IMG-LOGO

2025 ඔක්තෝබර් මස 15 වන බදාදා


මිල්කෝ කම්හලේ කෝටි 50 ක කිරිපිටි තොගයක් ඉවතට

( දඹුල්ල - කාංචන කුමාර ආරියදාස)

රුපියල් කෝටි 50ක් පමණ වටිනා මිනිස් පරිභෝජනයට නුසුදුසු කිරිපිටි තොගයක් නුවරඑළිය අඹේවෙල මිල්කෝ කර්මාන්තශාලාවේ කාමරයක ගබඩා කර ඇතැයි එම කම්හලේ කළමනාකරු මහින්ද දිසානායක මහතා පැවැසීය.

මහින්ද දිසානායක මහතා මෙසේ පැවැසුවේ රට පුරා පවතින හයිලන්ඞ් කිරිපිටි හිඟය සහ කිරිපිටි තොගක් සඟවා ඇතැයි කියන තොරතුරක් පිළිබඳව ඔහුගෙන් කළ විමසුමකට පිළිතුරු දෙමිනි.

2017 වසරේදී ගොවීන්ගෙන් මිලදී ගත් දියර කිරි අඹේවෙල කිරි කර්මාන්තශාලාවට රැගෙන ගොස් ඒවා පිටි බවට පත්කිරීමේදී සිදුවී ඇති කාර්මික දෝෂයක් නිසා මෙම කිරිපිටි තොගය මෙසේ ඉවත් කිරීමට සිදුවී ඇති බව ද ඔහු වැඩිදුරටත් පැවැසීය.

 මධ්‍යම පළාතේ කිරි ගොවීන්ට ගෙවිය යුතු මුදල් ගෙවීමකදී ඇතිවී තිබෙන ප්‍රමාදය ගැන ඔහුගෙන් කළ විමසීමේදී ඔහු කියා සිටියේ මෙම මිලියන 500ක් වන මුදල හිරවී තිබීම නිසා මෙසේ ප්‍රමාදයක් සිදුවිය හැකි බවයි.

 මේ පිළිබඳව මිල්කෝ සමාගමේ සාමාන්‍යාධිකාරී සුගත් මුණසිංහ මහතාගෙන් විමසීමේදී ඔහු කියා සිටියේ රුපියල් කෝටි 50ක් වටිනා කිරිපිටි තොගයක් විනාශ වීම සාමාන්‍ය දෙයක් බවයි.

 2017 වසරේදී ගොවීන්ගෙන් මිලදීගත් දියර කිරි කර්මාන්තශාලාවේදී කිරිපිටි බවට පත්කිරීමේදී යම්කිසි වරදක් සිදුවීම නිසා මෙම කිරිපිටි මිනිස් පරිභෝජනයට ගැනීමට නොහැකි තත්ත්වයට පත්වී යැයි ද මිල්කෝ සාමන්‍යාධිකාරීවරයා කීය.

 රටේ හයිලන්ඞ් කිරිපිටි හිඟය තවත් මාස කිහිපයකින් මඟහැරී යනු ඇතැයි ඔහු වැඩිදුරටත් පැවැසීය.



අදහස් (11)

මිල්කෝ කම්හලේ කෝටි 50 ක කිරිපිටි තොගයක් ඉවතට

sachith Tuesday, 14 January 2020 06:55 AM

නියම කළමනාකාරිත්වයක්, දේශපාලන අතපෙවීම් නැත්නම් කෝටි ගානක් ලාබ ලබපු ආයතනයක්. මෙච්චර කිරිපිටි ගොඩක් අහක යනවා කියන්නේ කිරි ගන්න තැන ඉදල පිටි කරන තැන වෙනකම් කිසිම තත්ත්ව පරීක්ෂාවක් කරලා නැති නිසා.

:       0       31

Sanath KandyTuesday, 14 January 2020 07:40 AM

අනුර කුමාර දිසානායක කෘෂිකර්ම ඇමති කාලේ මිල්කෝ ආයතනය ලාබ ලබන තත්වයට පත් කළා. සේවකයන්ට බෝනස් දුන්නා. කිරි ගොවීන්ට ලබා දුන් කිරි වලට බෝනස් මුදලක් ලබා දුන්නා. නිවැරදි දැක්මක් අවංක උවමනාවක් ඇත්නම් මේ රාජ්‍ය ආයතන ලාභ ලබන තත්වයට පත්කළ හැකියි.

:       0       324

Roshan Tuesday, 14 January 2020 09:21 AM

පුංචි අම්මපල්ලා කියන්න.........

:       36       1

Ananda Tuesday, 14 January 2020 06:59 AM

කිරිපිටි මාෆියාව සල්ලි අත මිට මොලවල ගහන ගේම .

:       0       73

lalithm Tuesday, 14 January 2020 07:03 AM

මිලියන 500 කිරි තොග විනාශ වීම සාමාන්‍ය දෙයක් නම් මේ ලොක්කට කොච්චර කොමිස් හම්බ වෙනවා ඇතිද කිරිපිටි සමාගම් වලින්. තොග හානි කරන්නයි, කාර්මික දෝෂ ඇතිකරන්නයි!!

:       0       315

damith Tuesday, 14 January 2020 07:40 AM

මේවා නවත්වන්න මහාපරිමාණ කොමිස් ගසන්නන් පාවාදෙන්නන් දේශද්‍රෝහීන් ලෙස සලකා මරණ දඬුවම දෙන්න ඕන. නැත්නම් මේ හොරුන්ගේ පරදීසේ කවදාවත් හැදෙන්නේ නෑ

:       0       63

Amara Tuesday, 14 January 2020 08:15 AM

හරියට හරි. පරීක්ෂණයක් පවත්වා කොටි 50ක අපතේ යනතෙක් බලා සිටි අයට නඩු පවරා සේවයෙන් පහ කල යුතුයි. මේවා රජයේ ආයතන හරියට කරන්න පුළුවන් අයට භාර දෙන්නන බැරි නම් යන්න.

:       0       7

amali Tuesday, 14 January 2020 08:30 AM

2017 ආණ්ඩු කරපු අයත් එක්ක තමා අනුර කුමාර හිටියේ

:       20       0

රවින් Tuesday, 14 January 2020 08:31 AM

පහුගිය කාලේ පුවතක් තිබුනා වගේ මතකයි ඔය සමාගමෙන් මිනිස් පරිභෝජනයට නුසුදුසුයි කියන කිරිපිටි එක්තරා ආයතනයකට විකුණා ඒවා වෙනත් වෙළෙඳ නාමයකින් අසුරා නැවත වෙළෙඳපලට නිකුත් කරන ජාවාරමක් පිළිබඳව. මේ තොගයත් ඒ හා සමාන ගනුදෙනුවකටවත් ගොඩ ගැසුවාද? රාජ්‍ය කියන ලේබලය තුල දුෂණය කියන අකුරුත් කොහේ හරි ලියලා තියන බව හැමෝම දන්නා රහසක්.

:       0       13

දිමුත් Tuesday, 14 January 2020 09:21 AM

ජාතික අපරාධ.....................

:       0       3

jerry Tuesday, 14 January 2020 11:09 AM

හයිලන්ඩ් කිරි පිටි විතරක් නෙවෙයි සියළුම හයිලන්ඩ් නිෂ්පාදන වලට තියෙන්නේ ලොකු ඉල්ලුමක් මේ මිල්කෝ ආයතනය නිවැරදිව පාලනය කරොත් ලොකු ආදායමක් ගන්න පුළුවන් ,

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 769 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 907 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 377 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site