IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


මුලතිව්හි වැවට පෙරළුණු කැබ් රථයේ සිටි තිදෙනාගේ සිරුරු සොයාගනී

(රොමේෂ් මධුෂංඛ)

මුලතිව් මල්ලාවි පොලිස් වසමේ වව්නිකුලම් වැවට කැබ් රථයක් පෙරලීමෙන් අතුරුදහන් වූ තිදෙනාගේ මළ සිරුරු අද (20) අලුයම වන විට සොයා ගත් බවට මල්ලාවි පොලීසිය පවසයි.
 
වර්ෂාව හේතුවෙන් පිරී ඇති වව්නිකුලම් වැව බැලීම සඳහා ඊයේ (19) සවස පියා, දියණිය සමග යාබද නිවසක සිටි තවත් ළමුන් දෙදෙනෙකු එක්ව කැබ් රථයක ගමන් කරමින් සිටියදී කැබ් රථය වැවට පෙරලී යාමෙන් මෙම අනතුර සිදුව තිබුණි.
 
කැබ් රථයේ සිට වැවේ සිරි නරඹමින් ගමන් කරන අවස්ථාවේදී වැව් බැම්මේ තිබූ වතුර වලක් බේරීමට කැබ් රථයේ රියදුරු වූ පියා ගත් උත්සහය හේතුවෙන්, වැසි සහිත කාලගුණය හා වැව් බැම්මේ ලිස්සන සුලු ස්වභාවය හේතුවෙන් කැබ් රථය පෙරලී ගොස් ඇති බවට පරීක්ෂණ සිදු කල මල්ලාවි පොලීසිය විසින් අනාවරණය කර ගෙන ඇත.
 
එහිදී කැබ් රථය පෙරලීමෙන් කැබ් රථයේ සිටි පියා, දියණිය හා තවත් පිරිමි දරුවෙකු අතුරුදහන් වූ අතර එක් 13 හැවිරිදි දරුවෙකුගේ දිවි බේරා ගැනීමට යුද හමුදාව හා ප්‍රදේශවාසීහු සමත්වූහ.
 
පසුව යුදහමුදාව හා ප්‍රදේශවාසීන් එක්ව අතුරුදහන් වූවන් සෙවීම රාත්‍රිය පුරාම සිදු කල අතර අද අලුයම වන විට අතුරුදහන් වූ තිදෙනාම ජලයේ ගිලීමෙන් මිය ගොස් සිටියදී මළ සිරුරු සොයා ගත් බවට මල්ලාවි පොලීසිය පැවසීය.
 
අනතුරින් මිය ගොස් ඇත්තේ මුලතිව් මල්ලාවි පොලිස් වසමේ සෙල්වපුරම් ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පියා සහ ඔහුගේ අවුරුදු 3 ක් වයසැති දියණිය සමග යාබද නිවසේ සිටි 13 හැවිරිදි පිරිමි දරුවාය.

අනතුරින් දිවි බොරාගත් 13 හැවිරිදි දරුවා මල්ලාවි ප්‍රාදේශීය රෝහලේ ප්‍රතිකාර ලබන අතර මිය අයගේ පශ්චාත මරණ පරීක්ෂණ කටයුතු මල්ලාවි රෝහලේදී සිදු කිරීමට පියවර ගෙන ඇති බවට පරික්ෂණ සිදු කරන මල්ලාවි පොලීසිය වැඩිදුරටත් පැවසීය.



අදහස් (0)

මුලතිව්හි වැවට පෙරළුණු කැබ් රථයේ සිටි තිදෙනාගේ සිරුරු සොයාගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 637 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 531 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 433 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site