IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


මීරිගම ප්‍රා.සබේ වාර්තාව සම්මත කිරීමට එකම දිනයේ ඡන්ද විමසීම් 6 ක්

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

මීරිගම ප‍්‍රාදේශීය සභාව පිහිටුවා ගත වූ වසර 31 ක ඉතිහාසය තුළ ප‍්‍රථම වරට සභා වාර්තා සම්මත කිරීමට හා විවිධ අයිතමයන් සඳහා මුදල් ගෙවීම පිළිබඳව ඡන්ද විමසීම් හයක් එකම දිනයේ පැවැත්වීම සුවිශේෂි අවස්ථාවක් ලෙස සභා ඉතිහාසයට එක්විය.

අද (18) පැවැති මහා සභා රැස්වීමේදී අදාල යෝජනා සම්බන්ධව විපක්ෂයේ විරෝධය ඉදිරිපත් කිරීම නිසා පැවැති මෙම  ඡන්ද විමසීම් වලින් පාලක පක්ෂයේ යෝජනා සියල්ල සභා සම්මත කර ගැනීමට හැකිවිය. පෙරවරු 9.00 ට ආරම්භ වූ රැස්වීම අවසන් වූයේ පස්වරු 6.00 ට පමණය.

සභාපති සරත් නන්දසිරි රණතුංග (පො.ජ.පෙ.) මහතාගේ ප‍්‍රධානත්වයෙන් ප‍්‍රධාන කාර්යාලීය ශ‍්‍රවණාගාරයේදී මාසික රැස්වීම පැවැත්වුනු අතර  පසුගිය මස සභා වාර්තාව සම්මත කිරීමට විපක්ෂය බෙදීමක් ඉල්ලා සිටී අතර පක්ෂව 24 ක් හා විපක්ෂව 21 ක් ලෙස සම්මත කෙරිනි.

අනතුරුව 24 වැනි දින පවත්වනු ලැබූ  විශේෂ මහා රැස්වීම පිළිබඳව  ඉදිරිපත් කෙරුණු වාර්තාව පිලිගත නොහැකි එකක් බවට එක්සත් ජාතික පක්ෂයේ ධම්මික අත්තනායක මහතා සභාව යෝජනා කිරීමෙන් පසුව  ඒ සඳහා පැවති රහස් ඡන්දයේදී යෝජනාව පිලිගත හැකි එකක් බවට ඡන්ද 30 ක් ලැබුණු අතර යෝජනාව පිලිගත නොහැකි බවට ලැබුනු ඡන්ද ප‍්‍රමාණය 15 ක් විය. එක් ඡන්දයක් අවලංගු කෙරිණි. 

සභා අරමුදල්වලින් කරන ගෙවීම් සඳහා පැවති ඡන්ද විමසීමේදී පක්ෂව 22 ක් හා විපක්ෂව 15 ක් ලෙසද ජූනි මස කසල බැහැර කිරීමේ මුදල් ගෙවීම ගැන පක්ෂව ඡන්ද 20 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුනේ ඡන්ද 13 කි.

අනතුරුව සභා කර්මාන්ත සඳහා හා රුපියල් ලක්ෂ පහට වැඩි ගෙවීම් සඳහා අනුමැතිය ඉල්ලීමේදී පක්ෂව ඡන්ද 19 ක් හා විපක්ෂව ඡන්ද 13 ක් ලැබීමෙන් සම්මතවිය.

පොදුජන පෙරමුනේ මන්තී‍්‍රවරුන්  27 දෙනෙක්  එක්සත් ජාතික පක්ෂයේ මන්තී‍්‍ර‍්‍රවරුන් 15 ක්, ජනතා විමුක්ති පෙරමුනේ හා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මන්තී‍්‍රවරුන් සිව් දෙනා බැගින්ද ජාතික ජනතා පක්ෂයේ නියෝජිතයන් දෙදෙනෙක්ද සභාව නියෝජනය කරති.

         

 

 



අදහස් (0)

මීරිගම ප්‍රා.සබේ වාර්තාව සම්මත කිරීමට එකම දිනයේ ඡන්ද විමසීම් 6 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 660 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site