(නිමල කොඩිතුවක්කු)
දැනට මාලදිවයින අත්අඩංගුවේ පසුවන ලංකික ධිවරයින් ඉදිරි දින කිහිපය තුළ දිවයිනට ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු කරන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවැසීය.
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මාලදිවයින බලධාරීන් සමඟ කළ සාකච්ජාවේ ප‍්‍රතිඵලයක් ලෙස දින දෙකක් තුළ ලාංකික ධීවරයින් පිරිස නිදහස් කරනු ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
බහුදින ධීවර යාත‍්‍රා හිමියන් සහ දැනට මාලදිවයින අත්අඩංගුවේ පසුවන ධීවරයින්ගේ ඥාතීන් සමඟ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශයේදී අද (13) හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.
දැනට මාලදිවයින අත්අඩංගුවේ පසුවන ධීවරයින් 25 දෙනා නිදහස් කරගැනීම පිළිබඳව අග‍්‍රමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සමඟ සාකච්ජා කර රාජ්‍ය තාන්ත‍්‍රික මට්ටමින් ගත හැකි සියළු පියවර ගෙන අවසන් බවත් ඔහු එහිදී වැඩිදුරටත් පැවැසීය.
අරාබි මුහුදු ප‍්‍රදේශයේ ධීවර රැකියාවේ නිරතව නැවත ලංකාව බලා යාත‍්‍රා කරමින් තිබූ බහුදින ධීවර යාත‍්‍රා 4 ක් සහ ධීවර ආම්පන්න මාලදිවයින් බලධාරිනේ අත්අඩංගුවේ පසුවේ.
ධීවරයින් සමඟ ඔවුන්ගේ යාත‍්‍රා ද නිදහස් කරගැනීමට අවශ්‍ය කටයුතු සිදුකර ඇතැයිද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.
2025 දෙසැම්බර් මස 04
566
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
493
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
422
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මාලදිවයින අත්අඩංගුවේ සිටින ලංකික ධීවරයින් ගෙන්වා ගැනීමට පියවර
sarath Thursday, 14 March 2019 03:18 AM
කාත්තන් කුඩි පැත්තට බෝට්ටු හරහා ගෙනවිත් විකුණන පරිගණක.. ෆොනේ අල්ලන්නේ කවද්ද ? ඒවා එන්නේ රටට කිසිම බදු මුදලක් ගෙවන්නේ නැතිව. නේවි එක නිදිද ?