(ඉන්දිකා රාමනායක)
2012 වසරේ සිට නීති විරෝධීව මුහුදු මාර්ගයෙන් ඕස්ට්‍රේලියාවට මිනිසුන් යැවීමේ ජාවාරමේ මහමොලකරුවකු වශයෙන් කටයුතු කළ නාවික හමුදා බුද්ධි අංශයේ හිටපු සාමාජියකු වු “නේවි කමල්” වසර 9 ට පසු පස්සර දී අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
මෙම අත්අඩංගුවට ගැනීම සදහා නීතිපතිවරයා නියෝග නිකුත් කරඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මග හරිමින් ව්‍යාජ නම් වලින් සහ ලිපින වල වසර 9 ක පමණ කාලයක් සැගව සිට ඇති බවත්, මොහු ඔහුගේ බිරිදගේ පියාගේ සුවදුක් බැලීම සදහා පස්සරට ගොස් සිටියදී ලැබුණු තොරතුරු මත ඉකුත් (29) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් මගින් අත්අඩංගුවට ගෙන ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
මොහු නාවික හමුදා බුද්ධි අංශයේ රැකියාව කරමින් සිටියදී මෙම නිතිවිරෝධී ජාවාරම මෙහෙයවා ඇති බවත්, මේ සදහා නාවික හමුදාවේ ඇතැම් පිරිසගේ සහය මොහුට ලැබී ඇති බවට තොරතරු හෙළිව ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සදහන් කරයි.
2012. ජුනි මස 7 වැනි දින නීති විරෝධී ලෙස 87 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් මීගමුවේ සිට තරුෂ පුතා නැමැති බහුදිය යාත්‍රාවෙන් ඕස්ට්‍රේලියාව බලා රැගෙන ගොස් ඇති අතර එම යාත්‍රාව අතර මගදී කාර්මික දෝෂයකට ලක් වීමෙන් පසු අන්තෝනි නැමැති බහුදින යාත්‍රාව යවා එම පිරිස ඕස්ටෙලියාව බලා රැගෙන ගොස් ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි.
2025 නොවැම්බර් මස 17
85
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
923
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2540
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
මිනිස් ජාවාරමේ මොලකරු මාට්ටු
Lalith M Monday, 01 November 2021 06:53 AM
බොහෝ ජාවාරමකම හමුදා සාමාජිකයන්ට දොර හැරිල. ඒත් නීතිය ක්‍රියාත්මක කරන කොට නිදහස් වෙනව... මොකක් හෝ අඩුවක් තියනවා.....
ලුම්බිණි Monday, 01 November 2021 09:22 AM
ඒ කාලේ නාවික හමුදාවේ සමහරු මිනිස් ජාවාරමට සම්බන්ධයි කිව්වම බොහෝ දෙනෙක් කිව්වේ හමුදාවට අපහාස කරන්න කරන බොරු අවලාද කියල.