(සුජිත් හේවාජූලිගේ සහ ආරියරත්න රණබාහු)
මැනිං වෙළඳපොළ ලබන වසරේදී පෑලියගොඩ නගරයට ගෙන යන බව මහ නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද(19) පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඇමතිවරයා මේ බව පැවසූයේ ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධන කිරීමේ සංස්ථා (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනිවර කියවීමේ විවාදයේදීය.
පාඨලී චම්පික රණවක මහතා එහිදී මෙසේද ප්‍රකාශ කළේය.
“මැනිං වෙළඳපොළ සහ කොළඹ තොග වෙළඳාමත් පෑලියගොඩට ගෙනියනවා. අධිවේගී මාර්ගයට සම්බන්ධ කරන එම ප්‍රදේශය සංවර්ධන කලාපයක් බවට පත්කරනවා” යැයිද ඒ මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊට පස්සේ මැනින් මාර්කට් එක තිබුණ තැනින් කොටසක් මගේ නිල නොලත් හිතවතියෙකුට පවරනවා.කාටවත් කතා බැහැ.මමයි තීරණය කරන්නේ මමමයි ක්‍රියාත්මක කරන්නේ.මේ මෝඩයින්ට මොකවත් නොතේරෙන එකමයි මගේ වාසනාව.
අනේ, එ්කනම් වරදක් නැහැ. එ්ත් එතකන් ආණ්ඩුව තියේවිද?
ඒක නම් හොඳයි.. ඒත් අධිවේගී පාරවල් ටික හදලම මේවා ගෙනියනවා නම් හරි. අර මාකුඹුරේ බහුකාර්ය එකේ තවමත් ලොකු අඩු පාඩු තියෙනවා. දැන් ගොඩක් අය එතැනට එන්නේ නැතුව ප්‍රධාන පාරෙන්ම බහින්නේ ඒකයි. හෝමාගම වගේ බස් පිරිලා එන්නේ එතැනට එද්දී එතකොට ඒ රූට් එකේ යන අයට අවාසියක් වෙන්නේ..., දැන් අර ආරක්ෂක හේතු නිසා බස් නවත්තන තැන ඉඳලා ඇතුළට යන ටිකට වැස්සොත් නාගෙන යන්න වෙන්නේ... දක්ෂිණ අධිවේගේ තියෙන වැසිකිළි පහසුකම් එක්ක බලද්දී මේක අන්තිම ප්‍රාථමිකයි. මේකෙන් සල්ලි හොයන්න පුළුවන් පහසුක්‍රම අනවශ්‍ය විදියට අහුරගෙන... හරි හමන් මනුස්සයෙක් දාන්න ඒක වැඩ බලන්න ඇමතිතුමා...
ෂා !!! ගැමුණුටයි කසිප්පු ර .... ටයි රජ මගුල් තියේවි. ඉස්ස ඉස්සෙල්ලම කප්පම් /මැර අය ගැන ගත යුතු පියවර ගෙන ඔය වැඩේ පටන්ගත්තොත් හොඳයි. නැතිනම් ඔක්කොම හබක්. මතකනේ මාළු මාර්කට් එක ගෙනිච්ච දවස් වල තිබුණු කරදරේ?
ලොකු සේවයක්
ඊට පස්සේ එතන තම හිතවතෙක් උස ගොඩනැගිල්ලක් හදනවද.
ඒ ඉතින් ලබන අවුරෙද්දී ආවොත්නේ.
ඕක කරන්න ඉස්සර වෙලා අඩුම තරමෙන් අධිවේගී මාර්ගයේ කඩවත සිට මිගමු පාරට සම්බන්ධ වන කොටසවත් නිම කරලා සිටින්න නැත්නම් මාලු අරන් එනකොට ට්‍රැෆික් එකට අහුවෙලා පැය ගණන් රස්තියාදු වෙන්න සිදුවෙනවා .