( ටී.කේ.ජී.කපිල )
පලස්තීන ජාතිකයන් ශ්‍රී ලංකාවට රැගෙනවිත් පෝලන්තයේ වෝර්සෝ නුවර හරහා ජර්මනිය වෙත රැගෙන යෑමේ මිනිස් ජාවාරමක ප්‍රධාන සැකකරු කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් අද(27) අත්අඩංගුවට ගෙන තිබේ.
ඩුබායි හි පදිංචි බව සඳහන් ගුවන් ගමන් බලපත්‍රයක් හිමි 31 හැවිරිදි තරුණයෙකුගේ සැක කටයුතු හැසිරීම නිරීක්ෂණය කළ එම නිලධාරීන්, ඔහු අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී ගුවන් ගමන් බලපත්‍රය ව්‍යාජ එකක් බව අනාවරණය කර ගෙන තිබුණි.
ඔහු ඇඳුමෙහි සඟවා ගෙන සිටි පලස්තීන ගුවන් ගමන් බලපත්‍රය ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් සොයාගෙන ඇත.
තමන් මාර්තු 02 දින ශ්‍රී ලංකාවේ සිට පෝලන්තයේ වෝර්සෝ නුවර වෙත ගොස් එතැනින් ජර්මනිය වෙත පළා යෑමට මෙසේ පැමිණ සිටින බවත් , මෙම වැඩසටහනේ මහ මොළකරු ද තමන් සමග මෙම ගුවන් යානයෙන්ම පැමිණි බවත් , ඔහු මේ වනවිට ගුවන් තොටුපළෙන් පිටවී තිබිය හැකි බවත් ප්‍රකාශ කර තිබුණි.
ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීහු ඒ වනවිටත් ගුවන් තොටුපළ රේගු පරිශ්‍රයේ සිටි එම පුද්ගලයා ද අත්අඩංගුවට ගත්හ. තමන් කැනඩාවේ ජීවත්වන , එරට ගුවන් ගමන් බලපත්‍ර හිමි 54 හැවිරිදි පලස්තීන මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු බව ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් හට ප්‍රකාශ කර තිබේ.
දිගින් දිගටම කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ ප්‍රශ්න කිරීම් වලින් බේරී යෑම අපහසු බව දැනගත් මෙම පුද්ගලයා , තම මුදල් පසුම්බිය වෙත අත යොමා ඇමෙරිකානු ඩොලර් 5,000 ක නෝට්ටුවක් ලබා දී තමන් නිදහස් කරන ලෙස ආයාචනා කරමින් ගැලවී යාමට උත්සාහ කර තිබේ.
මෙම පලස්තීන ජාතිකයන් දෙදෙනා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමෙරිකානු ඩොලර් 5,000ක නෝට්ටුවක්? ලංකාවේ එක්කෙනෙකුත් රුපියල් 50,000/= හොර නෝට්ටු ගහලා අහු වුණා, එයාද මේ...?
එහෙත් පලස්තීන දේශයක් හදන්නද දන්නේ නැහැ...?
මම දන්නා පරිදි දැනට භාවිතා වන්නේ නෝට්ටු 7ක් පමණි. ඩොලර් 1, 2, 5, 10, 20, 50 සහ 100. එක්දහස් හත්සිය ගණන් වලදී 500 1000 සහ 5000 නෝට්ටු මුද්‍රණය කළත් දැනට භාවිතයක් නැත. එමෙන්ම පසු කලක ඩොලර් 100 000 ක නෝට්ටුවක්ද මුද්‍රණය කළ අතර එය මුදල් හුවමාරුවක් සඳහා වලංගු නැත.
මෙයින් ගම්‍ය වන්නේ ලංකාවේ දූෂණය ජ්‍යතියන්තර පවා ප්‍රසිද්ධ වී ඇති බවත් ජාවාරමක් කර බලධාරියන්ට පගාවක් දී සැහෙන දුරකට ගැලවී යා හැකි බවට විශ්වාසයක් ජ්‍යතියන්තරේ ඇති බවත්ය.
දීපු ගාණ මදි ඇති... ඒකයි යවලා නැත්තේ...
මේවා නිසා වෙන්නේ ලංකාවේ අපිට මේ රටවලට වීසා ගන්න අමාරු වෙන එක...