IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මියන්මාරයේ සිර දඬුවම් වින්ද ධීවරයෝ 7 කට නිදහස

(විමුක්ති එස් රුද්‍රිගු)

මියන්මාරයේ සිර දඬුවම් විඳිමින් සිටි ශ්‍රී ලංකික ධීවරයින් හත් දෙනෙකුට මියන්මාර සමුහාණ්ඩුව සමාව ලබා දී ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

මියන්මාර් එක්සත් දිනයේ දියමන්ති ජුබිලි සැමරුම වෙනුවෙන් මානුෂීය හේතුන් මත මෙසේ ශ්‍රී ලාංකික ධීවරයන් හත් දෙනා  මියන්මාර් සමුහාණ්ඩුව විසින් නිදහස් කරනු ලැබීය.

ශ්‍රීලංකාව සහ මියන්මාරය අතර ඇති සුහද ද්වි පාර්ශවික සම්බන්ධතා ද ඔවුන් නිදහස් කිරීමට හේතු සාධක විය.

2021 දෙසැම්බර් මස 3 වෙනි දින මියන්මාර් මුහුදු සීමාවට අනවසරයෙන්  ඇතුළු වූ තුෂාන් පුතා නැමැති ධීවර නෞකාවද එහි සිටි ධීවරයින් හත්දෙනා ද මියන්මාර් බලධාරීහු  විසින් අත් අඩංගුවට ගනු ලැබූහ.තුෂාන් පුතා නෞකාවේ ප්‍රධානියාට වසර හතක සිර දඬුවමක් ලැබුණු අතර කාර්ය මණ්ඩලයට වසර පහක සිර දඬුවමක් නියම විය.

යැන්ගොන් හි ඉන්සයින් බන්ධනාගාරයේ රඳවා තැබූ මෙම ධීවරයින් හත්දෙනාට  අවශ්‍ය කොන්සියුලර් සහාය විදේශ කටයුතු අමාත්‍යංශය විසින් මියන්මාරයේ ශ්‍රී ලාංකික තානාපති කාර්යාලයේ සහාය ඇතිව සම්බන්ධීකරණය කොට ලබා දී ඇත.

අනිවාර්ය පී.සී.ආර් පරීක්ෂණ අවසන් කිරීමෙන් පසු මියන්මාර් රජය සමග සම්බන්ධීකරණයෙන් මෙම ශ්‍රී ලාංකික ධීවරයන් හත්දෙනා මාර්තු 06 වෙනි දින ශ්‍රී ලංකාවට ගේනවා ගැනීමට නියමිතව ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි

 



අදහස් (0)

මියන්මාරයේ සිර දඬුවම් වින්ද ධීවරයෝ 7 කට නිදහස

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 11 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site