(රොමේෂ් මධුෂංඛ)
වව්නියාව මාමඩුව අග්‍රබෝධි මහාවිද්‍යාලයේ 5 වසර ඉගෙනුම ලැබූ සිසු දරුවන් 24 දෙනෙකුට ශරීරයට බලපෑ ආසාත්මිකතාවක් හේතුවෙන් වව්නියාව මහරෝහලට අද (6) ඇතුළත් කරනු ලැබීය.
සිසු දරුවන්ගේ ඇඟ කැසීමට පටන් ගෙන ඇති අතර ඇතැම් දරුවන්ට හුස්ම ගැනීමට පවා අසීරුවීමෙන් විදුහල්පති හා ගුරුවරුන් විසින් මාමඩුව ප්‍රාදේශීය රෝහලට දැනුම් දීමෙන් පසුව වව්නියාව මහරෝහලට ඇතුළත් කර ඇත.
පසුව අග්‍රබෝධි මහාවිද්‍යාලයට මාමඩුව පොලීසිය හා සෞඛ්‍ය නිලධාරීන් පිරිසක් පැමිණ පරික්ෂණයක් ආරම්භ කර ඇති අතර මෙතෙක් සිසු දරුවන්ට ඇති වූ ආසාත්මිකතාවට හේතුව අනාවරණය වී නොමැත.
වව්නියාව මහරෝහලට ඇතුළත් කරන ලද සිසු දරුවන්ගේ තත්වය බරපතල නොවන අතර මොවුනට ප්‍රතිකාර කිරීමෙන් පසු සාමාන්‍ය තත්වයට පත්වෙමින් සිටින බවටද වව්නියාව මහරෝහලේ වෛද්‍යවරු පවසති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගොල්ල මොනවා හරි ඇලජි ඇතිවෙන කෑමක් කාල එක තැනකින්. නැත්නම් විස දුමක් ආග්‍රාහනය කරලා.
පාසැල අවට ඉන්න ජංගම වෙළෙන්දෝ පරික්ෂා කරා නම් බොහෝවිට හේතුව හොයාගන්න පුළුවන්...