
(කාංචන කුමාර ආරියදාස)
මොරගහකන්ද ජලාශයේ ප්‍රධාන වේල්ලේ ඉහළින් දින කිහිපයක සිට ජල කාන්දුවක් පවතී. උපරිම ජල ධාරිතාව ලැබීමත් සමඟ ජලාශයේ ප්‍රධාන වේල්ලේ ඉහළ කෙළවරක ජල කාන්දුවක් හටගෙන තිබුණු බව සේවකයෝ හා ආරක්ෂක නිලධාරින් පාලක කාර්යාලයට දැනුම් දීමෙන් පසු පරීක්ෂණ සිදුකරමින් පවතී.
දින කිහිපයක සිට මේ දක්වාම ජල කාන්දුව නොනවත්වා සිදුවන අතර ප්‍රධාන වේල්ල බාරව සිටින චීන ජාතික ඉංජිනේරුවරු යුහුසුළුව එම ජල කාන්දුව නවතාලීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටිති.
මෙම ජල කාන්දුව පිටතට නොපෙනෙන ආකාරයට කොළ පැහැති දැල් ආවරණයක් යොදා වසා දැමීමට චීන ජාතික සාමාගම කටයුතු කර ඇත.
ප්‍රධාන වේල්ලේ ආසන්නයට ගිය විට ජලය කාන්දු වන ආකාරය දැක ගැනීමට හැකිය.
මේ පිළිබඳව මොරගහකන්ද හා කළුගඟ ජලාශ බාර ව්‍යාපෘති අධ්‍යක්ෂ පී.බී. විජේරත්න මහතාගෙන් විමසීමේදී ඒ මහතා කියා සිටියේ ජල කාන්දුවක් පවතින නමුත් ජනතාව කිසිදු බියක් ඇති කරගත යුතු නොවන බවයි.
එහිදී ව්‍යාපෘති අධ්‍යක්ෂ පී .බී .විජේරත්න මහතා මෙසේ ද පැවසීය.

" බැම්ම උඩ මට්ටමේ සිට මීටරයක් පමණ වතුර පිරිගෙන එනකොට යට පැත්තෙන් තමයි කාන්දුව දැක්කෙ . මේ බැම්ම හදලා තියෙන්නේ මීටර් 25න් 25 ට බ්ලොක් එකතු කරලා ඒවා ඉදිරියට දාලා තියෙනවා වතුර බාර්. ඒ එකක පොඩි කාන්දුවක් ඇවිල්ලා වතුර මතුවෙන්න ආවා .
ඒ අවසාන මීටරේ පිරෙන අතරතුර. ඒක සාමාන්‍ය දෙයක්.
නමුත් මේ බැම්මේ අධීක්ෂණ කටයුතු තවමත් චීන සමාගමට පැවරිලා තියෙන්නේ. ඒ අය තවත් අවුරුද්දකුත් මාස තුනක් මේ අධීක්ෂණය කරනවා. තවත් අවුරුද්දකුත් මාස තුනකින් පස්සේ තමයි සම්පූර්ණ කරලා චීන සමාගම මේ බැම්ම අපට බාර දෙන්නේ.
මේක කිසිම ආකාරයෙන් බැම්මට හානියක් වෙන්නෙ නෑ මේ වගේ දේවල් බැමිවල සිද්ධ වෙනවා. ඒක සාමාන්‍ය දෙයක් නමුත් ඒක අපි අඳුරගෙන චීන සමාගම සමඟ එක්ව අවශ්‍ය කටුයුතු කරනවා. ජනතාව බිය විය යුතු නැහැ.’’





COMMENTS
වැඩ චීනේනේ...පුදුමයක් නැහැ.
චීන්නුන්ගේ banqiao dam අනතුර ගැන දන්නවානම් ඔවුන්ට ලවා වේලි හදවනවා තියා වක්කඩක් බඳින්නවත් දෙන්නේ නැහැ.
දැන් කව්ද මේකට වග කියන්න ඕනේ? මහින්දද ? එහෙම නැත්නම් සිරිසේනද?
මේක හදපු දවස් වල මරා ගත්තා හදපු කෙනා මම, මුල් ගල තිබ්බේ අපේ කාලේ, විවෘත කළේ මම කියලා. දැන් මීක් නෑ.
යහපාලු සමාගමේ තවත් නිපැයුමක්. රටට කරපු වැඩකුත් නැහැ.හදපු හැමදේම බකල්.
කොත්මලේ වේල්ල, සමනල ජලාශය වගේ හදන්න ගියාට වැඩිය වියදමක් මේ වගේ ඇති වෙච්ච ජාල කාන්දු නවත්තන්න වියදම් වෙලා තියෙනවා.
ඩී.එස් සේනානායක මැතිතුමා ගල්ඔය වේල්ල හදපු ඇමෙරිකාවේ මොරිසන් නඩ්සන් වගේ සමාගම් කරපු දේවල් අදත් ඒ විදිහටම තියනවා.
මේ වගේ දේවල් සාමාන්‍ය දේවල්, නිවැරදි කිරීමයි වැදගත්, එක්කෙනෙක් දාලා තියෙනවා චීනේ banqiao dam අනතුර ගැන, හරියට චීනෙ හදපු සහ තියෙන එකම වේල්ල කැඩුණා වගේ..., එහෙනම් ලෝකේ ලොකුම ජල විදුලි බලාගාරය Three Gorges Dam එක හැදුවෙත් චීන්නු තමයි, ධාරිතාව මෙගාවොට් 22,500ක්, නොරෙච්චෝලේ මෙගාවොට් 900යි.
අහන්න දෙයක් නැහැ. චීන ඒවානේ...
ඔන්න බලන්න මේක හැදුවේ මහින්ද කියන අයයි. මේ නිව්ස් එක දැක්කේ නැහැ වගේ ඉඳියි.
මහින්දලා හදන්න පටන්ගත්ත මේවායින් කොමිස් ගහන්න බාල අමුද්‍රව්‍ය භාවිතා කරපු කාලකන්නි යහපාලකයින් මේවාට වගකිව යුතුයි..
අනිත් මාධ්‍ය මොනවද කරන්නේ?
කොහොමද චීනුන්ගේ වැඩ? ‘‘ජල කාන්දුව පිටතට නොපෙනෙන ආකාරයට කොළපැහැති දැල් ආවරණයක් යොදා වසා දැමීමට චීන ජාතික සමාගම කටයුතු කරලා"...
ඕක සරල දෙයක්... වැවක ජලකාන්දු පේන්නේ වැව පිරෙව්වම තමඊ. වතුර ටැංකියක් නම් හදලා වතුර පුරවනවා කාන්දු තියනවද බලන්න. මෙම කාන්දු ලකුණු කරගෙන ටැංකිය හිස්කරගෙන කාන්දු වහනවා. වැවක ඔහොම කන්න බෑ. ස්වාභාවිකව වතුර පිරුණාම තමඊ ජළ කාන්දු හොයන්න පුළුවන්... මෙම කාන්දු ලකුණු කරගෙන වැව කාන්දු මට්ටමට හිස්කර තමයි කාන්දු වහන්න වෙන්නේ. ඔකට ලේ පුච්චගෙන කතන්දර හදලා වැඩක් නැත. ඔය වැඩ හදනකොට තියන ප්‍රශ්න... අනේ තරහ වෙන්න එපා ඇත්ත කිව්වට...
මොරගහකන්දේ ජලය කාන්දු වෙන්නේ කොන්ක්‍රීට් වලින් සැදුව කොටසේ. එම කාන්දුවීම නිසා බැම්මට හානියක් සිදුවෙන්නේ නැහැ. වික්ටෝරියව වගේ කවාකාර බැම්මක් නම් පිරුණු විට නවතින්න ඉඩ තිබෙනවා. එසේ නැති නිසා එයට පිළියමක් කිරීමට සිදුවෙන හැඩයි පෙනෙන්නේ...
විජේ ඒකනායක මහත්තය කියන කතාව හරියටම හරි . ඩී එස් . සේනානායක වැනි යුග පුරුෂයන් නැති එක හරිම අවාසනාවක්. 1975 දී මම හක්වටුනා වැවේ නාන කොට එතන නාපු ගොවි මහත්තයෙක් කීවා එතුමත් වැව තනන කාලේ වැඩ කළා කියලා. ඩී එස් සේනානායක මහතා ගැන කතාකරන විට එතුමාගේ දෑසේ කඳුළු. වයසට ගොස් තිබුණු එම මුහුණ මට අදත් මතකයි. එම වැව බැම්මේ තමයි හුලවාලි චිත්‍ර පටියේ කරත්ත පේලිය යන්නේ මම හිතනවා ගෝටාභය රාජපක්ෂ මහතාට එවැනි බුද්ධියක් ඇතිව වැඩ කිරීමට වට කර ගෙන ඉන්න නිවටයෝ ඉඩ දෙයි කියලා. තරුණ තරුණියෝ පෙළ ගැසිලා ඉන්නේ වෙනසක් කරන්න . එම තරුණ තරුණියන්ට ඇත හිත දෙයි කියලා මම හිතනවා. මගේ රටට දළදා හිමි පිහිටයි.
කෝ මේ සිරිසේන ?