(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
මීරිගම ලියාපදිංචි නොකළ ආගමික මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන පුද්ගලයකු පිළිබඳව රජය වහා පියවර ගන්නා ලෙස ඉල්ලමින් භික්ෂූන් වහන්සේ නමක් අද(7 ) මීරිගම බස්නැවතුම්පළ අසළ උපවාසයක් ආරම්භ කළහ.
මෙසේ උපවාසයක යෙදෙන්නේ බිබිල යල්වෙල ආරණ්‍යවාසී අනුරාධපුර අමථධම්ම හිමියෝය.
පුද්ගලයකු නම් දෙකකින් පෙනී සිටීම මෙන්ම නිසියාකාරව ලියාපදිංචි නොකර ආගමික මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාම වරදක් බැවින් මේ ගැන රජයේ අවධානය යොමුකර නීත්‍යානුකූල පියවර ගන්නාතුරු උපවාසයේ යෙදෙන බව උන්වහන්සේ සඳහන් කළහ.
පුද්ගලයන් වැරැදි තොරතුරු සමාජ ගත කිරීමෙන් බුදු දහම විනාශවෙන අතර දරු පරපුර වැරදි මාර්ගයේ යාමට ඉඩ ඇති බැවින් රජය වහා පියවර ගත යුතු බව ද උන්වහන්සේ සඳහන් කළහ.
මේ අවස්ථාවට වැඩම කළ කැලණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ මෙම සිදුවීම ඉතාමත් භයානක තත්ත්වයක් බව ප්‍රකාශ කළ අතර නිසි පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා හා අගමැතිවරයා දැනුවත් කිරීමට ඒ අවස්ථාවේදීම පියවර ගත්හ.
ඕමල්පේ සෝභිත හිමි, දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක හිමියන් ඇතුලු ප්‍රදේශයේ මහා සංඝරත්නය ද මේ අවස්ථාවට එක්ව සිටියහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ හාමුදුරුවෝ සිටින්නේ වෙනම හදාගත්තු තැනක නේද? මේවා පාපී වැඩ...
මේ නම් වැඩ නැතිවට කරන වැඩ. මේ උන්නාන්සේලා දේශනා කරන්නේ නියම ධර්මයද? අපට නම් තියෙනවා ප්‍රශ්ණයක් සමහර දේවල් ගැන මේ උන්නාන්සේලා දෙනමක් දේශනා කරන්නේ දෙවිදියකට.., අන්ධ භක්තිකයින්ට ඕවා ප්‍රශ්ණ නෙවෙයි. ඒත් අපට නම් සැකයි මේ දෙසන්නේ බුදුන් දේශනා කරපුවද කියලා? ඒ සැකය මත බුදු දහමේ හරය පිරිහෙන අතර බොල් පිළිම, කහ පාට කුඩ ඉහලගෙන සාදු සාදු කියමින් පෙරහැරවල යන විකාර බුදුදහම ඉස්මතුවී ඇත. හරිදෙයක් සමාජයට අහිතකර නොවන දේශනාවකට ලියාපදිංචියක් ඕනෑද? අන් ජාතීන්ට වෛර කිරීමට පෙළඹවීම නියම බුදුදහමද? මේ අදහස් ගැටළුකාරී විය හැකියි. ඒත් ඔලුවෙන් කල්පනා කළොත් මේ කියන්නේ ඇත්ත බව වැටහිය යුතුයි..
බුදුන් වහන්සේ ලංකාවේ උපන් බව සාක්ෂි සහිතවම එළිකරන මීවනපලානේ හාමුදුරුවන්ට විරුද්ධව වැඩ පටන් අරන් වගේ...
මෙවැනි චීවරධාරීන් තමයි ධර්මය කෙලෙසන්නේ. ඔතන ඉන්නේ නැතුව ගිහිල්ලා ඒ නියම බුද්ධ වචනය විමසා තේරුම්ගන්න...
අපි ඔබ වහන්සේ සමගයි.
ජනාධිපතිතුමනි, බෞද්ධයින් සියලුදෙනාට පිරිසිදු බුද්ධධර්මය උගන්වන්න. එතකොට ඔයවගේ උපවාස නොකර ඉඳියි. ඔය කියන මීවනපලානේ හිමියන්ට පමණයි එය කළ හැක්කේ..., එම ස්ථානයට ගිහින්ම විමසා බලන්න...
ඉඳුරාගාරේ ධර්මරත්න හිමියනි, ඔබවහන්සේ වැනි උගත්, පණ්ඩිත හිමි නමකින් සිදුවිය යුත්තේ බලධාරීන් දැනුවත් කිරීම නොව, එම ධර්මය නුවණින් අසා බලා, එහි ගැනීමට යමක් තිබේ නම් ගැනීමත්, නැතිනම් එය ප්‍රතික්ෂේප කිරීමත්ය. බුදුදහම අනුව සිදුවිය යුත්තේ මෙයයි.
අනාගතයේදී තමන්ට සිවුපසය නොලැබෙතියි‘ යන බියෙන් කරන වැඩපිළිවෙලක් තමයි මේ...
ගරු ජනාධිපතිතුමනි..! මේ ස්වාමීන් වහන්සේට සමහර විට සත්‍ය දහම අහන්න බැරි කුමක් හෝ මානසික වෙනසක් ඇති වෙලා ඇති... මම 1995සිට හොයපු දහම මීවනපලානේ සිරිධම්මාලංකාර ස්වාමීන්වහන්සේ දේශනා කරනවා.. හැකිනම් ඒ දහම මහණ වී ඇති සියල්ලන්ටම අහන්න කියන්න. ඊට විරුද්ධ යන අයව සිව්රෙන් ඉවත් කරන්න මිනිස්සු නොමග යවන නිසා.. නිවන් දකින්න අකමැති බෞද්ධයන් ඇත්නම් ඒ අයට බාරදෙන්න. එවිට මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන නිවන් දකින අයට කරදරයක් නැතිව ඒ දේ කරගත හැක... සුවපත් වේවා !!!
අපට නියම බුදු දහම දේශනා කරන්නකෝ... පන්සල් වලට රණ්ඩු වෙන්නේ නැති, මැර කල්ලි ආශ්‍රය නොකරන හාමුදුරුවරු නැති රටක් බිහි කරන්න...
හාමුදුරුවනේ.., හරියට ධර්මය අහන්නේ නැතුව අතන මෙතන වාඩිවෙලා උපවාස කරන්න එපා. මිනිස්සු පුද පූජාවලින් හෙම්බත් වෙලයි ඉන්නේ. තව දුරටත් මිනිස්සු මුලා කරන්න එපා. අර රුවන්වැලිසෑය වටේ රෙදි ඔතන වැඩවලට කවුරුවත් උපවාස කරන්නේ නෑ. අද ත්‍රිපිටක ධර්මය දේශනා කරනවට බයයි තමන්ගේ පන්සල් ඉඩකඩම් වාහන නැති වෙනවට... ගරු ජනාධිපතිතුමනි, ඔබතුමාත් මීවනපලානේ හාමුදුරුවන්ගේ ධර්මය අහලා බලන්න. එතකොට තේරෙයි කවුද නිවැරදි ධර්මය කියන්නේ, කවුද ද්වේශය වපුරන්නේ කියලා...
හාමුදුරුවන්ට උපවාස කරන්න කියලා බුද්ධ දේශනාවේ තිබේ නම්...
අපි මීවනපලානේ ස්වාමීන් වහන්සේ සමගයි..
ඉඳුරාගාරේ ධර්මරත්න හිමියනි, ධම්ම ගැටළු විසදීමට උපවාස කිරීම පිලිබඳ ගෞතම බුදු පියාණන් වහන්සේ දේශනා කර ඇත්තේ ත්‍රිපිටකයේ කුමන සූත්‍රෙය්ද? ගරු ජනාධිපතිතුමනි, බුදු පියාණන් වහන්සේ දේශනා කළ නිවැරදි උතුම් බුදු දහම වර්තමානයේ දේශනා කරන්නේ කව්ද යන්න පිළිබඳ සොයාබැලීමට හා ඉතා නිවැරදි අධ්‍යනයක් සිදුකිරීමට අපක්ෂපාතී පරීක්ෂණය සිදුකරන්න.
අපේ හාමුදුරුවනේ මේවාට විරුද්ධව දැන්මම නැගී සිටියේ නැත්නම් තව ටික දවසකදී මේ රටින් බුද්ධාගම තුරන් වන බව මේ අයට තේරෙන්නේ නැත. 100% ක් බෞද්ධයන් සිටි රටේ දැන් ඉන්නේ බෞද්ධයන් 75% යි. තව ටික දවසකින් මේ ගණන 50% වනු ඇත. එවිට මේ අය මුස්ලිම් වනු ඇත.
මීවනපලානේ ස්වාමින්වහන්සේගේ ධර්ම දේශනා ශ්‍රවනය කරන්නන් දෙස බැලුවාම ඔවුන් හොදින් නරකත්, නරකින් හොදත් විමසා බලා තේරුම් ගැනීමට හැකි නුවණැති අය බව පෙනේ. මේ අහිංසක ස්වාමිවහන්සේගේ ව්‍යායාමය නිෂ්පල දෙයක් බව වැටහේ. පෝය දින නිවන් මගට යා හැකි වටින ක්‍රියාවකට යෙදුවානම් වඩා හොදයි නේද?
බුදුන්ගේ දහම රටක නීතියට යටත් කරන්නෙ කොහොමද ? බටහිර අධිරාජ්‍යවාදීන් අපේ රට අල්ලගෙන බුදුන්ගේ දහම ආගමක් කරන්න කිතුණු ආගම ආදීයේ මෙන් තනතුරු, තානාන්තර, අක්තපත්‍ර මගින් ප්‍රධානය කරන්න නීති ගෙනාවට බුදුන්ගේ දහම තුළ එවැන්නක් නැත. බුදුන් කිසිවෙකුටත් නායක, මහනායක, අනුනායක, හෝ අධිකරණ නායක තනතුරක් දී තිබේද? බුදුන්ගේ ජීවමාන කල කිසිදු භික්ෂුවක් දේශපාලනයට අනුබල හෝ අනුග්‍රහයන් ලබා දුන්නේද ? භික්ෂූන් නායක, මහ නායක ආචාර්ය මහාචාර්ය තනතුරක් දැරුවේද..? බුදු දහමේ කිසිදු ස්ථානයක් ලියාපදිංචියක් කළේද ...? දහම නොතේරුම් ගෙන වෙනත් ආගම් හා අනුගත වෙමින් මෙවැනි උපවාස කළද බුදුන් වහන්සේ තම භික්ෂූන් විසින් අවවාද නොසලකා වාද විවාද කළ විට ආවාස අතහැර පාරිලෙය්‍ය වනයට යන්නේ ආනිසංස ආස්චර්‍ය. බුදු දහමට අදාල නොවන බැවිනි. පරම සත්‍ය බුදු දහම කුමක් ද යන්න අද භික්ෂූන් වහන්සේලා දන්නේම නැත. සැමට බුදුන්ගේ සත්‍ය දහම ගැබ කියා දුන් මීවනපලානේ හිමියන්ගේ නම අපට අදාල නැත. අවශ්‍ය වන්නේ සත්‍ය දහම පමණි.