IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


මනිලාල් ප්‍රනාන්දු 6 වැනි දා කෝප් කමිටුවට

(සුජිත් හේවාජුලිගේ )

රුපියල් හය කෝටියකට වැඩි මුදලක් අවභාවිතා කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු සභාපති මනිලාල් ප්‍රනාන්දු මහතා පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට ( කෝප්) ලබන 6 වෙනිදා කැඳවා ඇතැයි එම කමිටුවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පැවසීය.

ඉතාලි පාපන්දු ක්‍රිඩකයන්ගේ සංගමය පරිත්‍යාග කළ රුපියල් ලක්ෂ 60ක මුදලක් හිටපු සභාපති වරයා සිය පෞද්ගලික ගිණුමකට බැර කරගෙන ඇති බවටත් පරිත්‍යාග ලෙස ලැබුණු තවත් රුපියල් පන් කෝටියකට වැඩි මුදලක් අවභාවිතා කර ඇති බවටත් විගණන වාර්තා මගින් තොරතුරු හෙළිවී ඇතැයි ද කෝප් කමිටු සභාපතිවරයා කීය .

මේ දූෂණ වංචා සම්බන්ධයෙන් මනිලාල් ප්‍රනාන්දු මහතාගෙන් දීර්ඝව කරුණු විමසීමට බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කළේය.

මෙයට අමතරව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ වර්තමාන ප්‍රධානීන් ද පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට ලබන 6 වැනිදා කැඳවීමට එම සභාව තීරණය කර ඇත.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ප්‍රධානීන් කෝප් කමිටුව හමුවට ඉකුත් 22 දා කැඳවා තිබුණද වර්තමාන සභාපතිවරයා එම රැස්වීමට පැමිණ සිටියේ නැත.

මේ අතර චිත්‍රපට සංස්ථාවේ ප්‍රධානීන් කෝප් කමිටුව හමුවට ලබන 5 වැනි දා කැඳවීමට නියමිතව තිබුණත් එය පසුවට කල් දමා ඇතැයි එම කමිටු ආරංචි මාර්ග සඳහන් කරයි.

කෝප් කමිටුව ලබන සතියේ දී එක් දිනක් පමණක් රැස් වීමටද තීරණය කර ඇත .

 



අදහස් (3)

මනිලාල් ප්‍රනාන්දු 6 වැනි දා කෝප් කමිටුවට

Baba Irham Thursday, 29 April 2021 02:58 AM

සල්ලි, සල්ලි, ලොකු ලොකු සල්ලි... මෙව්වට වුණේ මොකක්ද මල්ලි..?

:       0       2

wedage Thursday, 29 April 2021 03:44 AM

මෙන්න නියම කෙනෙක්..

:       1       2

samath Thursday, 29 April 2021 10:30 AM

නමත් මනී, වැඩත් මනී.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 136 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site