
(ක.ග කරුණාරත්න)
මනම්පිටිය වැලි සමාගමේ දූෂණ අක්‍රමිකතාවලට එරෙහිව මනම්පිටිය පාලම අසළ මහවැලි ගඟේ වැලි ගොඩ දමන කම්කරුවෝ අද(15) පොළොන්නරුව කදුරුවෙල නගරයේදී උද්ඝෝෂණයෙක නිරත වූහ.
කම්කරු අයිතීන් උල්ලංඝනය කරමින් කටයුතු කරන වැලි සමාගම මහවැලි ගඟේ වැලි සම්පත සූරාකමින් අධික ලෙස ලාභ උපයන බවත් එයින් වැලි ගොඩදමන කම්කරුවන්ට ගෙවනු ලබන්නේ සොච්චම් මුදලක් බවද පෙන්වා දුන්හ.
මහවැලි ගඟේ දියයට කිමිදීවැලි ගොඩට ගෙන ඒම වැනි ඉතාමත් අවදානම් රැකියාවක යෙදෙන තමන්ට හිමි සේවක අයිතීන් ලබා දෙන ලෙසට වැලි සමාගමේ පාලන අධිකාරියට සේවක වෘත්තීය සමිති විසින් බල කරන විට වැලි සමාගම ඊට ප්‍රතික්‍රියා දක්වන්නේ මැරයන් ලවා අමානුෂික ප්‍රහාර එල්ලකර ශාරීරික පීඩාවන්ට ලක්කිරීමෙන් යැයිද එම සේවකයෝ කීහ.
අඩුම තරමින් සේවක අර්ථ සාධක අරමුදලේ දායකත්වය පවා තමන්ට නොමැති බවද වෙනත් පාරිතෝෂික දීමනා සමාගම මගින් තමන්ට නොගෙවන බවද වැඩිදුරටත් කියා සිටිති.
එම නිසා තැරැව්කරුවන් ගෙන් තොරව තම රැකියාව නිදහසේ කරගෙන යාමට අවස්ථාව සළසා දෙනලෙස එම කම්කරුවෝ රජයෙන් ඉල්ලා සිටියහ.
ඒ සඳහා වැලි ගොඩ දැමීම සම්බන්‍ධයෙන් වැලි සමාගම විසින් පවත්වාගෙන යන ඒකාධිකාරය වෙනුවට රජයේ ආයතනයක් වන දිඹුලාගල ප්‍රාදේශීය සභාව යටතට මනම්පිටිය වැලි තොටුපලේ පාලනය පවරා දෙන ලෙස රජයට යෝජනා කරන බවද උද්ඝෝෂණකරුවෝ කියා සිටියහ.
කදුරුවෙල දුම්රිය පොළ ඉදිරිපිට පැවැති මෙම උද්ඝෝෂණය මනම්පිටි ඒකාබද්ධ වැලි සේවක සංගමය මගින් සංවිධානය කර තිබුණි.


2025 දෙසැම්බර් මස 18
644
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
308
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මනම්පිටියේ වැලිගොඩ දමන්නෝ උද්ඝෝෂණයක