
(ඉන්දිකා රාමනායක)
මුලතිව් විශ්වමඩු ප්‍රදේශයේ දී පුද්ගලයන් දෙදෙනකු අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් තරුණයකු වෙඩි ප්‍රහාරයට ලක්ව මියගොස් ඇතැයි පුදුකුඩිඉරිප්පු පොලිසිය කියයි .
මෙලෙස මියගොස් ඇත්තේ විශ්වමඩු ගෙනහිර ප්‍රදේශයේ පදිංචි (22) තරුණයෙකි .
මෙම තරුණයා තවත් පුද්ගලයකු සමග සමග ආරවුලක් ඇතිකරගෙන ඇති අතර , ස්ථානයට පැමිණි තවත් පුද්ගලයකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇතැයි පොලිසිය කියයි .
වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ තරුණයා යාපනය රෝහලට ඇතුළත් ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත .
පුදුකුඩිඉරිප්පු පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි .
COMMENTS
ඉස්සර ඔවුන් vs GOSL.... දැන් බල්ලා කනවා උගේ තත්වය . කිලිනොච්චි/මුලතිව් ප්‍රදේශවල අපරාධ රැසක් වාර්තා වේ