
(රොමේෂ් මධුෂංඛ)
මුලතිව් මුල්ලියාවලෙයි විද්‍යානන්ද පාසල් ක්‍රීඩාංගනයේ යුද සමයේ දී වළදමා තිබූ එල්.ටී.ටී.ඊ. කාලතුවක්කු ගබඩාවක් හමු වී ඇති බව මුල්ලියාවලෙයි පොලීසිය පවසයි.
මුල්ලියාවලෙයි පාසලක ක්‍රීඩාංගනයේ සංවර්ධන කටයුත්තක් කරමින් සිටි ඉංජිනේරුවරුන්ට පළමුව කාලතුවක්කු උණ්ඩ කිහිපයක් හමුවී තිබේ. පසුව ඒ බව මුල්ලියාවලෙයි පොලීසියට දැනුම් දීමෙන් අනතුරුව පොලිස් නිලධාරීන් එම ස්ථානයට ගොස් කාලතුවක්කු උණ්ඩ 6 ක් තිබී සොයා ගැණිනි.
පසුව මුලතිව් අධිකරණයෙන් ලබාගත් කැණීම් නියෝගයකට අනුව යුද හමුදාවේ 592 බලසේනාවේ 9 වන ඉංජිනේරු බළකායේ සහයෙන් මුල්ලියාවලෙයි පොලීසිය ද එක්ව කාලතුවක්කු උණ්ඩ හමු වූ ස්ථානයේ බැකෝ යන්ත්‍රයක් යොදා ගනිමින් වැඩිදුර කැණීම් සිදු කිරීමේදී මෙලෙස කාලතුවක්කු උණ්ඩ විශාල ප්‍රමාණයක් හමු වී තිබේ.
එහිදී මිලිමීටර් 122 වර්ගයේ කාලතුවක්කු උණ්ඩ 36 ක්, 152 වර්ගයේ කාලතුවක්කු උණ්ඩ 49 ක්, මිලිමීටර් 152 වර්ගයේ භාවිතා කළ නොහැකි කාලතුවක්කු උණ්ඩ කොපු 110 ක්, ෆියුස් 10 ක්, මිලිමීටර් 122 වර්ගයේ කාට්‍රිජස් 29 ක් මෙලෙස වළදමා තිබියදී සොයා ගනු ලැබීය.
යුද සමයේදී කොටි සංවිධානය විසින් ආරක්ෂාව සඳහා පාසල් යොදා ගනිමින් පාසල් ආසන්නයේ සිට ආරක්ෂක අංශ වෙතට කාලතුවක්කු ප්‍රහාර එල්ල කර ඇති අතර එලෙස මුල්ලියාවලෙයි පාසලක ක්‍රීඩාංගනයේ සිට අවසන් යුද සමයේ දී කොටි සංවිධානය විසින් ආරක්ෂක අංශ වෙතට කාලතුවක්කු ප්‍රහාර එල්ල ස්ථානයක් හා කාලතුවක්කු ගබඩා කල ස්ථානයක් වශයෙන් තිබියදී ආරක්ෂක අංශ ළඟා වන විට මෙම උණ්ඩ වළදමා පලා ගොස් ඇති බවට පොලීසිය සැක කර සිටී.
සොයාගත් කාලතුවක්කු උණ්ඩ අධිකරණ නියෝගයකට අනුව නිෂ්ක්‍රීය කිරීමට පියවර ගන්නා බවටද වැඩිදුර පරික්ෂණ සිදු කරන මුල්ලියාවලෙයි පොලීසිය වැඩිදුරටත් පැවසීය.

2025 නොවැම්බර් මස 17
112
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
955
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2557
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
මුලතිව් පාසලක කොටි කාලතුවක්කු ගබඩාවක්
Sam Friday, 29 January 2021 06:49 AM
ඒ කාලේ හිටපු විදුහලේ විදුහල්පති සුමන්තිරන්ද?
wicky Friday, 29 January 2021 08:20 AM
මේවා ජිනීවා වලට පෙන්නන්න. කොටින්ගේ වැඩගැන. නැතිනම් හැමෝම කියන්නේ අපේ හමුදාව තමයි වැරැදි කියලා.
Raveendra Friday, 29 January 2021 08:44 AM
ඡන්ද ලඟ එනකොට හැමදාමත් ලංකාවේ පොළවෙන් මුහුදෙන් එක එක දේවල් මතු වෙනවා. බොර තෙල් නිධි, රත්තරන්, නාග ලෝකෙන් ධාතු අවි ආයුධ බෝම්බ..
PeirisSaturday, 30 January 2021 04:36 AM
හොඳ කියමනක්...
Nihal Friday, 29 January 2021 10:53 AM
ඡන්දයක් ළඟ එන හැඩයි...
Binkunndaa Monday, 01 February 2021 08:03 PM
ඉන්දියාවට තෑගි දීපුවා තමයි.