(අංජුල මහික වීරරත්න)
තිහක පමණ පොලිස් කණ්ඩායමක් අද (17) දහවල් හදිසියේ තම වත්තල නිවසට පැමිණ මද වේලාවක් රැඳී සිට හදිසියේම යළි පිටව ගිය බව සමගි ජන ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.
එම පොලිස් කණ්ඩායමෙි නිල ඇඳුම් සහ සාමාන්‍ය ඇඳුමින් සැරසුණු අය ද සිටි බව හරීන් ප්‍රනාන්දු මහතා කීය.
යම් කණ්ඩායමක් නිවස අසල සිටින බව සී.සී.ටී.වී කැමරා වලින් වලින් දැක ඒ පිළිබඳව විමසිලිමත් වීමෙි දී පොලිස් රථ හතරක් එහි නවතා තිබුණු බවත් තමා එළියට ගොස් ඔවුනට ගෙට එන්නැයි ආරාධනා කළ බවත් හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.
තම නිවසේ රැස්වීමක් පවත්වනවා යැයි කිසිවෙකු හෝ දුන් ඇමතුමකට නොමග ගොස් පොලිසිය මෙහි එන්නට ඇතැයි සිතෙන බව කී හරින් ප්‍රනාන්දු මහතා තමා අත්අඩංගුවට ගැනීම සඳහා කිසිවෙකුගේ හෝ බලපෑමකට පොලිසිය මෙහි ආවාදැයි සැකයක් පවතින බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
තම නිවසට පැමිණි පොලිස් කණ්ඩායමේ ප්‍රධානියා ට එක්වරම දුරකථන ඇමතුමක් පැමිණි බවත් අනතුරුව පොලිසිය නිවසින් පිටව ගිය බවත් හරීන් ප්‍රනාන්දු මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාස්කු ප්‍රහාරයට කලින් තාත්තා කිව්ව දේ මේවගේ මාධ්‍යයට කියලා තිබ්බා නම් අදත් ඩිජිටල් ඇමති....
ගණන් කරන්න අයෙත් ඉගෙන ගන්න වෙයි... අපිට නම් පේන්නේ 10 ක් විතරයි.
ඔය දුන්නේ අනතුරු ඇඟවීමක්... කට පරිස්සම් කර ගත්තොත් හොඳයි නේද?