(නිමන්ති රණසිංහ සහ ශාන්ත රත්නායක)
පුද්ගලයකු පොලිස් අත්අඩංගුවෙන් පැහැරගෙන ගොස් අතුරුදන් කළැයි කියන සිද්ධියකට සැකපිට අත්අඩංගුවට ගත් මන්නාරම සහකාර පොලිස් අධිකාරී උපුල් අලවත්ත මහතා ලබන 11 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කැස්බෑව මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා අද(02) නියෝග කළේය.
පිඟන් සංස්ථාවේ හිටපු සභාපතිවරයකුව සිටි මාකවිට ගමගේ දොන් හැරී යන අයගේ නිවසේ සේවකයකු වශයෙන් සිටි අජිත් සුනන්ද කන්ඩම්බි නැමැත්තා ඉකුත් 2008 වර්ෂයේ දෙසැම්බර් මස 31 වැනිදා පිලියන්දල පොලිසියේ අත්අඩංගුවේ සිටියදී පැහැරගෙන ගොස් අතුරුදන් කළැයි කියන සිද්ධියට අදාළව මෙම සහකාර පොලිස් අධිකාරීවරයා අත්අඩංගුවට ගෙන ඇති බවත් එවකට මෙම නිලධාරියා පිළියන්දල පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස සේවය කර ඇති බවත් රහස් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.
මෙම සිද්ධියට අදාළව පොලිස් සැරයන්වරු දෙදෙනෙක් සහ පොලිස් කොස්තාපල්වරයෙක් ඇප පිට සිටිති.
ඡායාරූප - ශාන්ත රත්නායක



2025 නොවැම්බර් මස 04
356
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2155
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1634
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මන්නාරම සහකාර පොලිස් අධිකාරී රිමාන්ඩ්
Mahee Tuesday, 02 April 2019 09:11 AM
හොඳ පොලිස් ප්‍රධානීන් යටතට සීඅයිඩීය පත්වී තිබීම සතුටක්. ශානි අබේසේකර මහතාට සුබ පැතුම්!