IMG-LOGO

2025 ඔක්තෝබර් මස 18 වන සෙනසුරාදා


මිනුවන්ගොඩ කලබලයට 13 ක් අත්අඩංගුවේ

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
මිනුවන්ගොඩ නගරයේ වෙළඳසැල් කිහිපයකට පහරදී අලාභ හානි කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 13දෙනෙකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර  උතුර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසීය.
 
කඩාකප්පල්කාරීව මිනුවන්ගොඩ නගරයට කඩා වැදුණු එම පිරිස විසිරුවා හැරීමට පොලිසිය එහි ගොස් කටයුතු කළේය.



අදහස් (19)

මිනුවන්ගොඩ කලබලයට 13 ක් අත්අඩංගුවේ

nilmini Tuesday, 14 May 2019 05:05 AM

කඩ ගෙවල් කඩන එකෙන් විසදෙන ප්‍රස්නයක් නැහැ...... දේශපාලන අත්කොලු ක්‍රියාත්මක වෙන එක ඊටත් වඩ භයානකයි.....

:       17       408

Sidath Tuesday, 14 May 2019 05:13 AM

මේ ඊනියා වීරයෝ සියලු දෙනාටම උපරිම දඩුවම් ලැබිය යුතුමයි. මුන්ගෙයි අර ත්‍රස්තවාදීන්ගෙයි කිසිම වෙනසක් නෑ. අහිංසක මුස්ලිම් මිනිස්සුන්ව ත්‍රස්තවාදීන්ගෙ ඔඩොක්කුවට තල්ලු කරලා, මේ රටේ ආයෙත් යුද්ධයකට පාර කපන මී හරක්..

:       57       727

Sithannata yamak Tuesday, 14 May 2019 05:13 AM

අද අප සිටින්නේ අනාථ වූ රටකය. ජාතියක් ලෙස විනාශය කරා යන මේ ගමන පිලිබඳ කිසිවෙකුට වගේ වගක් නැත . රටේ පාලකයන් බල කාමයෙන් උමතු වූ සතුන් මෙනි. කලකට ඉහත මෙසිරි ලංකාවේ තත්ත්වය අපි උපමාවකට නැගූයෙමු. අපේ රටේ ව්‍යවස්ථාව කාම සුත්‍ර පොත මෙනි. ව්‍යස්ථාදායකය ගනිකා මඩමකි. රාජ්‍ය සේවය රජාට අන්තංපුරයකි. හිට්ටාට බය නැත. ගබ්සාව අධිකරණයෙනි. එහෙව් රටේ විධායකය සැප සාගරයකි. පුරවැසියන්ට අබ සරණය. මුස්ලිම් හෝ ඊලාම් අන්තවාදයට විසඳුම සිංහල අන්තවාදය නොවේ. ඊට විසඳුම නිවරදි දේශපාලන නායකත්වයක් සහ විධිමත් ආරක්ෂක යාන්ත්‍රනයකි. අච්චු කළ යුත්තේ මුස්ලිම් අන්තවාදීන්ට පමනක් නොවේ , සිංහල දෙමළ ඒ සියලු අන්තවාදීන්ට ද සමානව බෙහෙත් කළ යුතුව ඇත.

:       3       767

AmithTuesday, 14 May 2019 05:44 AM

හැමදාම ප්‍රශ්නය වෙන්නේ සිංහල ජාතිවාදයට ක්‍රියාත්මක වන නිතිය අනික් ජාතීන්ගේ අන්තවාදයේදී නිහඩව සිටීමයි.. ලංකාවේ හැම පුරවසියෙක්ට එක සමානව නිතිය ක්‍රියාත්මක වෙනවා නම් මිනිස්සු නිතිය අතට ගන්න එක ගොඩක් අඩුවෙයි.

:       0       5

sandy123Tuesday, 14 May 2019 06:44 AM

උපුටා ගැනීමට තරම් වටිනා අදහස් ගොන්නක්. අන්තවාදීන් අන්තවාදින්මයි. ම්ලේච්ත්වයෙන් උපරිමයට ගිය මේ තිරිසනුන් අයාලේ යන බල්ලන් මෙනි. තවත් අයව සපා කන්න පෙර ඉවරයක් කල යුතුමය.

:       1       82

පෙරෙරා Tuesday, 14 May 2019 05:28 AM

කාගේ හෝ උවමනාවකට සැලසුමකට පැමිණි පරිසක් බව පැහැදිලියි. බල ලොබි හොරෙකු පිටුපසින් සිටිය හැක. එවැනි පිටතින් පැමණෙන පිරිස් බුද්ධිමත්ව හදුනාගන්න.

:       1       745

sarath Tuesday, 14 May 2019 05:40 AM

නාමල් කුමාර කියන මිනිහත් ඉන්නවා මේ තැන් වල ,කොහොමද මේ මනුස්සය ඔතෙන්ට ආවේ, මොකක්ද තියෙන අවශ්‍යතාව ? මේ හරහා තියෙන දේශපාලන හස්තය කුමක් ද? පොලිසියට බැරිවුනේ මොකද වෙඩි තියල දාන්න ?? මුන් තමයි මේ රට ගිනි තියන්නේ..... ඊට පස්සේ ඉන්නේ මොකා උනත් කමක් නැහැ මේ වගේ උන් විනාශ කරලා දාන්න ඕනේ.

:       43       507

NuwanTuesday, 14 May 2019 06:21 AM

කොහේ වෙඩි තියන්නද අනේ? ජනාධිපති ආරක්ෂක උපදේශකට...

:       0       0

Amila Tuesday, 14 May 2019 05:43 AM

මේ ත්‍රස්තවාදීන්ගේ දේපොළ රාජසන්තක කලයුතුයි. ඒවගේම අර බෝම්බ ත්‍රස්තවාදීන් එක්කම එකට එල්ලන්න ඕන ත්‍රස්තවාදීන්ට උදව් කිරීම නිසා.

:       0       44

hira Tuesday, 14 May 2019 05:50 AM

මෙතන අත්අඩංගුවට අරගෙන තියෙන්නේ සිංහල නම් නිතිය ඉතාම තදින් ක්‍රියාත්මක වනු ඇත. වෙන ජාතියකනම් එය බොහෝ දුරට සරල දඩුවමක් වනු ඇත. අපට හැගෙන පරිදි නිතිය ක්‍රියාත්මක වී ඇත්තේ ඒ ආකාරයෙනි.

:       1       36

Sidath Tuesday, 14 May 2019 06:02 AM

ඊනියා වීරයන් සියළු දෙනාහට මෙසේ ලියා දන්වන වගනම්; ඔබගේ අවිචාරවත් ක්‍රියා තුලින් ඔබ... 1. ආරක්ෂක අංශ විසින් කරගෙන යනු ලබන පරීක්ෂණයන්ට හා ආරක්ෂාව නැවත ස්තාපිත කිරීමේ ක්‍රියාවලියට බාධා පමුණුවයි. ඒ මගින් ඔබ ත්‍රස්තවාදීන්ට අනුග්‍රහය දක්වයි. 2. අන්තවාදී මුස්ලිම් ජනයාද ත්‍රස්තවාදීන්ට සමීප කොට, ඔවුන්ගේ ගොඩ ලොකු කිරීමට දායක වනු ඇත. ඒ මගින් ඔබ ත්‍රස්තවාදීන්ට අනුග්‍රහය දක්වයි. 3. රටේ නිතර නිතර ඇඳිරි නීතිය වැටෙන විට, ඒ මගින් ජාත්‍යන්තරයට ලංකාව පිළිබඳ වැරදි චිත්‍රයක් සම්ප්‍රේෂණය වනු ඇත. සංචාරකයන් තව තවත් ලංකාවට පැමිණීම ප්‍රතික්ෂේප කරණු ඇත. ඒ මගින් ඔබ ත්‍රස්තවාදීන්ට අනුග්‍රහය දක්වයි. 4. රටෙහි නැවත යුද්ධයක් ඇතිකිරීමට මාන බලනා පාර්ශවයන්ට හා බලයට කෑදර දේශපාලුවන්ගේ අභිමතාර්ත ඉටු කරදෙනු ඇත.. අවසානයේදී අප සැමගේ රට තවත් සිරියාවක්, ඉරාකයක්, සුඩානයක් වී යනු ඇත. එහෙයින් මොහොතක් හිතන්න. ඔබගේ අසල්වැසියාට එරෙහිව අත එසවීමට පෙර නැවතත් සිතන්න. එ් ඔබ පහර දෙන්නේ ඔබගේ අසල්වැසියාට නොව ඔබගේම දරුවාගේ අනාගතයටයි. මේ අවස්ථාවේ ඔබ කළ යුත්තේ ශරීරයේ ශක්තිය පෙන්වීම නොව මොලයේ බලය පෙන්වීමයි.

:       0       0

nirupa Tuesday, 14 May 2019 06:12 AM

කාගෙවත් කෙහෙල් කඩ කඩලා අපි කොහොමද දිනන්නේ? ඔය ඔක්කොම ඡන්දය නවත්තන්න. අපිට දඬුවම් දෙන්න තියන අයට අපේ ගෙවල්වලට එන්න ඉඩ අරින්න. කලහකාරී වැඩ ක‍රන්න එපා....

:       0       0

Ahmed Tuesday, 14 May 2019 06:14 AM

කඩාකප්පල්කාරී පිරිස විසිරුවා හැරියාම හරිනවද? ඔවුන්ව අත්අඩංගුවට අරගෙන මාසයක් සමාජ සුභසාධනය යොදවන්න ඕනෑ...

:       0       0

dickie bird Tuesday, 14 May 2019 06:21 AM

ජාතියක් ලෙසත්, ත්‍රස්තවාදීන් ලෙසත්, අපේ රටේ ජනයා අපවම සහ අනාගත පරපුරේ අධ්‍යාපනය සහ රටේ දේපල විනාශ කරයි. අපේ සතුරෝ අපිම වෙයි. කිසිදු කල්පනාවක් නැති කාලකන්නි. ගොදුරට පත්වූ අහිංසක මුස්ලිම් ජනතාවගෙන් සමාව අයද සිටිමු.

:       0       0

Lal Tuesday, 14 May 2019 06:41 AM

තේරුම් ගන්න මේ ක්‍රියාත්මකවෙන්නේ සුපුරුදු රාජ්‍ය ත්‍රස්තවාදයයි. මෙහි පිටුපස සිටින අය අපට හිතාගන්න පුළුවන්. මේ මොහොතේ ජනතාව බුද්ධිමත්ව ක්‍රියාකල යුතුයි. කිසිම මුස්ළිම් කෙනෙකුට හෝ ඔවුන්ගේ දේපලවලට හිංසා නොකල යුතුයි.

:       17       153

GayanTuesday, 14 May 2019 07:51 AM

ඔබ ඔයතරම් මෝඩද? රටේ කලබල ඇති කිරීමෙන් වාසි වන්නේ බලයට පැමිණීමට වෙර දරන විපක්ෂයට බව නොවැටහේද? 2015 සිට විපක්ෂයට සම්බන්ධ පිරිස් රටතූල ජාතිවාදය පැතිරවූ අන්දම Facebook බලන විට ඉතා පැහැදිලි ය.

:       331       470

sampath Tuesday, 14 May 2019 06:48 AM

අහිංසක මුස්ලිම් මිනිස්සුන්ට ගහන්න යන්නේ සංවිධානාත්මක කණ්ඩායම් මිසක සාමාන්‍ය සිංහල ජනතාව නෙවි. අනෙක මේ හානිපූර්ණයට යන්නෙත් අපේ සල්ලිමයි. බලලෝභී දේශපාලන කණ්ඩායම්, අන්තවාදීන් සහ සොරුන් සහ මංකොල්ල කරුවන්ගෙන් මුස්ලිම් ජනතාවගේ දේපල ආරක්ෂා කළ යුතුයි. ඒ වගේම මුස්ලිම් අන්තවාදීන්ගෙන් අනෙකුත් සියලුම ජාතීන්ගේ ජීවිත සහ දේපළ සුරක්ෂිත කළ යුතුයි.

:       0       0

chandrasiri. Tuesday, 14 May 2019 07:36 AM

කිසිම මුස්ලිම් ජාතිකයකුගෙ ජීවිත වලට හො දෙපලට හානි කිරීම අනුමත කල නොහැක. ඔවුන් සැම ත්‍රස්තවාදීන් හෝ අන්තවාදී න් නොවේ. මතක තබා ගන්න වෛරයෙන් වෛරය නොසන්සිදෙ.

:       5       121

sirimal Tuesday, 14 May 2019 09:04 AM

ඔතන හිටියා කියලා දැන් අන්තර් ජාලයේ පලවී ඇති වීඩියෝවේ ඉන්න කෙනා තවම අත්අඩංගුවට ගත්තේ නැත්තේ ඇයි? ඒ වගේම සෙනඟ මැද්දේ වයඹ පළාතේ මන්ත්‍රීවරයෙක් දැන් අත්අඩංගුවට පත්වෙලා ඉන්න කාඩ් බෝර්ඩ් වීරයෙක් එක්ක බහින් බස් වෙන පින්තූරයකුත් අපි නං දැක්කා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 958 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1021 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 406 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site