ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ
මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධව චෝදනාවන්ට වරදකරුවී මරණ දඬුවම නියමවූ චුදිතයින් 18 දෙනෙකුගේ සියලු වාර්තා ජනාධිපතිවරයාට යවා ඇතැයි අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මිය පාර්ලිමේන්තුවේ දී අද (5) පැවසුවාය.
නිතිපතිවරයාගේ නිර්දේශ සහිතව යැවු වාර්තා සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි පියවර ගැන මෙතෙක් දන්වා නැතැයි ද ඇමැතිවරිය කීවාය.
කුරුණෑගල දිස්ත්‍රික් එජාප මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ බව පැවසුවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්වත් කරලා පෙන්වනවද
ජනාධිපතිතුමනි, ඔන්න ඔබතුමාගේ අත්සන අවශ්‍ය මොහොත උදාවී ඇත.
එපා තවත් පමා.
18 දෙනාද ඉන්නේ? පුවත්පතක් බැලුවොත් කොල නැති ගහට යවන්න තීරණය කරපු ප්‍රවෘත්ති අඩු තරමින් සතියකට එකක් හෝ තිබෙනවා නොවේ ද ?
බලමු අත්සන් කරයිද කියලා
ඔන්න වැඩ පෙන්නන්න කාලේ ඇවිත්. ගනු කඩුව එනු සටනට! ඇරගෙන සියල්ලෝම බලාගෙන ඉන්න.
මේවා නැති වුනා කියල නේද පහුගිය දවස්වල හිටියේ?
ඔබතුමාගේ පෑන කවුරුහරි හොරෙන් අරගෙනද ? ඇයි තවත් පමාකරන්නේ ?
දැන් මුළු රටම බලන් ඉන්නවා අත්සන ගහනකම්. දැන් අරවා අඩුයි මේවා අඩුයි කිය කිය ඉන්න බැහැ.
ඔන්න කොන්ද පන තියෙනවා කියල පෙන්නන අවස්ථාව ඇවිල්ල.
නගින නගින හැම වේදිකාවකම අපේ ජනපති තුමා කියන්නේ මරණ දඬුවම දෙන්න බැරි ෆයිල් හොරකම් කල නිසාලු. නැතිනම් එයා දන්නවලු කරන වැඩේ. ඔන්න දැන් ෆයිල් තියනවා.
දැන් ඉතින් ෆයිල් ටික හම්බුනානේ. බලමු දැන් මොනවා කියාවි කියල.
කීයක් ඔට්ටුද මේකට අත්සන් කරන්නේ නැහැ. හොද බයිලාවක් කියන්න මානබලයි......
මාව විධායක ජනාධිපති කරන්න, අංක 1 - මත් ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම (අග සිට මුලට). මොකද මේ ඊයේ පෙරේදා ඉඳන් අහුවුනේ පොඩි ප්‍රමාණ නෙවි, මෙච්චර කුඩු බය නැතුව ගේන්නේ මුන් ළඟ නව තාක්ෂණ ක්‍රම සහ දේශපාලන උදව් තියෙන නිසා. අංක 2 - ළමා, ස්ත්‍රී ධූෂණ හා මිනී මැරීම්. එකත් අග සිට මුලට.