(හර්ෂණ තුෂාර සිල්වා)
මත්ද්‍රව්‍ය ආශ්‍රිත අපරාධවලට සම්බන්ධ සිරකරුවන් 13 දෙනකුට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙන ඇති ක්‍රියාමාර්ග කඩිනමින් නැවැත්විය විය යුතු යැයි ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
ජූනි 21 සිට ජූලි 1 දින දක්වා ප්‍රකාශයට පත් කර තිබෙන ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය තුළ දී මත්ද්‍රව්‍ය වැරදිවලට සම්බන්ධ පුද්ගලයන් කිහිපදෙනකුට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා පියවර ගනිමින් සිටින බව මාධ්‍ය වාර්තාවලින් දැනගන්නට ලැබුණු බව ද එම සංවිධානය සඳහන් කරයි.
මත්ද්‍රව්‍ය වැරදිවලට සම්බන්ධ පුද්ගලයන් සිවුදෙනකුට මරණ දඬුවම ලබාදීමට තමා මේ වනවිට අත්සන් තබා ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (26) පැවැසීය. කොළඹ පැවැති මාධ්‍ය ප්‍රධානීන්ගේ හමුවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඒ බව සඳහන් කළේය.
ශ්‍රී ලංකාව යම් හෙයකින් මරණ දඬුවම ක්‍රියාත්මක කළහොත් 1976 වසරෙන් පසුව ශ්‍රී ලංකාව මරණ දඬුවම ක්‍රියාත්මක කරන පළමු අවස්ථාව එය බව ද ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය සිය නිවේදනයේ සඳහන් කර ඇත.
මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඇති සැලසුම් නවතා දමන්නැයි ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය අවස්ථා කිහිපයකදීම ඉල්ලා සිටියේය.
මේ අතර මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමෙන් ශ්‍රී ලංකාව මත්ද්‍රව්‍යවලට සම්බන්ධ අපරාධවලින් මුදා ගත නොහැකි බව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ දකුණු ආසියානු කලාපයේ අධ්‍යක්ෂ බිරාජ් පට්නයික් මහතාපැවැසීය.
COMMENTS
ඔය කතාව කියපල්ලකෝ ඇමෙරිකාවටත්. දුප්පත් රටවලට තමයි හැම එකාම අත පොවන්නේ.
"" ක්ෂමා සංවිධානය "" කියන්නේ වැරදිකරුවන්ගේ .. නෑදෑයන්..හිතමිතුරන් .. විසින් හදාගත්ත අට්ටාලයක් ... ඕවට බයවීම හෝ ඇහුන්කන් දීමෙන් , අපේ රට මත්ද්‍රව්‍ය අගාදයට ඇද දැමීමට ඉඩ නොදිය යුතුයි ..
1948 නිදහසින් පසු මෙරට රාජ්‍ය පාලනය සාධාරණ ලෙස සිදුවීද? රටේ සම්පත් බෙදීයාම, අධ්‍යාපන ලැබීමේ අවස්ථාව, වෘත්තීය දැනුමක් ලබා ගැනීම, නීතියේ රැකවරණය, රාජ්‍ය පරිපාලනයෙන් වැසියාට සිදුවිය යුතු සේවාව, සියලු රාජ්‍ය සේවා, යන සියල්ල විශමතාවන් අඩු වැඩි වශයෙන් පවතී. රැකියවක ලබා ගැනීම පමණක් නොව රැකියා කරන්නගේ ගෞරවනීය භාවය සියලු දෙනාට එක ලෙස නැත. වැසියාගේ හෙට දවස ආර්ථික තත්වය සතුටු දායක නැත. ඉතා අත්ලොස්සක් පමණක් ආර්ථික වශයෙන් සුරක්ෂිත වීම රටකට සතුටු විය නොහැක. රටේ සාදාචාර වර්ධනය ගැන ක්‍රියා කරන රජයක, සුරාව පිළිබඳ රාජ්‍ය ආයතන තිබිය නොහැක. සුරා සැල් පවත්වීමට බලපත්‍ර ලබාදී මද්‍යසාර රට පුරා ව්‍යාප්ත කර හෙට තරුණ වියට පත් වන ළමයා පටන් මහලු වැඩිහිටියා දක්වා සුරාවට ඇබ්බැහි වීමට මග පාදා ඇත්තේ කවුද? රජයට මේ වගකීමෙන් මිදිය නොහැක. බොහෝ දෙනා මුලින් ඇබ්බැහි වන්නේ මධ්‍යසාර වලට ය. දෙවනුව මත්ද්‍රව්‍ය වලටය. කෙසේ නමුදු සදාචාරය පිරිහීමට මධ්‍යසාර හේතුය. දුසිල්, අවිචාරවත් සමාජයක් ඇති වීමට දීර්ඝ කාලයක සිට, පාලකයන් මග පාදා සමාජ-ආර්ථික විසමතාවය පිටු නොදැක අහිංසක ජනතාව නොමග ගිය විට, මරණීය දණ්ඩනය
මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට රජයට අයිතියක් තිබේද? යන්න මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරන, කරවන සියලු දෙනා හෘද සාක්ෂියෙන් විමසා බැලිය යුතුය. අපරාධ කරුවන් වුවද කෙනෙකුගේ පණ ලඝු කොට ගත් හැක්කේ කෲර හදවත් ඇත්තන්ට පමණි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ “පරමාධිපත්‍යය” යන්න හදුන්වා ඇත. නමුත් “පරමාධිපත්‍යය” යන වචනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති අරුත් ගැන්වීමට වඩා අරුත් ගත් පදයකි. පරමාධිපත්‍යය යනු කෙනෙකුගේ පණට තිබෙන අයිතිය හෙවත් ජීවත් වීමේ අයිතිය ය. කිසිවෙකුටත් මේ ලෝකයේ කෙනෙකුගේ පණට තිබෙන අයිතියට හෙවත් ජීවත් වීමට තිබෙන අයිතියට අභියෝග කළ නොහැක. මිහි පිට ජීවත් වන සතා සිවුපාවුන්ට පවා ජීවත් වීමේ අයිතියක් ඇත. මනුෂ්‍යයන් ගැන කියනුම කිම? රට පාලනය කරන පාලකයන් වරප්‍රසාද භුක්ති විදිමින් රටට ජනතාවට තම යුතුකම් ඉටු නොකර පාලිතයාට මරණීය දණ්ඩනය දීම ශාපයක් වනවා නොඅනුමානය.
මත්ද්‍රව්‍ය, ළමා අපචාර, ස්ත්‍රී දූෂණ, මිනීමැරීම් මේ අපරාද වලට මරණ දඬුවම දෙන්න.. කාගෙවත් ක්ෂමා සංවිධානය අපිට අදාල නැහැ. අපේ රටේ වුවද දුරු අපි පාලනය කර ගන්න ඕනේ...
කිසිම හෙයකින් මේ ගතාවූ ක්‍රියාමාර්ගය නැවැත්විය නොයුතුයි එක එක රටවල ඩොලර් වලට කඩේ යන සංවිධානවලට ඕනේ විදිහට රට පාලනය කරන්න බැහැ මේක නවතුවහොත් එන ඡන්දෙන් ශ්‍රීලංකා නිදහස් පක්ෂයත් සදහටම ගෙදර යවනවා ශ්‍රී ලංකාවෙන් මකා දමනවා කොන්ද පන නැති දේශපාලන පක්ෂ හෝ නායකයන් ඕනෙම නැහැ......
අපිත් එකඟයි, හැබැයි ජීවිතාන්තය දක්වා දෙන සිර දඬුවම ජීවිතාන්තය දක්වාම දියයුතුයි. මොකද මරණ වේදනාව තප්පර ගණනයි.. සිරබත් කෑම ජීවිත කාලයම විඳිය යුතුයි.
මේක නම් මට අහන්න ලැබුණු කණගාටුවක් ඇතිවන ආරංචියක්, මානව හිමිකම් දර්ශකවල ඉහළින් ඉන්න ලංකාවේ නම කැතවන දුර්දාන්ත තීරණයක්... ටිකක් කල්පනා කරන්න මිනිහෙක්ගේ ජීවිතයක් උදුරාගන්න තවත් මිනිහෙක්ට තියෙන අයිතිය මොකක්ද? එය මිනිහෙක්ට කරන්න පුළුවන් දරුණුම අපරාධය. ඒ වගේම අපරාධ කරුවෙක්ට, ශිෂ්ඨ සමාජයක දෙන්න පුළුවන් ලොකුම දඬුවම සමාජයෙන් කොන්කරලා ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් දීම... එයයි ශිෂ්ඨ ලෝකය පිළිගත් ක්‍රමය. ඒ මග බෞද්ධ ක්‍රමයයි, එයින් පිට මරණ දඬුවම දීම කියන්නේ ශිෂ්ඨ ලෝකය පිළිකුල් කරන ජරා තුච්ඡ ගෝත්‍රික නීතිවලින් පාලනය වන රටක ක්‍රමය...
ලොව යම්කිසි අකටයුත්තක් වේ නම් ඒ පිටිපස ධනවත් යයි සැලකෙන සැහෙන කොටසක් ඉන්නවා? ඒ අයගෙන් වැඩිපුර ජීවත්වෙන්නේ ධනවත් යයි සලකන රටවල. එන්.ජී.ඕ. වලට සෑහෙන මුදලින් පරිත්‍යාග කරන්නෙත් ඔය කියන ධනවත් අයම තමයි. මත්ද්‍රව්‍ය සමග අසුවෙන අයවලුන් හට නීතිය ක්‍රියාත්මක කරනවිට ඔවුන්ව බේරාගැනීමට වක්‍රානුකූලව ඉදිරිපත් වන්නේත් ඔය කියන ධනවත් උදවියම තමයි. ඉතින් කැරකෙන රෝදේ..
අපේ රටේ ඉන්නවා මැදපෙරදිග සේවයට ගිහින් ගුවන් තොටුපොලේදී රටේ මනුස්සයෙක් සිංහල කතා කරන මනුස්සයෙක්ගේ කීමක් විශ්වාස කරලා පාර්සල් ප්‍රවාහනය කරලා ඒ පාර්සල්වල මත්ද්‍රව්‍ය තිබිලා අහුවුණු සිදුවීම්, ඒ අහිංසකයිනුත් රටේ නීතියට අනුව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්... ඒ අයත් හිරේ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් විඳිනවා. ඉතින් කල්පනා කරන්න එහෙම මනුස්සයෙක්ට මරණ දඬුවම ලැබුනොත් වැරදිකාරයන් දාහක් නිදහස් කළාටත් වඩා අපරාධයක්... පව්කාර මිනිස්සුනේ!!! ඔවැනි අපරාධවලට අනුබල දෙන්න එපා.
අපි අපේ රට ගැන බලාගන්නම්.
අපිට පුළුවන් අපේ දෙවල් බලාගන්න
ඔය මුදලාලිලා විසින් අහිංසක නිරෝගී ජනතාවට හුරුකරන ලද මත්ද්‍රව්‍යවල විසෙන් මැරෙන මිනිසුන්ටත් සලස්වලා දී තිබෙන්නේ මරණ දඬුවමක් නොවේද? ක්ෂමා සංවිධානය ඒ මරණ දඬුවමත් නවතා දෙන්න ඕනේ එහෙනම්..