(ටී.කේ.ජී.කපිල)
 
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දෙදින මාලදිවයින සංචාරය නිමා කර අද(04) දහවල් කටුනායක ගුවන් තොටුපළට පැමිණියේය.

අග්‍රාමාත්‍යවරයා සමග දූත පිරිස ලෙස 13 දෙනෙක් සහභාගී වී සිටියහ.

ඔවුහු සියලු දෙනා මාලදිවයින මාලේ අන්තර්ජාතික ගුවන් තොටුපළේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 102 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ.