(නාලක සංජීව දහනායක)
විපක්‍ෂනායක මහින්ද රාජපක්ෂ මහතා විසින් ජනාධිපතිවරණයට තරග කරන ලෙසට කළ ඉල්ලීම අනුව පසුගිය අපේ‍්‍රල් මාසයේදී තම ද්විත්ව පුරවැසි භාවයෙන් ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කර ගැනීමට කටයුතු කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (30) පැවැසීය.
ඒ අනුව තමා ශ්‍රී ලාංකික පුරවැසියකු බවත් ඒ බව පිළිගනිමින් වත්මන් රජය යටතේ නීත්‍යානුකූලව නව විදෙස් ගමන් බලපත‍්‍රයක් හා ජාතික හැඳුනුම්පතක් මේ වනවිට තමන්ට නිකුත්කර තිබෙන බවත් ඔහු කීය.
එහිදී ඔහු මෙසේද පැවැසීය.
‘‘වත්මන් විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතාට තෙවන වරටත් ජනාධිපතිධූරයට තරග කිරීමට ඇති අවස්ථාව අහිමි කිරීමේ අරමුණින් වත්මන් රජය විසින් 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආවා.
ඒ වගේම ද්විත්ව පුරවැසි බව තියෙන අයටත් ජනාධිපතිධූරයට ඉදිරිපත් කිරීම වළැක්වීමට හා වයස අවුරුදු 35ට අඩු අයට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම වැළැක්වීම වැනි කරුණු එම සංශෝධනයට ඇතුළත් වුණා. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආවෙම අපේ පවුල ඉලක්ක කරගෙනයි. මේ වගේ සංශෝධනයක් ලෝකයේ කිසිම රටක නැහැ.
මෙම තත්ත්වය මත විපක්‍ෂනායකතුමාට ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න බැරි නිසා මට ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න කියල ඔහු මට කිව්වා.
ඒ අනුව පසුගිය අප්‍රේල් මාසයේදී මගේ ද්විත්ව පුරවැසි භාවයෙන් ඇමරිකානු පුරවැසි බව ඉවත් කරගන්න මම කටයුතු කළා.
දැන් මම මෙරට පුරවැසියෙක්. ඒ අනුව ඉල්ලූම් කළ ආකාරයටම නව විදෙස් ගමන් බලපත‍්‍රයක් හා නව ජාතික හැඳුනුම්පතක් මට වත්මන් රජය යටතේ නිකුත් කර තිබෙනවා යැයිද ඔහු කීය.
කොළඹ,නවනගර ශාලාවේ අද (30) පැවැති දේශ විමුක්ති ජනතා පක්‍ෂයේ විශේෂ මහ සමුළුවට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)
රුපියල් කෝටි 3 කට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝග්‍රෑම් 100 කට අධික තොගයක් සමඟ ඩිංගි යාත්‍රාවක් යාපනය කරෙයිනගර් දූපතේ පූමට්ටෙයි ප්‍රදේශයේදී අත්අඩ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කරන ආකාරයට ලංකාව වාසනාවන්ත නම්, ඉදිරි වසර කිහිපය ඇතුලත 3.5% ක ආර්ථික වර්ධන වේගයක් ලැබෙනු ඇතැයි විශ්වාස කරන බව ජනාධිපති
ලොව වඩාත් කීර් තිමත් සහ පුළුල් විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම වන ‘ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම 2024’ දී කොළඹ විශ්වවිද්‍යාල සහ පේරාදෙණිය විශ්වවිද්
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද 28 පස්වරුවේ මීරිගම මිනිඔලුව මහ පිරිවෙනේදී මකුලෑවේ විමල ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහා නාහිමියන් බැහැ දැක ආශීර්
කොළඹ විශ්ව විද්‍යාලය විසින් නිෂ්පාදනය කරන ලද ඖෂධ හා ආලේපන කිහිපයක් වෙනුවෙන් විශ්ව විද්‍යාලයට හිමි වූ කතෘභාගයෙන් කොටසක් විශ්ව විද්‍යාලය පිළිකා පිළිබ
ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ‘ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම 2024’ ශ්‍රී ලංකාවේ හොඳම තෙවැනි විශ්වවිද්‍යාලය ලෙස නම් කර තිබේ.
දැඩි ආශාව හා කැපවීම මුණගැසෙන ක‍්‍රිකට් වැනි ක්ෂේත‍්‍රයක් තුළ, එෂාන් මාලිංග පැමිණි ගමන් මග නම් එතරම් ආශ්වාදජනක එකක් නොවේ. ඔහුගේ පන්දු යැවීමේ වේගය හා දක
නිවසේ දී වැටීම් හා පිළිස්සීම්වලින් දරුවන් ආරක්ෂා කිරීම දෙමව්පියන්ගේ යුතුකමකි. දරුවන් නිවසේ දී ඇද වැටීම්වලට ලක් වීම සාමාන්‍ය දෙයකි. වගකීම් සහගතව නිවැ
දේශයේ රක්ෂකයා වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් :ීඛෂක්* මෙරට විශාලතම රාජ්‍ය හිමිකාරිත්වය සතු රක්ෂණ ආයතනය වන අතරල හැකියාවෙන් පිරිපුන් දක්ෂ කාර්යමණ්ඩලය ශ‍්
‘‘මම දැන් මෙරට පුරවැසියෙක්‘‘
thushara Monday, 30 September 2019 01:13 PM
මගේ රට මේ තියෙන ව්‍යවසනයෙන් බේරාදෙන්න මැතිඳුනි...!!! රට දැන් කැඳ හැලියක් වෙලා..
සැම්සන්Monday, 30 September 2019 03:24 PM
වහල්ලු නොවී ප්‍රඥාවෙන් වැඩ කළොත් මේ රටට යහපතක් වේවි.. ඔය කිසි මැතිඳෙක් ගැන විශ්වාස තියන්න බෑ..
BamunuarachchiMonday, 30 September 2019 11:09 PM
කිසි මැතිදෙක් විස්වාස කොරන්න බැරිනම් කාටද ඡන්දය දෙන්නේ?
Ranjan Monday, 30 September 2019 01:33 PM
මෙතෙක් ඔහු විසින් තවමත් ඔහුගේ ඇමරිකානු පුරවැසි භාවය ආපසු දුන් ලිපිය කිසිවෙකුට පෙන්වා නැත. තිබෙනවා නම් පෙන්වන්නේ නැත්තේ මොකද?
ධනාTuesday, 01 October 2019 05:37 AM
අවශ්‍ය වෙලාවට අවශ්‍ය තැනට පෙන්වයි ඒවා...
sena Monday, 30 September 2019 01:33 PM
වැඩක් වෙන්නේ නැහැනේ... ඇමරිකාවට හිතවත්ව වැඩ කරන්න ඔබතුමාට සිද්දවෙනවනේ... එහෙම නැති වුනොත් පව්ලේ කට්ටිය බලන්න ඇමරිකාවට යන්න බැරිවෙනවනේ..
sisira Monday, 30 September 2019 01:46 PM
බල්ලෝ බිරුවට කඳු කඩාගෙන වැටෙන්නේ නැහැ. ඒ වගේම තමයි සිංහයෙක් නසන්න හිවල්ලුන්ට බෑ.. නඩු පවරන් උන් යහපාලන ජෝකර්ලා වෙලා බයට දැන්මම සුළුදිය පිටවෙන්න් පටන් අරන්... පෙරේදා ජම්පර් අන්දනවා කියපු කෙනාට අද වරෙන්තු...
Prabha Monday, 30 September 2019 01:59 PM
ඕක අගේ කර කර ඉන්නේ නැතිව කලින්ම කිව්වා නම් ඔය නඩු වැටෙන්නේ නැහැනේ.
sirimal Monday, 30 September 2019 02:05 PM
ඕක කලින් කිව්වා නම් ඉවරයිනේ. මම මේ කල්පනා කරන්නේ ඔබතුමාගේ බිරිඳ සහ දරුවන් තවම ශ්‍රී ලාංකිකද නැතිනම් ඇමෙරිකානුද කියලයි. කවුදෝ කියල තිබ්බ " බිරිඳයි දරුවොයි ඇමෙරිකානු හරකබාන නම් මේ රටේම තමයි" කියලා.
Ajith Nissanka Monday, 30 September 2019 03:01 PM
ඔබතුමා ඇමෙරිකානු පුරවැසිකම ඉවත්කළ බවට ඇමෙරිකානු රජය විසින් නිකුත් කළ සහතිකය ජනතාවට ඉදිරිපත් කරන්න..! ඔබතුමා එය තවම ඉදිරිපත් නොකර තිබීම අපිටද මහත් ගැටලුවකි ! ගෝඨාභය මහතා ඔබ පවසන ආකාරයට නිසියාකාරව ඇමෙරිකන් පුරවැසිභාවය ඉවත් කර ඇත්නම් ඔහුට ශ්‍රී ලංකාවේ ජනාධිපති වීමට ඇති අයිතියට අපි ගරුකරමු..! නමුත් එය එසේ නොවන්නේ නම් එය ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවට මහත් සේ බලපානු ඇත! එමනිසා ගෝඨාභය මහතා ඔහුගේ ඇමෙරිකානු පුරවැසිකම සම්පූර්ණයෙන්ම ඉවත් කළ බවට සහතිකය ශ්‍රී ලංකා ජනතාව ඉදිරියේ පෙන්විය යුතුමයි...! එසේ නොමැතිව ඇමෙරිකානු නීතියට යටත් කෙනකු ශ්‍රී ලංකාවේ ජනාධිපති ලෙස පත් කළහොත් භයානක ප්‍රතිඵල සියලුම ශ්‍රී ලාංකිකයින්ට විඳීමට සිදුවනු ඇත..!
Dhammika Senarath Monday, 30 September 2019 03:26 PM
ලෙඩ වුණාම බෙහෙත් ගන්නේ සිංගප්පූරුවෙන්, පවුලේ අය ඉන්නේ ඇමෙරිකාවේ, එහෙව් මිනිස්සු තමන්ගේ රට ගැන දැන් කැක්කුමක් ඇතිවෙලා කතා කරන එක ගැන පුදුමයි. පුළුවන් නම් ලෙඩ වුනාම කොළඹ ජාතික රෝහලෙන් බෙහෙත් අරන් පෙන්නන්න කියන්න. අපේ රටේ සුව ඇමති බෙහෙත් ගන්නෙත් සිංගප්පූරුවෙන්... අපේ රටේ දේශපාලන වහල්ලු ඉන්න තාක්කල් මේ අය දිනයි. හැබැයි මේක වෙනස් කරන්නත් බැරි නැහැ. මොලේ තියෙන අය එකතු වුනොත්...
BamunuarachchiMonday, 30 September 2019 11:27 PM
මේ මොන මෝඩ කතාවක්ද මේ හාදයා කියන්නේ? ඔයාට උනත් අසනීප වෙලා මෙහෙ දොස්තරලා කීවොත් ඉන්දියාවන් හෝ සිංගප්පුරුවෙන් හෝ ඇමරිකාවෙන් තමයි මේ ඔපරේෂන් එක කරන්න පුළුවන් කියලා එක්කෝ තමන්ගේ සල්ලිවලින් යනවා නැතිනම් සමාදම් කරලා සල්ලි හොයාගෙන යනවා. මගේ ගේ අසල විදුලිකාර්මිකයාගේ බිරිඳට අපි මුදල් සම්මාදම් කර ලක්ෂ ගණනක් සොයා දුන්නා ඉන්දියාවට ගොස් ඔපරේෂන් එක කොර ගන්න. රාජපක්ෂලා හෝ රාජිතලා විතරක් නොවෙයි පිටරටින් බෙහෙත් ගන්නේ. මේ අදහස් දරන පුද්ගලයින්ට ඡන්ද බලය ලැබුන නිසා තමයි මේ රට අගාදයට ගියේ
gunarathnaTuesday, 01 October 2019 01:39 AM
ඉතින් ඔබතුමාටත් පුළුවන්නේ එහෙම දේකට එකතු වෙන්ට. මොකද එකතු වෙන්නේ නැත්තෙ ඔබතුමාගේත් මොලේ අඩුවක් තියෙනවද? යුද්ද කාලේ බෝම්බ වලට අහුවෙද්දී යුද්දේ සාර්ථකව ඉවර කරද්දී ඔය ටිකිරි මොලේ කොහෙද තිබුනේ?
Kumar Monday, 30 September 2019 04:17 PM
ඔය කියන්නේ අයියා තරගයට ඉදිරිපත් වුණා නම් ඇප නැතුව යනවා කියලද?
chandima Monday, 30 September 2019 05:18 PM
හැබැයි ඉතින් පැරදුනොත් නම් ගන්දබ්භ ස්වරුපෙන් තමයි ඉන්න වෙන්නේ.
lankasri Monday, 30 September 2019 06:28 PM
ඔය කියන ඒවා නම් සතපහකට විස්වාස කරන්න එපා. තාම ලියකියවිලි පෙන්නලා නැහැනේ. ලංකාවේ හොර පාස්පෝට් ඕනේ තරම් ගන්න පුළුවන්නේ.
Abi Monday, 30 September 2019 07:05 PM
----මේ වගේ සංශෝධනයක් ලෝකයේ කිසිම රටක නැහැ - - - ලෝකය ගැන ඳන්න තරම! ඕස්ට්‍රේලියාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෙන්නත් බෑ
රජින්ද Monday, 30 September 2019 07:29 PM
මංගලගේ සමාජ මාධ්‍ය හා අන්තර්ජාල මඩ රැල ආයෙත් වැඩට බැහැලා තියෙනවා. 2014 අවසාන මාස කිහිපයේදී ඔවුන්ගේ හැසිරීම දැන් නැවතත් කරලියට ඇවිත් ප්‍රතිවාදී අපේක්ෂකයින් ඉලක්ක කරගෙන දුෂ්‍යමාන වැරදි මත පතුරවාවී. බුද්ධිමත් ජනතාවෙනි, සිහියෙන් ඉන්න.
Saman Monday, 30 September 2019 08:04 PM
තවත් බොරු කියන්නේ ඇයි? ඕවට තමයි කලකම් පලදෙනවා කියන්නේ. අයියා ඉන්න කාලේ ද්විත්ව පුරවැසිකම් දෙන්න කිව්වම ඒකට වැඩපිළිවෙලක් හදනවා කියලා හොරට හදන් තමුන්ගේ යාලුවන්ටයි ඒපවුල්වල අයටයි සල්ලි අරන් හොරට හදලා දුන්න. අපිට ඉන්න උනා මේ ආණ්ඩුව එනකල් ද්විත්ව පුරවැසිකම ගන්න. මම සතුටුයි මෙයාට මෙහෙම උන එකට. හරිනම් මහින්ද ද්විත්ව පුරවැසිකම තහනම් කරාට පස්සේ 2015 ආණ්ඩුව වෙනස්වුන අතර කාලය තුල දුන්න හැම ද්විත්ව පුරවැසිකමක්ම රජයට මුදල් ගෙවා නියම විදියට සුදුසුකම් ඇතිව අරන් තිබේදැයි පරීක්ෂණයක් කළ යුතුයි.
ලුම්බිණි Tuesday, 01 October 2019 12:54 AM
පසුගියදා විමල් වීරවංශගේ පක්ෂේ මහා සමුළුව තිබ්බා. ඊලඟට සමසමාජ පක්ෂේ මහා සමුළුව තිබ්බා. අද දේශ විමුක්ති ජනතා පක්‍ෂයේ විශේෂ මහ සමුළුව තිබෙනවා. හැම මහා සමුළුවකම ඉදිරිපෙළ වාඩි වෙලා ඉන්නේ එකම කට්ටිය. මොකද්ද මේකේ තේරුම?
Chanak los angeles Tuesday, 01 October 2019 01:04 AM
මොහු කාටද මේ කොළ කඩා පාන්නේ ?
rocky Tuesday, 01 October 2019 05:18 AM
මේ ගොල්ලෝ ඇත්ත කියලා කියන්නේ බොරුවට......බොරුව කියන්නේ ඇත්තට......
මංජුල Tuesday, 01 October 2019 05:51 AM
පක්ෂ වලට ගැති කුහක අදහස් තියන මිනිස්සු ලංකාවෙ ඉන්නෙ. ඒ මනුස්සයා ඉපදුනෙ ලංකාවේ පසුකාලිනව ඇමරිකාවෙන් පුරවැසිකම ගත්ත මේ පලවෙනියා නෙමෙයි. ලංකාවෙ සිටිය යුතු උගතුන්ගෙන් බාගයක් වෙන රටවල පුරවැසියො. ආරක්ෂක ලේකම් කියන එක අපේ මිනිස්සුන්ට දැන්නුවෙ මෙයා. දැන් ඉන්න ආරක්ෂක ලෙකම්ගේ නම කවුරුවත් දන්නවද. නැ දන්නැ. මොකද ඒ අය රටට වැඩක් කරන්නැ. පුද්ගලික වැඩ විතරයි. ගොඨාබය මහතා රටට වැඩක් කල කෙලින් තීරණ ගන්න සෘජු අදහස් තියන වැදගත් පුද්ගලයෙක්. එතුමා ජනාධිපති උනාම මොකක්ද තියන වරද. මොකද රට ඇමරිකාවට විකුනනවද ඕල්කට් තුමා මොන රටෙද කව්රුත් බනිනවද. එහෙමනම් රටට සේවයක් වෙනවනම් වැටිල තියන ආගාදයෙන් ගොඩ ගන්න දැක්මක් තියනවනම් කවුරු හරි කමක්නැ. එයාට ගරු කරන්න.
SUMITH Tuesday, 01 October 2019 06:09 AM
බලන්නකෝ මුළු පවුලම බලය ගන්න පොරකන විදිහ, මල්ලි ජනපති අපේක්ෂක, අනෙක් එක්කෙනා අගමැති අපේක්ෂක, ලොකු එක්කෙනා කතානායක, ලොකු පුත්‍ර රත්නය විදේශ ඇමති, මද්දුම ආරක්ෂක ඇමති
isuru Tuesday, 01 October 2019 06:29 AM
කෝ සහතිකේ ?
Rata Perata Tuesday, 01 October 2019 06:44 AM
කට ඇරපු ගමන් බොරුව. බිරිඳ, ළමයි වෙන රටක ඉද්දී මෙහෙ ඇවිත් බලය ගන්න දඟලන්නේ අපි වෙනුවෙන් කියල හිතන්න තරම් අපි වහල්ලු නෙමෙයි. අනිත් එක ඊයේ පෙරේදා වෙනකම් පිටරැටියෙක් වෙලා ඉඳලා ජනපති වෙන්න ලාංකික වෙන අය හොඳනම් බැරක් ඔබාමාට එන්න කියමු. ඔහු මේ පල් හොරුන්ට වැඩිය ගොඩක් හොඳ වෙයි.