
(රොමේෂ් මධුෂංඛ)
මුලතිව් ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ දී ප්‍රධාන මාර්ගයේ ධාවනය වෙමින් තිබූ ගිලන් රථයකට වන අලියකු පහරදීමෙන් ගිලන්රථයට බරපතල හානි සිදුව ඇතැයි පොලිිසිය පවසයි.
මුලතිව් මල්ලාවි ප්‍රාදේශීය රෝහලේ සිට මුලතිව් දක්වා ධාවනය වෙමින් තිබූ අදාළ ගිලන් රථයට ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ දී එකවරම මර්ගය හරහා ගමන්කිරීමට උත්සහ ගත් අවස්ථාවකදී වනඅලියා ගිලන්රථයේ ගැටීමෙන් පසුව වනඅලියා ගිලන් රථයට පහරදී ඇති කැලෑවට පලා ගොස් ඇත.
වන අලියා පහරදෙන අවස්ථාවේදී ගිලන් රථයේ රෝගීන් සිට නොමැති හෙයින් පුද්ගල හානි කිසිවක් වාර් තා වී නොමැති අතර ගිලන්රථයේ රියදුරුට ද හානියක් සිදුව නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් ඔඩ්ඩුසුඩාන් පොලීසිය පරික්ෂණ සිදු කරයි.
ඔඩ්ඩුසුඩාන් මුලතිව් මාර්ගයේ මීට පෙරද වනඅලින් නිතර මාර් ගය හරහා ගමන්කිරීම හේතුවෙන් පසුව සිදුව ඇති අතර මගීන් ගමන් කිරීමේදී ප්‍රවේශමෙන් ගමන් කරන ලෙසටද පොලීසිය දැනුම් දී ඇත.

COMMENTS