( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
ලබන සතිය අවසන් වනතුරු මරණ දඬුවම ක්‍රියාත්මක කරමින් තමන් යටතේ සිටින කිසිම පුද්ගලයකු එල්ලා මැරීම සිදු නොකිරීමට බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ජයසිරි විජේනාත් තෙන්නකොන් මහතා අද ( 28) අධිකරණය හමුවේ එකඟතාවය පළ කළේය.
මරණදඬුවම් ක්‍රියාත්මක කරමින් කිසිම පුද්ගලයකු එල්ලා මැරීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු පුවත්පත් කතුවරයකු ගොනු කළ රිට් පෙත්සම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වන්නැයි නියෝග කරමින් අභියාචනාධිකරණය අද (28) උදේ වරුවේ නීතිපතිට නොතීසි නිකුත් කළේය.
ඒ අනුව අද දවල් 2.30ට නීතිපතිට අධිකරණය හමුවේ පෙනී සිටියේය. නිතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා දන්වා සිටියේ ජනාධිපතිවරයා ගේ ක්‍රියාවක් අභියෝගයට ලක් කීරීමට අභියාචනාධිකරණයට අධිකරණ බලයක් නොමැති බවය.
කරුණු සැළකිල්ලට ගත් අභියාචනාධිකරණය ජුලි 2 වැනිදා මෙම පෙත්සම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට තීන්දු කළ අතර එදිනට නීතිපති මූලික විරෝධතාවයක් ඉදිරිපත් කරන බවද අධිකරණයට දැන්වීය.
(ඡායාරූප - ළහිරු හර්ෂණ)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැරදිකාරයින්ට ජනාධිපතිතුමා කැමති දිනයක එල්ලලා මරන්න මරණ දඬුවම නියම කරලා තිබෙන්නේ අධිකරණයෙන් ජනාධිපතිතුමා දින නියම කරලා අත්සන් කරලා තිබෙනවා නම් ඉතින් එ්ක අභියාචනාධිකරණයෙන් සාධාරණ හේතුවක් නොමැතිව වළක්වන එක හෝ තාවකාලිකව අත්හිටුවන එක අධිකරණයට සහ ජනාධිපතිතුමාට කරන අපහාසයක් නොවේද? සමාවෙන්න දන්නේ නැති නිසා අහන්නේ, මෙවැනි පෙත්සම් විභාගයට ගන්නේ නැතුවම නිෂ්ප්‍රභා කරන්න. කුඩු මුදලාලිලා ජංගම දුරකථන මගින් බන්ධනාගාරය තුළ සිට දිනපතා කුඩු කිලෝගණනින් විකුණමින් ජීවිත නැතිකරමින් සිටිති...
ඔය හිටපු පුවත්පත් කතුවරයාගේ වත්කම් පරීක්ෂා කළොත් මරණ දඬුවම ක්‍රියාත්මක කරනවාට අකමැති සැබෑ හේතුව හොයාගන්න පුළුවන් වෙයි...
ව්‍යවස්ථාව, විධායකය හා අධිකරණය අතර තවත් මත ගැටුමක්..?
මෙතරම් සුඛෝපභෝගි වාහනයේ දොර තමන්ට ඇර ගන්න බැරිද? තමන්ට පදවන්නත් බැරිනම්, දොර අරින්න වහන්නත් තමන්ට බැරිනම්... මොකටද මේ වාහන, ආරක්ෂක භටයෙක් සැලියුට් ගහනකොට වැඩ කරන වාහන ගෙන්වන්න එපා. ඔය සුළු දේවත් කරගන්න බැරි කට්ටිය තමයි රට ගොඩගන්න යන්නේ...
පුදුම අධිකරණයක්නේ ලංකාවේ තියෙන්නේ... අධිකරණයෙන්ම තීරණය කරලා මරන්න කියලා, මරන්න හදපුවාම අහනවා ඇයි මරන්නේ කියලා. විහිළු වලින් ලංකාව ලෝකයේ අංක 1..
යුරෝපයේ සිරදඬුවම් නියම වුණු අපරාධකාරයින්ට සිර ගෙවල්වල සිට ජංගම දුරකථන භාවිත කල නොහැක. එම රටවල බන්ධනාගාර නිලධාරීන්ගෙන් 99% පය ගහන්නේ නැති නිසා... සිරකරුවන්ට බන්ධනාගාරය තුළ සිට කුඩු කිලෝ ගණන ඩීල් කිරීමට හෝ කුලියට මිනී මැරවීමට හෝ කප්පම් ගැනීම හෝ කළ නොහැක. එමනිසා එම රටවල මරණ දඬුවම අවශ්‍ය නැත. නමුත් ලංකාවේ තත්වය මෙයට වැඩිය සම්පූර්ණයෙන්ම වෙනස්, ලංකාවේ හිරේ සිටින කුඩු කාරයන් කිහිප දෙනා එල්ලලා මැරුවා නම් ඉදිරි වසර කිහිපය තුළ විනාශවන තරුණ ජීවිත දහස් ගණනක් බේරගන්න පුළුවන්...
කොමසාරිස් කොහොමද එහෙම පොරොන්දු වෙන්නේ? අධිකරණයෙන් තීන්දු දීල තියෙනවා නම් ජනාධිපති නියම කරන දිනයක් සහ වෙලාවක් යම්කිසි පුද්ගලයෙක් එල්ලලා මරන්න කියලා සහ ජනපති දිනය සහ වෙලාව නියම කරලා තිබෙනවා නම් ඔහුගේ රාජකාරිය එය ක්‍රියාත්මක කිරීම... මේ ඔක්කොම ප්‍රශ්නවල මුල බන්ධනාගාරේ පොඩි නිලධාරියාගේ සිට මහා එකා දක්වා ඔක්කොම අල්ලස් ගන්න නිසා හිරගේ ඇතුලේ ඉන්න කුඩුමුදලාලිලා දුරකථන වලින් කුඩු බිස්නස් කරනවා.
බෝතල් පත්තර කාරයෙක් වෙන්න ඇති.
ඕක ජනාධිපතිවරයාගේ "එල්ලුම් ගහ" නාටකයේ දෙවැනි ජවනිකාවයි ! කටට ආපු පලියට මෙන්ම, පෑනක් අතට ගත් සිරිසේන උපාසක මහත්තයා අත්සන් කරපු එල්ලන තීරණයට එරෙහිව දෙස්විදෙස් වලින් ගලා එන විරෝධතා වලින් ඇඟ බේරා ගැනීමට, මරණ දඬුවම තාවකාලිකව ප්‍රමාද කරන්න කොමසාරිස්ගේ පිටින් යවලා මෙයා දාපු වෙට්ට පිත්තල වැඩක් මේකත්... සිරිසේන උන්නැහේ දිය යටින් ගින්දර ගෙනයාමට දක්ෂ පුද්ගලයෙක් බව "2018 ඔක්තෝබර්" නාඩගමෙනුත් පෙන්වූ බව අපට අමතක නැත...!!!
රට පාලනය කරන්නේ රටේ නීති ක්‍රියාත්මක කරන්නේ ජනපතිද? නැත්නම් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්ද? දැන් ජනපති ඉන්නේ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් යටතේද? හොඳ කුට්ටියක් ලබාදීලා කඩේ යනවා වගේ...
ලංකාව දියුණුයි, ජනාධිපතිගේ තීරණ වලට විරුද්ධව ජනතාවට පුළුවන් පෙත්සම් දමදමා ඉන්න. දැන් දේශපාලනය කරාට කිසිවැඩක් නැහැ කියලා හිතුණොත් මිනිස්සු වැඩ කරන්න ගනී. මට හිතෙන්නේ 19වැනි ව්‍යවස්ථා සංශෝධනය හොඳයි කියලයි..
මෙයාගේ දරුවෙකුට අපචාරයක් වගේ වුණානම් මෙහෙම දඟලන එකක් නැහැ. රටේ ජනපතිටත් වඩා දැන් ලොකුද මෙයා?
ඕක ඇතුලේ ඉන්න කුඩු මුදල්ලිලා ජිවත් වෙලා ඉන්න කම් භාන්ධනගරේ ලොකු නිලධාරීන්ට ලක්ෂ ගණනින් ගතමනාව දෙනවා , ඔවුන් එල්ලලා මැරුවම ඒවා දෙන්නේ කවුද ? ඉති ඔවුන් සතියක් හරි වැඩිපුර ජිවත් වෙන එක ලොකු දෙයක් , ඒක නිසා කියන්නත් ඉස්සරවෙලා කඩිමුඩියේ උසාවියට දුවගෙන ඇවිත් පොරොන්දු වුනේ , ඉබ්බා දියේ දමන්න කතාකරහම ඇන්නාවේ කියල කිවලු