( ඩබ්ලිව් කීර්ති)
ප්‍රතිකාර සඳහා රෝහලට ඇතුළත් කළ රෝගියකු මිය ගොස් ඇතැයි සිතා මෘත ශරීරාගාරයට යැවීමෙන් අනතුරුව එහිදී යළි සිහි ලැබීමේ පුවතක් මීගමුව දිස්ත්‍රික් රෝහලෙන් වාර්තා වෙයි.
මෙම සිදුවීමට මුහුණ පා ඇත්තේ මීගමුවේ පදිංචි 40 හැවිරිදි ධීවර කාර්මිකයෙකි.
මෙම පුද්ගලයා බරපතල රෝගී තත්ත්වයෙන් අද ( 09) මීගමුව මහරෝහලට ඇතුළු කිරීමට ඥාතීන් කටයුතු කර තිබිණි.
එහිදී රෝහලේ බාහිර රෝගී අංශයේ වෛද්‍යවරයා ඔහු පරීක්ෂා කාරීමෙන් අනතුරුව මිය ගොස් ඇතැයි නිර්දේශ කර මෘත ශරීරාගාරයට යොමු කර ඒ පිළිබඳව රෝහල් පොලීසියට දැනුම් දී තිබේ.
අනතුරුව ඥාතීන්ද එම ස්ථානයට පැමිණ සිරුර අල්ලමින් හැඩීමේදී එක්වරම සිහි පැමිණ ඇති රෝගියා අත ඔසවා තමා මිය ගොස් නැති බවට තහවුරු කර තිබේ. එහිදී අසල සිටි රෝහල් සේවකයින් කඩිනමින් ඔහු යළි වැඩිදිර ප්‍රතිකාර සඳහා රෝහල් වාට්ටුවට යොමු කර ඇතැයිද රෝහල් ආරංචි මාර්ග කියයි.
එම පුද්ගලයාගේ රුධිරයේ සීනී මට්ටම අඩුවී කෝමා තත්තවයට පත්ව පත්ව සිටි ඇති බවට පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි වෛද්‍යවරු පවසා තිබේ .
රෝගීයා පරීක්ෂා කර ඔහු මිය ගිය බවට තහවුරු කළ වෛද්‍යවරයා සම්බන්ධයෙන් විනය පියවර ගැනීමට කටයුතු කරන බව රෝහල් අධ්‍යක්ෂකවරයා සදහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපූරු වෛද්‍යවරයෙක් ... !!! අදහන්න වටිනවා. වැරදිලාවත් එම්බාම් කරා නම් ඉවරෙටම ඉවරයි. අහිංසක මනුස්සයාව දෙවියන් බේරුවා...!!!
මරු දොස්තරයා...!!!
රජයේ රෝහලකට ගියාම ලෙඩෙකුට සලකන විදිහ මෙයින් හිතාගන්න පුළුවන් නේද?
ඔවැනි දේවල් වලට මීගමුව රෝහල ඉතාමත් ප්‍රකටයි. වෛද්‍යවරයාට ඔහු තවත් එක් රෝගියෙකු පමණක් විය හැක. නමුත් ඒ දරු පවුලක බර උසුලන පියෙකි. බිරිඳකගේ ආදරණීය සැමියෙකි. අසරණ මිනිස් ජීවිත සමග සෙල්ලම් කරනා මෙවන් වෛද්‍යවරුන්ගේ වැඩ තහනමට ලක් නොකරන්නේ ඇයි..?
වෛද්‍යවරයකුට වුවත් වැරදීමක් සිදුවිය හැක.
මේකට කියන්නේ කොරෝනා නෙමෙයි මේකට කියන්නේ 'කෙලෝනා' කියලා.....
රෝගියා මියගිහින්ද? නැතිද? කියලා කියාගන්න බැරි වෛද්‍යවරු. හනේ මෙහෙමත් දොස්තරලා..
මේ හොර දොස්තර, දේශපාලන පත්කිරීමක්ද කොහෙද? විනය පරීක්ෂණයක් කළාට වැඩක් නැහැ. දඬුවම් දෙන්නේ නැත්නම්...
මාර දොස්තරලා තමයි
මගේ මාමා ගිය සතියේ නැතිවෙලා කොළඹ ප්‍රධාන රෝහල වෙත (General Hospital ) රාත්‍රියේ ගෙනගියා... මිනිය බලන්නේවත් නැතිව දොස්තර සහතික කරා ඔහු මියගිය බව...
දෙවියන් වහන්සේට පණ දෙන්න පුළුවන්නේ. කලිනුත් එහෙම පණ දුන්නු නිසා විශ්වාස කිරීමේ නිදහස ඇත.
තැපෑලෙන් විභාග පාස්කර පත්වීමක් ලැබූ අයෙක් විය යුතුයි...
මෙවැනිම සිදුවීමක් අපේ ගම්ට යාබද වත්තේ ද්‍රවිඩ පුද්ගලයකුට සිදුවුණා. ඔහු පැවසූ පරිදි එය සැකෙවින් මෙසේයි. මෙම පුද්ගලයා අසනීප තත්ත්වයක් නිසා රෝහලට ඇතුළත් වීමෙන් පසු ප්‍රතිකාර ලබමින්සිටියදී මියගිය බවට වෛද්‍යවරයා තීරණය කළ බැවින් ඔහුගේ සිරුර මිනී කාමරයට යවන ලදී. මධ්‍යම රාත්‍රියේ දී ඔහුට සිහිය ඇවිත් බලන කල ඔහු මිනී කාමරයේ සිටින බව අවබෝධ විය. එහෙත් ඔහු එළි වන තුරු නිශ්ශබ්දව සිටියේය .උදෙන්ම රෝහල් සේවකයෙක් පැමිණ මිනී කාමරයේ දොර ඇර බලන කල් මිනිහෙක් පණ පිටින් සිටිනු දැක බුදු අම්මෝ කියා ආපසු දිව්වේය.අනතුරුව රෝහල් සේවකයා තවත් කෙනෙකු සමග දුරතියාම කවුද මිනී කාමරයේ ඉන්නේ කියා කෑගසමින් පැමිණීමෙන් පසු කාරණය අවබෝධ වීම නිසා නැවතත් රෝගියාව වාට්ටුවට ඇතුළත් කර ප්‍රතිකාර කොට සුව ලැබීමෙන් පසු ගෙදර එවන ලදී '
මීගමුවේ ඉස්පිරිතාලයට ගිහින් ඔහොම බේරුණු එකත් ලොකු දෙයක්... ඉස්පිරිතාලෙ හදනවා කියලා කෝටි ගාණක් ගසා කෑවා. තෙමෙන්නේ නැති තැනක් නෑ වහින කොට. බේත් ඔක්කොම ගන්න ඕනෙත් එළියෙන්. ඇත්තටම ඕක වහලාම දානවා නම් ගොඩාක් හොඳයි.
මළවුන්ගෙන් නැගිටින නිසා එහෙම වෙන්නත් පුළුවන්.
මෙයා සයිටම් එකෙන් පාස් වෙලා නෙමෙයි නේ ඉතින් එකෙන් පෙන්නේ කොහෙන් ආවත් එකම සන්තෑසිය වෙන්නේ මනුස්සයෙක් මැරිලා කියලා කියන්නේ නිකන්ම බලලා නම් විද්‍යාවක් ඕනේ නෑ නේ..
මේ ලෙඩාට සිහිය ආවේ මෝචරියේදී නොවේ.
මීගමුවේ ඉස්පිරිතාලේ ගැන මොන කතාද? මාරයාගේ බෝඩිම...
මෙයා දොස්තර කෙනෙක්ද? හොර දොස්තර කෙනෙක්ද?
සයිටම් එකෙන් පාස්වූ දොස්තර කෙනෙක් වෙන්න ඇති. කෝ අර GOMA එකේ බෙරිහන් දෙන අය?
සයිටම් දොස්තරලාට බැන්නට ආණ්ඩුවේ වෙද්දුත් ඒ වගේමයි...
දොස්තරව අල්ලලා මෝචරියට යවමු.මිනිහා ජිවත්වුනොත් තව කිදෙනෙක්ව නිකරුනේ මෝචරියට යවාවිද...? තව කීදෙනෙක් දැනටමත් යවලාද දන්නේ නැහැ.මිනිහා අනිවාර්යයෙන්ම සිංහල එකෙක් වෙන්න ඕනා.මොකද මුස්ලිම් හෝ දෙමළ දොස්තර කෙනෙක් අතින් ඔය දේ වුනානම් කහ ඇඳගත් බමුණෝ රළ මිගමුව දෙක කරයි.ඔය දොස්තරට හැකිනම් ජාතිවාදය පතුරවන කහ සිවුරු කාරයින්ව මෝචරියට දක්කන්න මමත් සපෝට් කරනවා.