(ටී.කේ.ජී.කපිල )

මාලදිවයින ජනාධිපති ඉබ්‍රාහිම් මොහොමඩ් සොලීච් මහතා ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක් සදහා අද (08) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය .

ජනාධිපති සමග දූත පිරිස 12 දෙනෙකු ද පැමිණ සිටියහ .

ඔවුන් මාලදිවයින මාලේ නුවර සිට අද (08) උදෑසන 09.40 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 102 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

මෙම පිරිස ශ්‍රී ලංකාවේ සිදු කෙරෙන සංචාරය 11/09 දින නිම කර ආපසු මාලදිවයින බලා පිටත්ව යාමට නියමිතය .