
(රොමේෂ් මධුෂංඛ)
මුලතිව්හි කුරුන්දි මුහුදුබඩපත්තු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තන්නිමුරුප්පු ග්‍රාම සේවා වසමේ නාගචෝලේ වන රක්ෂිතයේ සිදුකරන ලද කැනීමකදී අනුරාධපුර අවසන් යුගයට අයත්, සිව්වන උදය රජුට අයත් සෙල්ලියක් හමු වූ බව වව්නියාව පුරාවිද්‍යා නිලධාරී කාර්යාලය පවසයි.
එම පුරාවිද්‍යා භූමියේ අක්කර 78 ක භූමි ප්‍රමාණයක් පිහිටා ඇති අතර කැණීම්වලදී අතිශය වැදගත් ආරාමික නටඹුන්, කබොක් ගල්වලින් ඉදිකර ඇති ස්තූපයක්, ප්‍රාකාර බැමි, ශිලා කුලුණු සහිත ගොඩනැගිලි, සඳකඩපහන් සහ කැටයම් සහිත ශිලාමය උළුවහු ආදිය හමු වී ඇත.
යුද සමයේදී සහ නිධන් සොරුන් විසින් මෙම පුරා විද්‍යා භූමියට දැඩි ලෙසින් හානි කර තිබූ බවටද පුරා විද්‍යා නිලධාරීහු වැඩිදුරටත් පැවසූහ. මිනින්දෝරු දෙපාර්තමේන්තුව හා පුරාවිද්‍යා නිලධාරීන් ඒකාබද්ධව ආරම්භ කරන මෙම සෙල්ලිපිය හමුවූ බව අනුරාධපුර යුගයේ අවසාන භාගයේ සිව් වන උදය රජුට අයත් ලිපියක් බවට තහවුරු කරගෙන ඇත.
මේ වන විට අදාල සෙල්ලිපියේ පේලි 100 කට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන ඇති අතර පුරාවිද්‍යා නිලධාරීන් විසින් වැඩිදුර කැනීම් කටයුතු කරනු ලැබේ.

2025 දෙසැම්බර් මස 18
599
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මුලතිව් කැලෑවකින් අනුරාධපුර යුගයේ සෙල්ලිපියක් හමුවෙයි
Lelwala Thursday, 17 December 2020 03:49 PM
සුලු ජාතීන් විසින් පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති සියලු දේ විනාශ කරනවට රජය විසින් ගත යුුතු පියවරක් නොමැත.