
( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
කොවිඩ් මෘත ශරීර ආදාහනය කිරීමේ ආණ්ඩුවේ ක්‍රියාවලිය මුහුණුපොත මගින් විවේචනය කිරීම හේතුවෙන් තමාට එරෙහිව ලැබුණු පැමිණිල්ලක් නොමැතිව තමා නිකරුණේ අත්අඩංගුවට ගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බව සදහන් කරමින් රුපියල් කෝටියක වන්දි මුදලක් ඉල්ලා මෘදුකාංග සංවර්ධකයෙකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.
පිළියන්දල , මඩපාත පදිංචි චිරන්ත රන්මාල් අමරසිංහ මහතා විසින් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් පොලිස්පති සී.ඩී .වික්‍රමරත්න මහතා ඇතුළු හත් දෙනෙකු නම් කරනු ලැබ ඇත.
පෙත්සම්කරු වෘත්තීයෙන් මෘදුකාංග සංවර්ධකයෙකු සහ පරිගණක ක්‍රම ලේඛකයෙකු වේ. තවද පෙත්සම්කරු ලංකා යතුරු පැදි ධාවකයින් ගේ සංගමයේ සභාපතිවරයාද වේ. මේවන විට ජනාධිපතිවරයා ගේ පාලනය සම්බන්ධයෙන් රට තුළ ජනතා අප්‍රසාදයක් පවතී . ජනතාව ප්‍රබල ලෙස ජනාධිපතිවරයා විවෙචනය කරති.
පෙත්සම්කරු නිරන්තරයෙන්ම ආණ්ඩුවේ ක්‍රියා පිළිබද විවේචනය කරමින් මුහුණු පොතේ විවිධ සටහන් දමන්නෙකි.විශේෂයෙන්ම පෙත්සම්කරු කොවිඩ් මෘත ශරීර ආදාහනය කිරීම සම්බන්ධයෙන් දැඩි ලෙස විවෙචනය කරමින් මුහුණු පොතේ සටහන් පළ කළේය.
පසුගිය වසරේ නොවැම්බර් 17 වැනිදා සවස 5.30ට පමණ අපරාධි පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් පෙත්සම්කරුගේ නිවසට පැමිණියේය.ඔවූහු පෙත්සම්කරුගේ මුහුණු පොතේ (ෆේස්බුක්) පළ සටහනක් සම්බන්ධයෙන් ප්‍රශ්න කළහ.
පෙත්සම්කරුගේ නිවසට පැමිණි අපරාධි පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායම පෙත්සම්කරුගේ මුහුණු පොතට ඇතුළු වීම සිදු කළ පරිගණක උපාංග රැගෙන පෙත්සම්කරුව එම අවස්ථාවේදීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිය අතර ඔහු කොවිඩ් මෘතදේහ ආදාහනය සම්බන්ධයෙන් මුහුණු පොතේ පළ කල සටහන ඉවත් කරන ලෙසට දැනුම් දී තිබේ.
පෙත්සම්කරු භක්තිමත් කතෝලිකයෙකු වශයෙන් කොවිඩ් වසංගතයෙන් මියගිය තැනැත්තන්ගේ අදාහනය කිරීම සම්බන්ධයෙන් දැඩිව විවේචනය කළේය.පසුව පෙත්සම්කරු කොවිඩ් රෙගුලාසි යටතේ අත්අඩංගුවට ගන්නා බව දැනුම් දී අත්අඩංගුවට ගනු ලැබීය.
2020 නොවැම්බර් 18 වැනි දින පෙත්සම්කරු මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කොට පසුව ඇප මත මුදා හරින ලදී.
මේ වසරේ ජනවාරි 23 වැනි දින පෙත්සම්කරුගේ පෞද්ගලික විද්්‍යුත් ලිපිනයට මරණීය තර්ජනය කරමින් ලිපි ලැබිණි.මේ පිළිබද පෙත්සම්කරු පොලිස්පතිට ද පැමිණිලි කළේය.
මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන ලෙසද , අදාළ ක්‍රියාවෙන් තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට ප්‍රකාශ කරන ලෙසද , තමන් සන්තකයේ තිබූ තම පරිගනක උපාංග තමාට ලබා දෙන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු බලධාරීන්ට නියෝග කරන ලෙසද , රුපියල් කෝටියක වන්දි මුදලක් අය කර දෙන ලෙසද පෙත්සම්කාර මෘදුකාංග සංවර්ධකයෙකු වන චිරන්ත අමරසිංහ මහතා සිය පෙත්සම මගින් ශ්‍රේෂ්ටාධිකරණයෙන් ඉල්ලා සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා හොඳ වැඩක්. බලමු දැන් නීතියේ ක්‍රියාත්මක වීම කොහොම වෙයිද කියලා
කොහොමත් කෙලින්ම පසට වළලනවා LPG නාස්තිය සහ co2 c0 විමෝචනය පාවිච්චි කරලා හොඳයි, කොවිඩ් වලට නෙවෙයි, හැම වෙලේම හොඳයි, මෙන්න ඉන්දියාවේ රට පුරා දිනකට මරණ අනුපාතය 28000 ක් වාර්ෂිකව මිලියන 10 ක් .
තමාගේ සිතට ඒන ඕනෑම දෙයක් සත්‍යය සේ පැවසීම තම අයිතිවාසිකමක් සේ සලකන්නේ නම් ඒසේ ප්‍රකාශ කරන අයගේ ආත්ම ගරුත්වය සම්බන්ධයෙන් සහ සත්‍යය නොවන දෙයක් සත්‍යය සේ ජන මනසට කා වැද්දීමෙන් ඇතිවන සමාජ හානිය සම්බන්ධයෙන් ගත් කල දීන ක්‍රියාවකි. ඒබැවින් අපේ ජන විඥානයට හා අපේ සංස්කෘතියට ගැලපෙන ලෙස මූලික අයිතිවාසිකම් වලට නව අර්ථකතන ලබා දිය යුතුය. පැහැදිලිවම සමාජ හානිය ඉදිරියේදී පුද්ගල අයිතිවාසිකම් නිශේධනය විය යුතුය. මක් නිසාද යත් අප වැනි රටක මුදල් හෝ වෙනත් වරප්‍රසාද ලැබෙන්නේ නම් ඕනෑම ජඩ වැඩක් සිදුකිරීමේ මිනිසුන් වැඩි වීමේ ප්‍රවණතාවයක් හා ඒ් හා සමානව සමාජයට දුර්මත පැතිරීමෙන් සිදුවන සමාජ හානිය ඉහල යාමේ ප්‍රවණතාවයක් පැහැදිවම විද්‍යාමාන වන බැවිනි. නූතන කොවිඩ් රැලිද, ඉන්ධන වැනි භාණ්ඩ පෝලිම්ද, විශේෂයෙන් මැතිවරණ වලදී ජනමතයට පැහැදිලි බලපෑමක් කිරීමට මෙම හිතලු සමත් වන බැවින් රටේ අභ්‍යන්තර ගැටළු වලට හා විදෙස් බලපෑම් වලට මෙම අයිතිවාසිකම් තෝතැන්නක් වන බැවිනි.