
(අතුල බණ්ඩාර සහ දයාරත්න ඇඹෝගම)
මින්නේරිය යුද හමුදා කඳවුර ඉදිරිපිට සවිකර තිබෙන රාජ්‍ය බැංකුවකට අයත් ඒ.ටී.එම් යන්ත්‍රය කඩා රුපියල් ලක්ෂ 76ක් පැහැරගත් බව කියන පුද්ගලයා හලාවත පල්ලම දී අද අත්අඩංගුවට ගත් බව අනුරාධපුර පොලිසිය කියයි.
සැකකරු පැහැරගත් මුදල්වලින් ලබාගත් කුඩා ලොරි රථයක්, අධිවේගි යතුරු පැදියක්, වටිනා ජංගම දුරකතනයක්, ඇතුළු දෑ පොලිස් බාරයට ගෙන ඇත.
බැංකුවල ඒ.ටී.එම්. යන්ත්‍රවලට මුදල් රැගෙන යන පෞද්ගලික සමාගමක රියැදුරකු වශයෙන් කටයුතු කර ඇති සැකකරු මුදල් වංචාවක් මත වැඩ තහනමට ලක් වූ පුද්ගලයෙකි.
මෙම කොල්ලය සඳහා යොදා ගත් කුලී පදනම මත ලබාගත් ලොරි රථයේ හිමිකරු හඳුනා ගැනීමෙන් පසු සිදු කළ මූලික විමර්ශනවලින් පසුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිස් විශේෂ කාර්යයේ වැඩක්...