(ශාන්ත රත්නායක) 
 
71 වැනි ජාතික නිදහස් දින උත්සවයට සහභාගී වීමට දිවයිනට පැමිණ සිටින මාලදිවයිනේ ජනාධිපති ඊබ්‍රහිම්  මොහොමඩ් සෝලී මහතා සහ එම මැතිණිය පිළිගැනීමේ නිල උත්සවය අද (05 )  ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. 

එහිදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා හා එම මැතිණිය විසින් රාජ්‍ය ගෞරවය සහිතව මාලදිවයින් ජනාධිපතිවරයා පිළිගත් අතර මාලදිවයිනේ රජයේ නිලධාරීහු රැසක් ද  එම අවස්ථාවට සහභාගී වූහ.