(විමුක්ති එස්. රුද්‍රිගු)

රටේ ආර්ථික ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කිරීම සහ ණය අඩු කිරීම සඳහා විශ්වසනීය උපාය ක්‍රියා මාර්ග ක්‍රියාත්මක කළ යුතු බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පැවසුවේ ඉහළ යන උද්ධමනය පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකාව සිය මුල්‍ය ප්‍රතිපත්ති දැඩි කළ යුතු බවයි.

එහිදී ශ්‍රී ලංකාව කෝවිඩ් වසංගතයේදී ක්‍රියාකල ආකාරය සහ සාර්ථක එන්නත්කරණය  විධායක අධ්‍යක්ෂක මණ්ඩලයේ පැසසුමට ලක් වී ඇති අතර ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවට දරුණු කොවිඩ් වසංගතයෙන් යම්තාක් දුරට සහනයක් ලබා ගැනීමට හැකි වූ බව ඔවුහූ පැවසූහ.

ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය  යථා තත්ත්වයට පත් කිරීමට උත්සහ දරමින් සිටින මේ අවස්ථාවේ ශ්‍රී ලංකාව අභියෝග රැසකට මුහුණ පා සිටින බවත් විදෙස් ණය පාලනය කළ නොහැකි මට්ටමකට යාම, විදෙස් සංචිත අඩුවීම, ඉදිරි වසරවලදී ආර්ථිකය යථා තත්ත්වය ට පත් කිරීම සඳහා සැලකිය යුතු මුදලක් අවශ්‍ය වීම ශ්‍රී ලංකාව මුහුණ පා සිටින අභියෝග බවත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ අධ්‍යක්ෂක මණ්ඩලය පෙන්වා දුන්හ.