IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


මනෝ විද්‍යා දේශනයට අවියක් ගෙනා දේශක මාට්ටු

(විජේරත්න රත්නායක සහ ඩී.කේ.රත්න)

හාලිඇල දෙමළ මහ විදුහලේ සිසු දරුවන් වෙනුවෙන් පැවැති මනෝ විද්‍යා දේශනයකට වායු රයිෆලයක් හා වෝකි ටෝකි යන්ත්‍රයක් යොදාගත් බව කියන දේශකයකු සැකපිට අත් අඩංගුවට ගත් හාලිඇල පොලීසිය කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ කඩවත ප්‍රදේශයේ රාජ්‍ය නොවන සංවිධානයක දේශකයකු බව කියන හලාවත පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකි.

අදාළ වායු රයිෆලය හා වෝකි ටෝකි යන්ත්‍රය ද පොලිස්ර බාරයට ගෙන ඇති අතර සැකකරුගේ ආරක්ෂකයන් බව කියන පුද්ගලයන් තිදෙනෙකුද ඔහු හා පැමිණ ඇත.

මෙම සැකකරුට වායු රයිෆල් හා වෝකි ටෝකි යන්ත්‍රයක් භාවිතා කිරීමට අවසර තිබේද යන්න හා පාසල් ළමුන් වෙනුවෙන් පවත්වන දේශනයකට මෙවන් උපකරණ රැගෙන ආවේ මන්දැයි යන්න සැකය මත ඔහු අත් අඩංගුවට ගෙන ඇත.

හාලිඇල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රුවන් ගුණතිලක මහතාගේ උපදෙස් මත හාලිඇල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

 



අදහස් (3)

මනෝ විද්‍යා දේශනයට අවියක් ගෙනා දේශක මාට්ටු

කිරි පුතා Wednesday, 01 December 2021 04:56 PM

අහිංසක ළමයින්ව කොටි කරන්න හදන පොරක් වගේ. බලමු තව විස්තර..!!!

:       0       3

sharm warn Wednesday, 01 December 2021 05:10 PM

මේ පුද්ගලයාගේ මානසික තත්වය පරීක්ෂා කරන්න වෙනවා මුලින්ම. මෙවැනි මිනිස්සු නිසා උපදේශන මනෝ විද්‍යාව ගැනත් උපදේශකයින් ගැනත්, සමාජයේ තියෙන ප්‍රතිරූපයට හානිවෙනවා විතරක් නෙමෙයි දරුවෙකුට උපදේශන මනෝ විද්‍යාවෙන් උදව්වක් අරන් ජීවිතය ගොඩනගාගන්න තියෙන අවස්ථාවත් නැතිවෙනවා...

:       0       3

sampath Wednesday, 01 December 2021 08:10 PM

පාසල්වලට කිසිම දේශකයෙක් ගන්න දෙන්න එපා. පිළියන්දල ප්‍රදේශයේ පාසලක් දරුවෙක්ට පාන් කීමට දීලා මහා ජරමරයක් වුණා... මෙවැනි දේශනයකදී. අධ්‍යාපන අමාත්‍යාංශයේ නිසි බලධාරීන් හෝ විශ්ව විද්‍යාලයක කථිකාචාර්ය වරයෙක්, හෝ පිළිගත් වෘත්තිකයෙක් හැරුණුකොට කිසිම කෙනෙක් පාසල් ගේට්ටුවෙන් ඇතුළට ගන්න දෙන්න එපා. මේකට විරුද්ධව විදුහල්පතිවරයාටත් විනය පරීක්ෂණයක් තිබිය යුතුයි..

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 675 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 550 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site