වසර 6 කට පෙර තම රජය විසින් මෙරට බෞද්ධ විහාරස්ථානයකට පරිත්‍යාග කළ ‘ මියන් කුමාර නැමැති හස්තියාට කෘෘර ලෙස සැළකීම නවත්වන්නැයි ඉල්ලා මියන්මාරය නිල වශයෙන් ශ්‍රී ලංකාවට දැනුම් දී ඇතැයි මියන්මාර විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිවේදනයක් උපුටා දක්වමින් මියන්මාර ටයිම්ස් පුවත්පත අද (30) වාර්තා කළේය.
බෙල්ලන්විල රජමහා විහාරස්ථානයට 2013 වසරේ දී මියන්මාරය විසින් පරිත්‍යාග කළ මියන් කුමාර හස්තියාට එරෙහිව සිදුකර ඇති කෘරත්වය සම්බන්ධයෙන් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ වීඩියෝව සම්බන්ධයෙන් හා සිදුව ඇතැයි කියන එම සිද්ධියට සම්බන්ධ පුද්ගලයන්ට නීතිය ක්‍රියාත්මක කරන ලෙසද ශ්‍රී ලංකාවේ මියන්මාර තානාපති කාර්යාලය ද ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා ඇතැයි මියන්මාර ටයිම්ස් වාර්තාවේ වැඩිදුරටත් සදහන් වේ.
මීට දින කිහිපයකට පෙර මියන් කුමාර හස්තියා රැක බලා ගනනා ඇත් ගොව්වා විසින් එම හස්තියාට කෘෘර ලෙස සළකන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන ශ්‍රී ලංකාව සහ මියන්මාරය යන සමාජ මාධ්‍යවල පළ වූ අතර එය ජනතාවගේ දැඩි අවධානයට ලක් විය.
ශ්‍රී ලංකාවේ මියන්මාර තානාපතිවරයා අද (30) එම හස්තියා බැලීමට බෙල්ලන්විල රජමහ විහාරස්ථානයට යෑමට නියමිත බව එහි වැඩිදුරටත් දැක්වේ.
පන්සල් කටයුතු පිළිබඳ වගකීම බාර ගන්නා එක් භික්ෂුන් වහන්සේ නමක් එකී සිද්ධිය සම්බන්ධයෙන් සිය ශෝකය ප්‍රකාශ කළ බවද මියන්මාර විදේශ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
මියන් කුමාර හස්තියා ඇත්ගොව්වන් විසින් පුහුණු කර ඇති අතර ආගමික උත්සව සඳහා යොදවා ගනු ලැබේ.
2018 පෙබරවාරියේ දී 77 හැවිරිදි බෞද්ධ භික්ෂුන් වහන්සේ නමක් පන්සලේ දී මියන් කුමාර හස්තියාගේ පහරකට ගොදුරු වීමෙන් දින කිහිපයකට පසු අපවත් වූහ.
කෙසේ වෙතත් මියන්කුමාර හස්තියා සම්බන්ධව පසුගිය දිනවල හුවමාරු වූ වීඩියෝව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ මෙන්ම මියන්මාර ජනතාවගේ ද අවධානය යොමුව තිබේ.
අලි ඇතුන් ශ්‍රී ලංකාවේ නීතියෙන් ආරක්ෂා කර ඇති පූජනීය සතුන් ලෙස සැළකේ. ශ්‍රී ලංකාවේ අලි ඇතුන්ගේ සංඛ්‍යාව 1900 දී සිදු කළ ඇස්තමේන්තුගත කිරීම අනුව 12,000 ක් වුවද එය මේ වන විට සිට 7000 දක්වා අඩු වී ඇත.
(125)
2025 දෙසැම්බර් මස 04
52
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
346
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
362
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘මියන් කුමාර’ට කෘෘර ලෙස නොසලකන්නැයි ඉල්ලයි
ජයන්ත මිලානෝ Thursday, 30 January 2020 07:13 AM
බෞද්ධ නොවන කෙනෙක් ඇත්ගොව්වෙක් වුණාම ඔහොමයි. ඒනිසා හොඳ බෞද්ධ බැතිමතකු පත්කරන්න.
sharm warnThursday, 30 January 2020 08:11 AM
බෞද්ධ නොවන කිව්වේ ?
athuraThursday, 30 January 2020 08:14 AM
හාමුදුරුවන්ට ඕවා බලන්න වෙලාවක් නැහැ. තමන් කැමති දේශපාලකයන් ගැන බලන්න එපැයි.
kamal Thursday, 30 January 2020 07:53 AM
බුද්ධ ධර්මයේ කොයි සූත්‍රයේද බුදුන් දේශනා කළේ කැලේ සත්තු ගෙනත් පන්සල් වල හිරකර තැබීමෙන් ජිවතාවබෝධය ලැබී අමා මහ නිවන අවබෝධ කරගත හැකියි කියලා.
AsankaThursday, 30 January 2020 08:30 AM
බුද්ධ ධර්මයේ නැති වුණාට බුද්ධාගමේ තියනවා.. ධර්මයයි ආගමයි එකම නොවේ.., අලි ඇතුන්, බෙර, දවුල්, නැට්ටුවන් සංස්කෘතික අංගයන්. පල්ලියත්, කෝවිලත්, කොයි ආගමේත් එහෙමයි... දර්ශනය වන ආගම වෙනයි.
සුරේෂ් දිවිතොටවෙල Thursday, 30 January 2020 08:56 AM
ඔබ ඔය කිව ඔක්කොම මිත්‍යාදෘෂ්ටිකයින් විසින් හදාගත්තු බොරු වැඩ. බුද්ධ ධර්මයට ගරු කළාම හොඳටම ඇති. කෙසේ වෙතත් අද බුද්ධ ධර්මය ලංකාවෙන් නැතිවි ගොස් මිත්‍යා දෘෂ්ටික ආගමක් බිහිවී ඇත. ඒ මිත්‍යා දෘෂ්ටික පුජකයින් රටේ පාලකයින්ව තම ග්‍රහණයට අරගෙන රට පාලනය කරයි. ඒක තමයි ඇත්ත.
AkilaThursday, 30 January 2020 09:30 AM
සුරේෂ් කියන්නේ අර 3% එක්කෙනෙක්ද කොහෙද? බුදුදහම කියන්නේ මොකද්ද කියලා දන්නෙත් නැහැ. රටක සංකෘතිය කියන්නේ මොකද්ද කියලා දන්නෙත් නැහැ. බුදුහාමුදුරුවන්ගේ කාලයේ ඉන්දියාවේ හිටපු බුදු සරණ ගිය රජවරුත් අලි අැත්තුන්ගේ සේවය (සත්තුන්ගෙන් වහල්ලු වගේ වැඩ ගන්නවා කියන එකට නම් මමත් විරුද්ධයි) ගත්තා කියන එක දන්නෙත් නැහැ.
MaheeThursday, 30 January 2020 11:06 AM
අසංක, බෞද්ධ සංස්කෘතිය පිහිටා තිබෙන්නේ බුද්ධධර්මය මත. ලෙඩ වෙලා ඉන්න අලින්ට ගහන්න කියලත් බුද්ධාගමේ හරි සංස්කෘතියේ හරි තියෙනවද? බීමත් ඇත් ගොව්වන් විසින් අලින්ට කොට අදිනවිට කෝටුපාර දීම හා හෙණ්ඩුවෙන් ඇනීම සිරිතක් හැටියටම කරනවා. කොට අදින අලින් පාදවලින් ලේ එනතුරු අත්ගොව්වන්ගේ හෙණ්ඩුතුඩට ලක්වෙනවා. පෙරහරේ යනකොට අපට එහෙම දේවල් නොපෙනුණාට අනික් සැමවිටම වගේ අලි ඇතුන් ගොව්වන්ගෙන් හිරිහැර විඳිනවා. ලෙඩ වූ ඇතෙක් අකුණු ගහලා මැරුණා කියලා වරක් කිව්වා මතකද? මේක සංස්කෘතියද?
Ajith Thursday, 30 January 2020 08:13 AM
මේක රටටම ලැජ්ජාවක්. 2500 සංස්කෘතියේ තරම තමයි.
JanakaThursday, 30 January 2020 09:45 AM
තවත් 3% කෙනෙක්ද කොහෙද? එක සිද්ධියක් හින්දා බුද්ධාගමෙන් පෝෂණය වෙච්ච මුළු මහත් සංස්කෘතියටම අපහාස කරන අය ඉන්නවා නම් ඉන්නේ ඒ අවුරුදු 2500 ඇතිවෙච්ච තුන් ලෝකෙටම නැති වැඩකට නැති කාලකන්නි ජේවීපී එවුන් විතරයි..
denin Thursday, 30 January 2020 08:25 AM
අපේ බෞද්ධකම ලෝකයාට පෙන්වූ අවස්ථාවක්ද අපේ හමුදුරුවනේ? අලියාගේ බඩයටින් කුඩා දරුවන් රිංගවා රුපියල් පනහ, සීය ලැබෙනවිට නම් අලි ඇතුන් හරිම හොඳයි...
kap Thursday, 30 January 2020 08:32 AM
මේ ඇත් රාජයව බලා ගන්නේ ඇත්ගොව්වෙක්ද, නැත්නම් මස් වැද්දෙක්ද?
Gamage Thursday, 30 January 2020 08:39 AM
සතාට සලකන්න කියන එක මමත් පිළිගන්නවා. නමුත් ඔය කියන මියන්මාරය රෝහින්ග්‍යා මිනිස්සුන්ට කරපු අපරාධ ගැන ඔය මියන්මාරය මොනවාද දන්නේ නැහැ කියන්නේ...? ළඟදී ඔය කියන රටට එරෙහිව මනුෂ්‍යයින් සමූල ඝාතනයට එරෙහිව අන්තර් ජාතික සංවිධානයකින් දැඩි නඩු තීන්දුවක් සහ පනතක් සම්මත කරගෙන තියෙනවා. අපේ වැරදි අපි හදාගන්නම් මුලින් මිනිස්සු සමූල ඝාතනය කරන එක නවත්වන්න...
කැප්Thursday, 30 January 2020 10:30 AM
පටලවගන්න එපා. මේක කාරණා දෙකක්.
ABBW Thursday, 30 January 2020 08:44 AM
කමල්, මේ රටේ ඉන්න හරක්ට ඕවා ත්රෙන්නේ නැහැ.
lalithm Thursday, 30 January 2020 08:49 AM
මතක තබා ගත යුතු කරුණක්. මේ ඇතා ඉන්නේ බෙල්ලන්විල පන්සලේ. මේ වගේ තැනකත් කෘරත්වය තියෙනවනම් දුර පළාත්වල පන්සල්වල ඉන්න සතුන් ගැන මොකුත් තොරතුරු එන්නේ නැතිකොට මොනවා කරනවා ඇතිද?
Nuwan Thursday, 30 January 2020 08:55 AM
පන්සලේ දේවාලෙන් එන ආදායම කොච්චරද කියලා ගණන් කරනවා වගේම පන්සලේ ඉන්න ඇතා ගැනත් බැලුවනම් පින් අපේ හාමුදුරුවනේ ! එහෙම නැති උනොත් වෙන්නේ සත්ව හිංසන ගැන පම්පෝරි ගහන එන්.ජී.ඕ කාරයෝ ලෝකේ වටේ ලංකාව ලැජ්ජා වෙන විදිහේ ප්‍රචාර අරන් යන එකයි. අපේ කරුමෙට සමහර හාමුදුරුවන්ට ගිහියන් වෙන අපිට උන්වහන්සේලාට හොද නරක කියා දෙන්න වෙලා.
ජයන්ත මිලානෝ Thursday, 30 January 2020 09:08 AM
බෞද්ධ නොවන කිව්වේ? බෞද්ධ සෙනඟ මෙත්සිත් වඩවන ඉතාමත් කාරුණික සිංහල සෙනඟක්... උදාහරණයක් ලෙස පාර්ලිමේන්තුව ගත්තොත් හොරදූශිතයින් කවුද? සියයට අසූවකට වඩා ඉන්නේ අන්‍ය ආගමිකයින්..... දකුණේ මිනීමැරුම්, මත්ජවාරම් කරන්නේ කවුද? අන්‍ය ආගමිකයින්. හිරගෙවල්වල සියයට අනූනමයක් ඉන්නේ අන්‍ය ආගමිකයන්... ඉතින් බෞද්ධයෙක් ගහකොළට, සතෙකුට හිංසා කරයිද?
athuraThursday, 30 January 2020 09:27 AM
ඔබ ඔය කියන්නේ මිලානෝවල හිරගෙදර ගැනද? හිරගෙදර යන්න එපැයි ඉන්නේ කවුද කියලා දැනගන්න.
GuneThursday, 30 January 2020 09:58 AM
මම අවුරුදු පහක් නැවතිලා හිටපු රටේ බෞද්ධයින්ට වඩා කතෝලික බැතිමතුන් "සැබෑ බුදුදහමට" අනුව ජීවත් වෙනවා. සත්තු මසට මරණ ඒවා නම් කරනවා. නමුත් අනුන්ගේ ඕපාදුප හොයන්නේ නෑ. මග තොටකදී ඕන උදව්වක් කරනවා. කාරුණිකව කතා කරනවා. අනුන්ට වදයක් වෙන විදිහට කිසිම තැනක හැසිරෙන්නේ නෑ. athura කියන්නා වගේ... මිලානෝ සමහරවිට කල්පිත හිරගෙදරක් ගැන හිතාගෙන වෙන්න ඇති ඔය "බෞද්ධයින්" ගැන කියවන්නේ...
Bandula. Thursday, 30 January 2020 10:03 AM
ඇත්තටම මේ ඇතාව බලාගන්නේ අලි බලන්න සුදුසු එකෙක් නෙමෙයි.. මේක මහා ලොකු අපකීර්තියක් බුදුන් අදහන අපේ රටට. කරුණකරලා මේ වගේ අයට දෙන්න එපා අලි බලන්න.
ලුම්බිණි Thursday, 30 January 2020 10:17 AM
මේ සතාට හරියට සලකන්න බැරි අය බුදු දහමෙන් යමක් ඉගෙනගත්ත අය වෙන්න බැහැ. සතුන්ට බුදුන් දවස සලකපු හැටි විස්තර කරලා බණ කියන හාමුදුරුවරු නම් හරියට. ඒත් මේ වගේ දේවල් වලදී ඒ අය නිහඬයි.
කපුරුහාමි Thursday, 30 January 2020 11:32 AM
දරුවන්, දෙමාපියන්ට නොසලකන, දරුවන්ට වදහිංසා කරන රටේ සතුන් ගැන කවර කතාද?