IMG-LOGO

2025 දෙසැම්බර් මස 02 වන අඟහරුවාදා


මනාප අංක සහිත පත්‍රිකා බෙදමින් සිටියදී අත්අඩංගුවට


පස්වරු - 2.45 ට

(බිමල් ෂ්‍යාමන් ජයසිංහ) 

සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් අපේක්ෂක  කිත්සිරි කහටපිටිය මහතාට ඡන්දය ලබාදෙන ලෙස ඉල්ලමින් ඔහුගේ රුව සහ අංකය සදහන්  කුඩා කාඩ්පත්  බෙදා යමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු බුලත්සිංහල ගලහේන හන්දියේ දී  කැබ් රථයක් සමඟ අත්අඩංගුවට ගත් බව බුලත්සිංහල  පොලිසිය කියයි.

එම කැබ් රථය තුළ තිබී කුඩා කාඩ්පත් තොගයක්  පොලිස් බාරයට ගෙන ඇත.


ප්‍රචාරක පත්‍රිකා මහ මග තැන තැන දමා යමින් සිටි 4ක් දැලේ

(ප.ව.3.13ට)


(බිමල් ෂ්‍යාමන් ජයසිංහ)

කැබ් රථයකින් සැරිසරමින් අපේක්ෂකයකුගේ රුව සහ අංකය සඳහන් කුඩා පත්‍රිකා මාර්ගයේ තැනින් තැන දමා යමින් සිටි පුද්ගලයන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගත් බව කළුතර උතුර පොලිසිය කියයි.
     
එම සැකකරුවන් සමග අපේක්ෂකයාගේ රුව සහිත ස්ටිකර් 42 ක්, පෝස්ටර් 1872 ක්, අත් පළඳනා 3ක් හා කුඩා කාඩ්පත් 836 ක් පොලිස් භාරයට ගත් බව පොලිස් නිලධාරීයෙක් පැවසීය.


මුලතිව්හි මාර්ගවල අපේක්ෂකයන්ගේ අංක-පක්ෂ සලකුණු ඇඳලා

(ප.ව. 4.28)

(සිතුම් චතුරංග)
 
මුලතිව් , මුල්ලියාවේලි ප්‍රදේශයේ මාර්ගවල තීන්ත යොදා අපේක්ෂකයින්ගේ මනාප අංක හා පක්ෂවල ලකුණු ඇඳි පුද්ගලයින් තිදෙනකු පෝස්ටර් තොගයක් සමඟ අද(05) අත්අඩංගුවටගත් බව මුල්ලියාවේලි පොලිසිය කියයි.
 
සැකකරුවෝ මුලතිව් ඔඩ්ඩුසුඩාන් හා  මල්ලාවි ප්‍රදේශයේ පදිංචි අවුරුදු 41 ත් 25ත් අතර වයසේ පසුවන්නෝ වෙති.
 
මැතිවරණ කාර්යාලය වෙත ලැබුණ පැමිණිල්ලක් මත පොලිසිය කළ වැටලීමකදී සැකකරුවන් හා පෝස්ටර් 956 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් පැමිණි මෝටර් රථයක්ද පොලිස් භාරයට ගෙන තිබේ.
 
අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙමළ මාර්ගවල අපේක්ෂකයින්ගේ ලකුණ හා අංක සිතුවම් ඇඳීමට යොදාගත් තීන්ත තොගයක්ද පොලිසිය බාරයට ගෙන තිබේ. පොලිසිය පැවසූයේ අත්අඩංගුවට ගත් පිරිස ප්‍රදේශයේ ඡන්ද මධ්‍යස්ථාන අසළ මනාප අංක හා ලකුණ සිතුවම් කිරීමට පැමිණ ඇති බවය.
 
අත්අඩංගුවට ගත් සැකකරුවන් මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර මුල්ලියාවේලි පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.



අදහස් (0)

මනාප අංක සහිත පත්‍රිකා බෙදමින් සිටියදී අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 254 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 304 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1222 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site