන 1.4ක් ලැබීමට නියමිත නිසාය.

 



අදහස් (0)

මුලින්ම ආපු ෆයිසර් මන්නාරමේ ධීවරයන්ට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 69 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 866 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 614 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site