(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
මීරිගම නගරයේ රූපලාවන්‍යාගාරයකදී ආසාත්මිකතාවක් හේතුවෙන් මනාලියන් දෙදෙනෙකු ඇතුළු 6දෙනෙකු රෝහල් ගතකර ඇතැයි මිරිගම පොලිසිය කියයි.
රූපලාවණ්‍යගාරයේ හිමිකරු, සේවිකාවන් තිදෙනෙකු හා මංගල දිනයේ දෙවැනි දිනය වෙනුවෙන් සැරසෙමින් සිටි මනාලියන් දෙදෙනෙකුට හිසරදයක් ඇති වී සිහිසුන් වී ඇතැයි හෙලිවී ඇත.
විදුලි බලය නොමැති වීම හේතුවෙන් විදුලි උත්පාදක යන්ත්‍රයන ආධාරයෙන් රූපලාවණ්‍යාගාරයේ කටයුතු පවත්වාගෙන යමින් සිටිය දී මෙම සිදුවීම වී ඇතැයි මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇත. එහි වායු සමීකරණ යන්ත්‍ර ද ක්‍රියාත්මකව තිබී ඇති අතර විදුලි ජනක යන්ත්‍රය තිබී ඇත්තේද එම සීමාව ඇතුළත බව හෙළිවූ බව පොලිසිය කියයි.
ඇතුළත තිබූ විදුලි ජනන යන්ත්‍රයෙන් නිකුත්වූ දුම, වායු සමීකරණය මෙන්ම රූපලාවන්‍ය කටයුතු සඳහා භාවිතා කරන රසායන ද්‍රව්‍ය මිශ්‍ර වීම හේතුවෙන් ඇති වූ කිසියම් විස සහිත තත්ත්වයක් මෙම ආසාත්මිකතාවයට හේතු වී ඇතැයි සැක කරන බව මීරිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය. ඔවුනට කාබන් මොනොක්සයිඩ් ආඝ්‍රාණය වී ඇතැයි සැකකරන බව මීරිගම මහජන සෞඛ්‍ය පරීක්ෂක නිශාන්ත සෝමරත්න මහතා සඳහන් කළේය.
සේවිකාවන් හිසරදය පවත්නා බව පැවසීමෙන් පසු ඒ ගැන බැලීමට එහි හිමිකරු පැමිණ ඇතැයි ද මනාළියන් ඇතුළු පිරිස රෝහල් ගත කිරීමේ දී එහි හිමිකරු ද අසනීප තත්වයට පත් වීම හේතුවෙන් රෝහල් ගත කරනු ලැබ ඇතැයි පොලීසිය සඳහන් කරයි.
තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතළ නොවන බවත් අවශ්‍ය වුවහොත් වැඩිදුර ප්‍රතිකාර සඳහා යොමු කරන බවත් මේ පිළිබඳව කළ විමසීමේ දී මීරිගම මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී ජයන්ත අබයරත්න මහතා සඳහන් කළේ ය.
පොලිසිය සඳහන් කළේ මූලික ප්‍රතිකාර ලබා දීමෙන් පසු මනාලියන් දෙදෙනාගේ සැරසීම් කටයුතු කිරීමට හැකියාවක් පැවතිය හැකි බවය. එසේ වුවහොත් අදාල මංගල උත්සව දෙකම කල් දැමීමට සිදුවනු ඇතැයි ද ඇතැයි ද පොලීසිය සඳහන් කළේ ය.
රෝගාතුර වූවන් රෝහල්ගත කිරීමෙන් පසුව ද පොලිසිය හා සෞඛ්‍ය නිලධාරීන්ට අදාල ගොඩනැගිල්ලට ඇතුළුවීමට සෑහෙන වේලාවක් ගත විය.
සිද්ධිය පිළිබඳව මීරිගම පොලිසිය හා මීරිගම මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පරීක්ෂණයක් පවත්වයි.
2025 දෙසැම්බර් මස 18
639
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
307
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මනාලියන් දෙදෙනෙකු ඇතුළු 6ක් රූපලාන්‍යාගාරයකදී සිහිසුන්වී රෝහලේ
සමීර Friday, 15 January 2021 01:36 PM
හිට්ලර්ගේ කාලේ වාහන හදලා තිබුණා... ඒ වාහනෙන්ම පිටවෙන දුමෙන් මිනිස්සු මරන්න පුළුවන් විදිහට. එතැනදී කරන්නේ සීල් කරපු ඒ ලොරියට මිනිස්සු පටවලා දොරවල් වහල දුම් බටේ මිනිස්සු ඉන්න පෙට්ටිය ඇතුළට ගහලා එන්ජිම පණගන්වනවා. එකේ ඇතුලේ ඉන්න ඔක්කෝම මැරෙනවා. වාහන දුම, ජෙනරේටර් දුම අධික විෂ සහිතයි. ඒ නිසා ගෙවල්, ආයතන, වෙළඳසල් ඇතුලේ කිසිසේත්ම පාවිච්චි නොකළ යුතුයි. ජෙනරේටර් එක පිටතින් තියලා දුම ඇතුළට නොඑන විදිහට භාවිතා කරන්න ඕනෑ...
wasantha Friday, 15 January 2021 02:13 PM
විදුලි බලය ගැනීමට විදුලි ජනක යන්ත්‍ර භාවිතා කරන හැම රටකම මෙය නිතර සිදුවේ. කාබන් මොනොක්සයිඩ් විෂවීම මෙයට හේතුවයි. ජනක යන්ත්‍රය ගෙදරින් පිට එක්තරා දුරකින් තැබීම මෙයට විසඳුමයි. ජීවිත හානියක් නොවීම ගැන සතුටුවන්න.
MD Saturday, 16 January 2021 01:42 AM
වසර කිහිපයකට පෙර නුවරඑළිය ගිය තරුණ ජෝඩු ටිකක් මත්වවතුර බී බාබකියු දාලා ඉවරවෙලා සීතලට ඔරොත්තු දෙන්න ඵක ජෝඩුවක් බාබකියු ප්ලේට් එක අඟුරු සමග කාමරය ඇතුළත තියාගෙන ඉඳලා ඵළිවෙනකන් දන්නේම නැතුව කාමරයේ දුමපිරිලා හුස්ම ගන්න බැරිව මියගියා. කණගාටුයි...
CHULA, KUWAIT Saturday, 16 January 2021 04:52 AM
භූමිතෙල් වලින් මේ ප්‍රශ්නය තවත් බරපතල වෙනවා. භුමිතෙල් දහනයෙන් පිටවන් දුමේ ඉතා විශාල වශයෙන් කාබන් මොනොක්සයිඩ් අඩංගු වෙනවා...