(නිමන්ති රණසිංහ සහ රොමේෂ් මධුෂංක)

මුුලතිව් ප‍්‍රදේශයේ ළඳු කැළෑවක පිපිරීමකින්  තරුණයකු මියොගාස් තවත් තරුණයකු තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මෙම පිපිරීමෙන් තරුණයන් දෙදෙනාගේ දෙපාවලට දැඩි තුවාල සිදුවීම හේතුවෙන් ඔවුන් මුලතිව් රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී දහනව හැවිරිදි තරුණයා මරුමුවට පත්ව ඇතැයි ද ඔහු සදහන් කළේය.

ශරීරික අවශ්‍යතාවක් සදහා ගොස් සිටියදී මෙම පිපිරීම සිදුව ඇතැයි ද පොලිසිය කියයි.

මෙම සිද්ධිය සිදුවූ ස්ථානයේ යම් එළි කිරීමක් මීට දින කිහිපයකට පෙර සිදුකර ඇති බවට වාර්තා වී ඇති බවත් එසේම වර්ෂාව හේතුවෙන් යම් යම් ද්‍රව්‍ය කිහිපයක් පොළොව මතුපිටට පැමිණ ඇති බවට දිස්වෙන බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි ද හෙතෙම සදහන් කළේය.